Read ක්රිරයා Chapter 21 Online
Read ක්රිරයා Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ක්රිරයා and the Holy Bible online.
Choose a Chapter
ක්රිරයා 21
පරිච්ඡේදය 21
1. අපි ඔවුන්ගෙන් වෙන්ව නැවෙන් පිටත්වී කෙලින්ම ගොස්, කෝස්ටද පසුවදා රෝදස්ටද, එතැනින් පතරටද ආවෙමුව.
2. එහිදී පෙනීකියට යන්නාවූ නැවක් සම්බව එහි නැගී පිටත්වුණෙමුව.
3. අපට කුප්‍රස පෙනුණු විට ඒක වමට හැර සිරියාවට ගොස්, තීර්හිදී ගොඩබැස්සෙමුව. මක්නිසාද එහි බඩු ගොඩබාන්ට තිබුණේය.
4. ගෝලයන් සොයාගෙන එහි සත් දවසක් සිටියෙමුව. යෙරුසලමට යන්ට එපායයි ඔව්හු ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන පාවුල්ට කීවෝය.
5. නුමුත් ඒ දවස් ගතවූ විට පිටත්ව අපේ ගමන ගියෙමුව; අප නුවරින් පිටවන තුරු ඔව්හු සියල්ලෝ තමුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ අප කැටුව ආවෝය. අපි වෙරළෙහි දණින් හිඳ යාච්ඤාකොට,
6. එකිනෙකාට ශුභාචාරකොට, නැවට නැගුණෙමුව, නුමුත් ඔව්හු තමුන්ගේ නිවාසවලට හැරී ගියෝය.
7. අපි තීර් සිට විත් අපේ මුහුදු ගමන නිමකොට තොලිමයිසට පැමිණියෙමුව; එහිදී සහෝදරයන්ට ආචාරකොට ඔවුන් සමඟ දවසක් නැවතී සිටියෙමුව.
8. පසුවදා අපි පිටත්ව කායිසාරියට ඇවිත්, සත්දෙනාගෙන් එක්කෙනෙක්වූ එවැන්ජලිස්ත පිලිප්ගේ ගෙට පැමිණ ඔහු සමඟ නැවතී සිටියෙමුව.
9. ප්‍රොපේතවාක්‍ය කියන්නාවූ කන්‍යා දූවරු සතරදෙනෙක් ඔහුට සිටියෝය.
10. බොහෝ දවස් අප එහි නැවතුණු අතර, අගබස් නම් එක් අනාගතවක්තෘ කෙනෙක් යුදයෙන් ඇවිත්,
11. අප වෙතට පැමිණ පාවුල්ගේ ඉඟපටිය රැගෙන තමාගේම අත්පා බැඳගන: යුදෙව්වරු මේ ඉඟපටිය අයිතිවූ මනුෂ්‍යයා යෙරුසලමේදී මේ ආකාරයෙන් බැඳ අන්‍යජාතීන්ගේ අත්වලට පාවාදෙන්නෝයයි ශුද්ධාත්මයාණන්වහන්සේ කියනසේකැයි කීවේය.
12. අප මේ දේ ඇසූ කල, අප සහ ඒ ස්ථානයේ වැසියෝ, යෙරුසලමට නොයන ලෙස ඔහුගෙන් උදක්ම ඉල්ලුවෝය.
13. එවිට පාවුල් උත්තරදෙමින්: නුඹලා කුමක් කරනවාද? අඬා මාගේ හිත පළන්නේ මක්නිසාද? මම යෙරුසලමේදී ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ට පමණක් නොව මැරෙන්ටත් සූදානම්ව සිටිමියි කීවේය.
14. ඔහු එකඟ නුවූකල: ස්වාමීන්වහන්සේගේ කැමැත්ත වේවයි කියමින් අපි නැවතුණෙමුව.
15. ඒ දවස්වලට පසු අපි බඩුබාහිරාදිය රැගෙන යෙරුසලමට ගියෙමුව.
16. ගෝලයන්ගෙන් සමහරෙක්ද කායිසාරියෙන් අප සමඟ ඇවිත්, බොහෝ කලක පටන් ගෝලයෙක්ව සිටියාවූ මිනාසොන් නම්වූ කුප්‍රසේ කෙනෙකු වෙත නවාතැන්ගන්ට අප කැඳවාගෙන ගියෝය.
17. අප යෙරුසලමට ආ කල සහෝදරයෝ සන්තෝෂයෙන් අප පිළිගත්තෝය.
18. පසුවදා පාවුල් අප සමඟ යාකොබ් වෙතට ගියේය; සියලු වැඩිමහල්ලෝද එහි සිටියෝය.
19. ඔහු ඔවුන්ට ආචාරකොට, තමාගේ මෙහෙයෙන් දෙවියන්වහන්සේ අන්‍යජාතීන් අතරෙහි කෙරෙවුවාවූ කාරණා එකක් එකක් පාසා කියාදුන්නේය.
20. ඔව්හු ඒ අසා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය; තවද ඔව්හු ඔහුට කථාකොට: සහෝදරය, අදහාගත්තවුන් අතරේ යුදෙව්වරු කොපමණ දහස් ගණන් සිටිත්ද කියා නුඹට පෙනෙන්නේය; ඔවුන් සියල්ලෝ ව්‍යවස්ථාව ගැන ජ්වලිතව සිටිති.
21. නුඹ අන්‍යජාතීන් අතරේ සියලු යුදෙව්වරුන්ට, තමුන්ගේ දරුවන් චර්මඡේද්‍යකරන්ටවත් නියෝග පවත්වන්ටවත් එපාය කියමින් මෝසෙස් අත්හරින්ට උගන්වනවායයි නුඹ ගැන ඔවුන්ට දැනුම්දී තිබේ.
22. එහෙයින් කුමක් කටයුතුද? නුඹ ඇවිත් සිටින බව නිසැකවම ඔවුන් දැනගන්නවා ඇත.
23. එබැවින් අප විසින් නුඹට කියන දේ කරන්න. බාරයක් වුණාවූ මනුෂ්‍යයෝ සතරදෙනෙක් අප අතරේ සිටිති;
24. ඔවුන් රැගෙන නුඹද ඔවුන් සමඟ පවිත්‍රව, ඔවුන්ගේ හිස් මුඩුකරන්ට වියදම දරන්න. එවිට නුඹ ගැන තමුන්ට ආරංචිවූ කාරණාවලින් එකක්වත් සැබෑ නොවන බවත් නුඹම ව්‍යවස්ථාව රක්ෂාකරමින් හැසිරෙන බවත් සියල්ලන්ම දැනගන්නවා ඇත.
25. නුමුත් අදහාගන සිටින අන්‍යජාතීන් ගැන නම්, ඔවුන් රූපවලට පුදනලද දෙයින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද වැලකී සිටින ලෙස අපිම නියම කර ලියා ඇරියෙමුයයි කීවෝය.
26. එවිට පාවුල් ඒ මනුෂ්‍යයන් රැගෙන, පසුවදා ඔවුන් සමඟ පවිත්‍ර වී දේවමාළිගාවට පැමිණ, ඔවුන් එකිනෙකා උදෙසා පූජාවක් ඔප්පුකරන තුරු පවිත්‍රවීමේ දවස් සම්පූර්ණකරන බව දැන්නුවේය.
27. ඒ දවස් සත සම්පූර්ණවෙන්ට ළංවූ කල ආසියාවෙන් ආවාවූ යුදෙව්වරු දේවමාළිගාවේදී ඔහු දැක, මුළු සමූහයා කලඹා, ඔහු පිට අත් හෙළා: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, උපකාරකරන්න.
28. සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය.
29. මක්නිසාද එපීසියවූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනවා ඔවුන් පළමුවෙන් දැක තිබුණු බැවින්, පාවුල් ඔහු දේවමාළිගාවට කැඳවාගෙන ගියේයයි ඔව්හු සිතුවෝය.
30. එවිට මුළු නුවර කැලඹී සෙනඟ එකට දුවගන ඇවිත් පාවුල් අල්ලාගෙන මාළිගාවෙන් පිටතට ඇද්දෝය. එකෙණෙහිම දොරවල් වසනලද්දේය.
31. ඔවුන් ඔහු මරන්ට උත්සාහකරමින් සිටින අතර මුළු යෙරුසලම වියවුල්වීයයි හේවා සමුදාවේ අධිපතියාට දන්වනලද්දේය.
32. ඔහු එවේලේම හේවායන්ද සියයකට මුලාදෑනීන්ද රැගෙන ඔවුන් වෙතට දිවුවේය. ඔව්හු අධිපතියා සහ හේවායන් දැක, පාවුල්ට තැළීමෙන් නැවතුණෝය.
33. එවිට අධිපතියා ළංවී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්ට අණකොට: මොහු කවුද? කුමක් කෙළේදැයි විචාළේය.
34. එවිට සමූහයා අතරේ සමහරෙක් එකක්ද සමහරෙක් අනිකක්ද මොරගසා කීවෝය. ඒ කෝලාහලය නිසා ඇත්ත දැනගන්ට ඔහුට බැරිවී, ඔහු කොටුවට ගෙනයන්ට අණකෙළේය.
35. පාවුල් එහි තිබුණු පඩිපෙළ පිටට පැමිණි කල, සමූහයාගේ බලාත්කාරය නිසා හේවායන් විසින් ඔහු උසුලාගෙනයන්ට සිදුවිය.
36. මක්නිසාද: ඔහු නැතිකරන්නැයි ජනසමූහයා මොරගසමින් පස්සෙන් ගියෝය.
37. පාවුල් කොටුව ඇතුළට ගෙනයනු ලබද්දී: ඔබට වචනයක් කියන්ට මට අවසර ඇද්දැයි ඔහු අධිපතියාගෙන් ඇසුවේය. එවිට ඔහු: නුඹට ග්‍රීක් භාෂාව පුළුවන්ද?
38. එසේ නම් මේ දවස්වලට පළමුවෙන් කැරලිගස්වා මිනීමරන්නන් සාරදහසක් වනයට ගෙන ගියාවූ මිසරයා නුඹ නොවේදැයි ඇසුවේය.
39. නුමුත් පාවුල්: මම නම් කීර්තිමත් නුවරක් වන කිලිකියේ තාර්සස්හි යුදෙව්වෙක්ය. සෙනඟට කථාකරන්ට මට අවසරදෙන මෙන් ඔබගෙන් ඉල්ලමියි කීවේය.
40. ඔහු අවසරදුන් කල, පාවුල් පඩිපෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥාකෙළේය; මහත් නිශ්ශබ්දයක් වූ කල ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කථාකරමින්-
About ක්රිරයා Chapter 21
Read ක්රිරයා Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ක්රිරයා
Chapter: 21
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ක්රිරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ක්රිරයා Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ක්රිරයා Chapter 21?
ක්රිරයා Chapter 21 is part of the Book of ක්රිරයා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ක්රිරයා Chapter 21 online for free with easy chapter navigation.
More Chapters from ක්රිරයා
- ක්රිරයා Chapter 17
- ක්රිරයා Chapter 26
- ක්රිරයා Chapter 25
- ක්රිරයා Chapter 6
- ක්රිරයා Chapter 28
- ක්රිරයා Chapter 27
- ක්රිරයා Chapter 12
Explore More from නව ගිවිසුම
- ශු. මතෙව් Chapter 23
- ක්රිරයා Chapter 12
- 1 පේතෘස් Chapter 1
- ශු. යොහන් Chapter 2
- 1 තිමෝති Chapter 1
- ශු. ලූක් Chapter 23
- හෙබ්රෙනව් Chapter 9