ශු. ලූක් Chapter 19

For English

Read ශු. ලූක් Chapter 19 Online

Read ශු. ලූක් Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ශු. ලූක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. ලූක් and the Holy Bible online.

Choose a Chapter

ශු. ලූක් 19

පරිච්ඡේදය 19

1. උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී,

2. සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්,

3. යේසුස්වහන්සේ කවුද කියා බලන්ට සෙවීය; නුමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකිවිය.

4. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය.

5. යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක.

6. ඔහු වහාම බැස ඇවිත්, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය.

7. ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.

8. සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.

9. යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය.

10. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.

11. මෙසේ කාරණා ඔවුන් ඇසූ කල, උන්වහන්සේ යෙරුසලමට සමීපව සිටි බැවින්ද, දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේයයි ඔවුන් සිතූ බැවින්ද, උන්වහන්සේ තව දුරටත් උපමාවක් කීසේක.

12. එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය.

13. ඔහු තමාගේ දාසයන් දසදෙනෙකුට අඬගසා, ඔවුන්ට* පවුම් දසයක් දී: මා එන තෙක් මෙයින් වෙළඳාම්කරන්නැයි කීවේය. (* මෙහි පවුමක් රුපියල්

50. ක් පමණය.)

14. එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.

15. තවද ඔහු රාජ්‍යය ලබාගෙන ඇවිත්, තමා විසින් මිල දුන් දාසයෝ වෙළඳාමෙන් කොපමණ උපදවාගත්තෝදැයි දැනගන්නා පිණිස ඔවුන් තමා ළඟට කැඳවන්ට අණකළේය.

16. එවිට පළමුවෙනියා ඔහු ඉදිරියට ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන් පවුම් දසයක් ඉපදවීමියි කීවේය.

17. ඔහුද: ඉතා හොඳය, යහපත්වූ දාසය. නුඹ ඉතා ස්වල්පයක් ගැන විශ්වාසවූ බැවින් නුවරවල් දසයක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය.

18. දෙවෙනියාද ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන් පවුම් පහක් ඉපදවීමියි කීවේය.

19. එවිට ඔහු: නුඹත් නුවරවල් පහක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය.

20. තවත් එක්කෙනෙක් ඇවිත්: ස්වාමීනි, මෙන්න, ඔබගේ පවුම! එය රෙදිකඩක ඔතා තැබීමි.

21. මක්නිසාද ඔබ නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙකු බැවින්, ඔබට භයවූයෙමියි කීවේය.

22. එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;

23. එසේ නම් මා ආ කල්හි පොළිත් සමඟ අයකරගන්න පිණිස මාගේ මුදල බැංකුවට නුදුන්නේ මක්නිසාද කියා,

24. ළඟ සිටියවුන්ට කථාකොට: පවුම ඔහුගෙන් රැගෙන පවුම් දසය ඇත්තාට දෙන්නැයි කීවේය.

25. එවිට ඔව්හු: ස්වාමීනි, ඔහුට පවුම් දසයක් ඇත්තේයයි කීවෝය.

26. ඇත්තාවූ සියල්ලන්ට දෙනු ලැබේ; නැති අයගෙන් ඔහුට ඇති දේත් පැහැරගනු ලැබේයයි නුඹලාට කියමි.

27. එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.

28. උන්වහන්සේ මෙසේ කියා යෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව ගියසේක.

29. තවද උන්වහන්සේ ඔලීව නම්වූ කන්ද ළඟ බෙත්පාගයටද බෙතානියටද සමීපවූ කල, තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්:

30. නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුල්වූවිට, කිසි කලෙක මනුෂ්‍යයෙකු නොනැගුණාවූ කොටළු පැටවකු එහි බැඳ සිටිනවා නුඹලාට සම්බවන්නේය. ඌ ලිහා ගෙනෙන්න.

31. ඌ ලිහන්නේ මක්නිසාදැයි යමෙක් නුඹලාගෙන් ඇසුවොත්, ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි කියන්නැයි කීසේක.

32. යවනු ලැබුවෝ ගොස්, උන්වහන්සේ ඔවුන්ට කී ලෙසම දුටුවෝය.

33. ඔවුන් කොටළුපැටවා ලිහන කල ඌ අයිතිකාරයෝ: නුඹලා කොටළුපැටවා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ට කීවෝය.

34. ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි ඔව්හු කීවෝය.

35. ඔව්හු කොළුපැටවා උන්වහන්සේ ළඟට ගෙනැවිත්, තමුන්ගේ වස්ත්‍ර ඌ පිට අතුරා, යේසුස්වහන්සේ ඒ පිට හිඳෙවුවෝය.

36. උන්වහන්සේ යද්දී ඔව්හු තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය.

37. උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන:

38. ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශීර්වාදලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උස්තැන්හි මහිමයද වේවයි කීවෝය.

39. එවිට සමූහයා අතරෙන් සමහර ඵරිසිවරු: ආචාරිනි, ඔබගේ ගෝලයන්ට තරවටුකළ මැනවයි උන්වහන්සේට කීවෝය.

40. උන්වහන්සේ උත්තරදෙමින්: ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි කීසේක.

41. උන්වහන්සේ ළංවී, නුවර දැක, ඒ ගැන හඬමින්

42. අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ.

43. නුඹ විමසා බලන කාලය නුඹ නොදැන සිටි බැවින්, නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස්වැටියක් නගා, නුඹ වටකොට, සියලු දිසාවෙන්ම නුඹ කොටුකරගෙන,

44. නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.

45. උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, විකුණන්නන් බැහැරකරන්ට පටන්ගෙන:

46. මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් වන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කර තිබේයයි ඔවුන්ට කීසේක.

47. උන්වහන්සේ දවස්පතා දේවමාළිගාවේ ඉගැන්වූසේක. නුමුත් නායක පූජකයෝද ලියන්නෝද සෙනඟගේ ප්‍රධානීහුද උන්වහන්සේ නසන්ට සෙවුවෝය.

48. මුළු සෙනඟ උන්වහන්සේගේ වචන ඇලුම්කමින් ඇසූ බැවින්, උන්වහන්සේට කිසිවක් කරන්ට ඔවුන්ට නොලැබුණේය.

About ශු. ලූක් Chapter 19

Read ශු. ලූක් Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ශු. ලූක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. ලූක්
Chapter: 19
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. ලූක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. ලූක් Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. ලූක් Chapter 19?

ශු. ලූක් Chapter 19 is part of the Book of ශු. ලූක් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. ලූක් Chapter 19 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from ශු.-ලූක්

  1. ශු. ලූක් Chapter 18
  2. ශු. ලූක් Chapter 14
  3. ශු. ලූක් Chapter 5
  4. ශු. ලූක් Chapter 15
  5. ශු. ලූක් Chapter 17
  6. ශු. ලූක් Chapter 3
  7. ශු. ලූක් Chapter 8

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 9
  2. හිතෝපදේශ Chapter 16
  3. ගීතාවලිය Chapter 53
  4. ගීතාවලිය Chapter 17
  5. යෙරෙමියා Chapter 6
  6. යෙරෙමියා Chapter 44
  7. ශු. යොහන් Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *