2 රාජාවලිය Chapter 22

For English

Read 2 රාජාවලිය Chapter 22 Online

Read 2 රාජාවලිය Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

2 රාජාවලිය 22

පරිච්ඡේදය 22

1. යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස් එක් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙදීදාය, ඈ බොශ්කත්හි අදායාගේ දුවෙක්ය.

2. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කොට, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ පියවූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි හැසුරුණේය.

3. යොෂියා රජ තමාගේ දහඅටවෙනි අවුරුද්දේදී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශලියාගේ පුත්‍රවූ ෂාපාන් ලේකම ස්වාමීන්වහන්සේගේ ගෘහයට යවමින් කථාකොට:

4. ඔබ නායක පූජකයාවූ හිල්කියා වෙතට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතුකරගත් ඒවා භාරදෙන ලෙස ඔහුට දන්වන්න.

5. ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩකරවීමට පත්ව සිටින තැනැත්තන් අතට දෙනු ලැබේවා; ඔව්හුද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කැඩුම් හරිගැස්සීමට කර්මාන්තකාරයන්ට,

6. එනම් වඩුවන්ටත් ගොඩනගන්නන්ටත් පෙදරේරුවන්ටත් ගෘහය අලුත්වැඩියාකිරීමට ලී සහ කැපූ ගල්ද මිලේට ගැනීම පිණිස ඒවා දෙත්වයි කීවේය.

7. එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය.

8. නායක පූජකවූ හිල්කියා ෂාපාන් ලේකමට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මට සම්බවීයයි කියා පොත ෂාපාන්ට දුන්නේය, ඔහු ඒක කියෙවුවේය.

9. ලේකම වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්: ගෘහයෙහි තිබුණ මුදල් ඔබගේ සේවකයෝ රැගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩ කරවීමට පත්ව සිටින්නන් අතට දුන්නෝයයි රජුට කීවේය.

10. තවද ෂාපාන් ලේකමට කථාකොට: පූජකවූ හිල්කියා පොතක් මට දුන්නේය කියා රජුට දන්වා ඒක රජු ඉදිරියෙහි කියෙවුවේය.

11. රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල තමාගේ ඇඳුම් ඉරාගෙන,

12. පූජකවූ හිල්කියාටත් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටත් මිකායාගේ පුත්‍රවූ අක්බොර්ටත් ෂාපාන් ලේකමටත් රජුගේ සේවකයාවූ අසායාටත් අණකොට:

13. ඔබ සැම ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යුදාවරුන් උදෙසාත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.

14. එවිට පූජකවූ හිල්කියාද අහිකාම්ද අක්බොර්ද ෂාපාන්ද අසායාද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා අනාගතවක්ත්‍රිය ළඟට ගොස් ඈට කථාකළෝය. ඈ යෙරුසලමේ දෙවෙනි කොට්ඨාසයෙහි වාසයකළාය.

15. ඈ ඔවුන්ට කියන්නී: ඉශ්‍රායෙල්හි දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම මා වෙතට එවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න:

16. මම මේ ස්ථානය පිටටත් මෙහි වැසියන් පිටටත් යුදාහි රජු විසින් කියෙවු පොතේ සියලු වචනවල හැටියට විපත පමුණුවන්නෙමි.

17. ඔව්හු මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින්, මාගේ උදහස මේ ස්ථානය කෙරෙහි ඇවිලෙන්නේය, ඒක නිවෙන්නේ නැත.

18. නුමුත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ඔබ සැම එවූ යුදාහි රජුට මෙසේ කියන්න: ඔබ ඇසූ වචන ගැන වනාහි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-

19. පාළුවක්ද ශාපයක්ද වේය කියා මා විසින් මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් විරුද්ධව කියා තිබෙන කාරණා ඔබ ඇසූ විට ඔබේ සිත මෘදුවී, ඔබ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී, ඔබේ ඇඳුම් ඉරාගන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් ඔබට ඇහුම්කන්දුන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

20. එබැවින් ඔබේ පියවරුන් ළඟට ඔබ පමුණුවන්නෙමි, මා විසින් මේ ස්ථානයට පමුණුවන සියලුම විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හු හැරී ඇවිත් රජුට කීවෝය.

About 2 රාජාවලිය Chapter 22

Read 2 රාජාවලිය Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 රාජාවලිය
Chapter: 22
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 රාජාවලිය Chapter 22 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 රාජාවලිය Chapter 22?

2 රාජාවලිය Chapter 22 is part of the Book of 2 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 රාජාවලිය Chapter 22 online for free with easy chapter navigation.

More Chapters from 2-රාජාවලිය

  1. 2 රාජාවලිය Chapter 21
  2. 2 රාජාවලිය Chapter 9
  3. 2 රාජාවලිය Chapter 16
  4. 2 රාජාවලිය Chapter 6
  5. 2 රාජාවලිය Chapter 2
  6. 2 රාජාවලිය Chapter 1
  7. 2 රාජාවලිය Chapter 15

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 17
  2. උත්පත්ති Chapter 8
  3. යෙසායා Chapter 63
  4. යෝබ් Chapter 34
  5. යෝනා Chapter 1
  6. 2 රාජාවලිය Chapter 5
  7. 1 සාමුවෙල් Chapter 17

Related Chapters & Readings

  1. යෙසායා Chapter 25
  2. ලෙවී කථාව Chapter 7
  3. 1 ලේකම් Chapter 8
  4. රූත්ගේ කථාව Chapter 3
  5. උත්පත්ති Chapter 25
  6. 1 කොරින්ති Chapter 15
  7. ශු. මතෙව් Chapter 21
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *