ක්රිරයා Chapter 25

For English

Read ක්රිරයා Chapter 25 Online

Read ක්රිරයා Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ක්රිරයා and the Holy Bible online.

Choose a Chapter

ක්රිරයා 25

පරිච්ඡේදය 25

1. මෙසේ පෙස්තුස් තෙමේ ඒ පළාතට පැමිණි කල තුන් දවසකට පසු කායිසාරියේ සිට යෙරුසලමට ගියේය.

2. නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ ප්‍රධානීහුද පාවුල්ට විරුද්ධව පෙස්තුස්ට දැනුම්දී,

3. ඔවුන්ට කරුණාවක් වශයෙන් ඔහු යෙරුසලමට යවන ලෙස පෙස්තුස්ගෙන් ඉල්ලුවෝය. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැකසිට ඔහුව මරන පිණිසය.

4. නුමුත් පෙස්තුස් උත්තරදෙමින්: පාවුල් කායිසාරියෙහි හිරබාරේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්ට ඉන්න බවත් කීවේය.

5. එහෙයින් නුඹලා අතරෙහි වැදගත් අය මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් දෝෂයක් ඇත්නම් ඔහුට වරද තබත්වයි කීවේය.

6. ඔහු ඔවුන් අතරෙහි දවස් අටකට නොහොත් දහයකට වඩා ප්‍රමාද නොවී කායිසාරියට ගොස්, පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුල් ගෙනෙන්ට අණකෙළේය.

7. ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.

8. පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමියි කීවේය.

9. නුමුත් පෙස්තුස් යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල්ට උත්තරදෙමින්: නුඹ යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන මා ඉදිරියෙහි විනිශ්චයකරනු ලබන්ට කැමැත්තෙහිදැයි ඇසුවේය.

10. නුමුත් පාවුල්: මම කායිසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මෙහිදී මා විනිශ්චයකරන්ට යුතුය. යුදෙව්වරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත, ඒ බව ඔබටත් හොඳාකාර පෙනීයන්නේය.

11. ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු කිසිවක් කෙළෙම් නම්, මරණය නොලබන ලෙසට නොඉල්ලමි. නුමුත් මොවුන් මට තබන වරදවලින් එකක්වත් සැබෑ නොවේ නම්, මා ඔවුන්ට පාවාදෙන්ට කිසිවෙකුට බැරිය. මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමියී කීවේය.

12. එවිට පෙස්තුස් මන්ත්‍රණ සභාව සමඟ කථාකොට: නුඹ කායිසර්ගේ විනිශ්චය ඉල්ලුවෙහිය. කායිසර් ළඟට යන්නෙහියයි උත්තරදුන්නේය.

13. කීප දවසකට පසු අග්‍රිපා රජද බර්නීකිද කායිසාරියට ඇවිත් පෙස්තුස්ට ආචාරකළෝය.

14. ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටියදී පෙස්තුස් පාවුල්ගේ කාරණය රජුට දන්වමින්: පීලික්ස් නිදහස් නොකර ගිය එක් හිරකාරයෙක් සිටියි.

15. මා යෙරුසලමට ගිය විට නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු ගැන මට දන්වමින්, ඔහුට විරුද්ධව විනිශ්චය ඉල්ලුවෝය.

16. මම ඔවුන්ට උත්තරදෙමින්: යම් වරද තබනු ලැබූවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේයයි කීවෙමි.

17. එහෙයින් ඔවුන් මෙහි රැස්වූ කල, මම ප්‍රමාදයක් නොකොට පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මනුෂ්‍යයා ගෙනෙන්ට අණකෙළෙමි.

18. වරද තබන්නන් නැගිට සිටි විට මා සිතූ දේවල් ගැන කිසි වරදක් නොතබා,

19. තමුන්ගේ ආගම ගැනද ජීවත්ව සිටිනසේකැයි පාවුල් කියා සිටි යේසුස් නම් මළාවූ කෙනෙකු ගැනද ඔහුට විරුද්ධව සමහර වාද කාරණා ඔවුන්ට තිබුණේය.

20. මේ දේවල් ගැන විභාගකරන්නේ කෙසේදැයි වියවුල්වූ මම වනාහි, ඔහු යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන විනිශ්චයකරනු ලබන්ට කැමතිදැයි ඔහුගෙන් ඇසුවෙමි.

21. නුමුත් අධිරාජතුමාගේ තීරණයට නඩුව නවත්වාගන්න මෙන් පාවුල් ඉල්ලූ කල, ඔහු කායිසර් ළඟට යවන තුරු රැකවල්කර තබන්ට මම අණකෙළෙමියි කීවේය.

22. එවිට අග්‍රිපා: මමත් ඒ මනුෂ්‍යයා කථාකරනවා අසන්ට කැමැත්තෙමියි පෙස්තුස්ට කීවේය. හෙට ඔබට අසන්ට ලැබේයයි ඔහු කීවේය.

23. එසේ පසුවදා අග්‍රිපාද බර්නීකිද මහත් පෙරහැරකින් ඇවිත් ප්‍රධාන සේනාපතීන් සහ නුවර ප්‍රධාන මනුෂ්‍යයන් සමඟ නඩුශාලාවට පැමිණි කල, පෙස්තුස්ගේ ආඥාවෙන් පාවුල් ගෙන්වන ලද්දේය.

24. පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.

25. නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.

26. ඔහු ගැන මාගේ ස්වාමීන්ට ලියා ඇරීමට යමක් මට ලැබෙන පිණිස නුඹලා ඉදිරියටද ප්‍රධානකොට, අග්‍රිපා රජ්ජුරුවනි, ඔබ ඉදිරියටද ඔහු ගෙනාවෙමි.

27. මක්නිසාද හිරකාරයාට විරුද්ධව ගෙනා පැමිණිලි නොදන්වා ඔහු යැවීම අනුවණ දෙයක් බව මට පෙනේයයි කීවේය.

About ක්රිරයා Chapter 25

Read ක්රිරයා Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ක්රිරයා
Chapter: 25
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ක්රිරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ක්රිරයා Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ක්රිරයා Chapter 25?

ක්රිරයා Chapter 25 is part of the Book of ක්රිරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ක්රිරයා Chapter 25 online for free with easy chapter navigation.

More Chapters from ක්රිරයා

  1. ක්රිරයා Chapter 17
  2. ක්රිරයා Chapter 26
  3. ක්රිරයා Chapter 6
  4. ක්රිරයා Chapter 1
  5. ක්රිරයා Chapter 28
  6. ක්රිරයා Chapter 20
  7. ක්රිරයා Chapter 12

Explore More from නව ගිවිසුම

  1. ශු. මාර්ක් Chapter 16
  2. ශු. මතෙව් Chapter 3
  3. ශු. යොහන් Chapter 10
  4. ශු. මතෙව් Chapter 1
  5. හෙබ්රෙනව් Chapter 11
  6. 2 පේතෘස් Chapter 2
  7. ශු. මාර්ක් Chapter 5

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 47
  2. රෝම Chapter 5
  3. 2 සාමුවෙල් Chapter 4
  4. උත්පත්ති Chapter 15
  5. ගණන් කථාව Chapter 29
  6. ද්වීතීය කථාව Chapter 15
  7. එළිදරව් Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *