2 රාජාවලිය Chapter 7

For English

Read 2 රාජාවලිය Chapter 7 Online

Read 2 රාජාවලිය Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

2 රාජාවලිය 7

පරිච්ඡේදය 7

1. එවිට එලිෂා කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න-හෙට මේ වේලාවට පමණ ෂෙකෙලයකට සිහින් පිටි මිම්මක්ද ෂෙකෙලයකට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.

2. එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක ඔබේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.

3. කුෂ්ඨරෝගීන් සතරදෙනෙක් වාසල් දොරකඩ සිටියෝය. ඔව්හු එකිනෙකාට කථාකොට: අපි නහින තුරු කුමට මෙහි සිටිමුද?

4. අපි නුවරට ඇතුල්වෙමුයයි කීවත් නුවර සාගතය තිබෙන බැවින් අප එහි නසිනවා ඇත. මෙහි සිටියත් නසිනවා ඇත. ඉන්නිසා දැන් එන්න, අපි සිරියවරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂාකළොත් අපි ජීවත්වන්නෙමුව; ඔවුන් අප මැරුවොත් අපට මරණය සිද්ධවෙනවා පමණකැයි කීවෝය.

5. එසේ ඔව්හු සිරියවරුන්ගේ කඳවුරට යන පිණිස අරුණු වේලෙහිම නැගුටුණෝය. නුමුත් ඔවුන් සිරියවරුන්ගේ කඳවුරේ සීමාවට පැමුණුණ විට එහි කිසිවෙක් නැති බව දුටුවෝය.

6. මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා,

7. නැගිට රැයින් පලාගියෝය. ඔව්හු තමුන්ගේ කූඩාරම්ද අශ්වයන්ද කොටළුවන්ද ඇතුළුව කඳවුර තිබුණු හැටියටම අත්හැර තමුන්ගේ ප්‍රාණය ගළවාගන්ට පලාගියෝය.

8. ඒ කුෂ්ඨරෝගීන් කඳවුරේ සීමාවට පැමුණුණ විට ඔව්හු එක් කූඩාරමකට ඇතුල්වී කා බී, එතනින් රන් රිදී සහ වස්ත්‍ර රැගෙන ගොස් සඟවා තබා, නැවත හැරී ඇවිත් වෙන කූඩාරමකට ඇතුල්වී, එතැනිනුත් රැගෙන ගොස් සඟවා තැබුවෝය.

9. එවිට ඔව්හු එකිනෙකාට කථාකොට: අප කරන දේ හරි නැත. අද දවස හොඳ ආරංචි ඇති දවසක්ව තිබෙද්දී අපි නිශ්ශබ්දව සිටිමුව. උදය එළිවෙන තුරු ප්‍රමාදවුණොත් අපට වරද පැමිණෙයි. ඉන්නිසා එන්න, අපි රජ ගෙදරට දන්වමුයයි කීවෝය.

10. මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.

11. දොරටුපාලයෝ හඬගසා රජ ගෙදර වැසියන්ට දැන්නුවෝය.

12. රජතෙමේ රාත්‍රියේ නැගිට තමාගේ සේවකයන්ට කථාකොට: ඉතින් සිරියවරුන් අපට කර තිබෙන කාරණය ඔබ සැමට දන්වමි. අපට බඩගිනි ඇති බව ඔව්හු දනිති; එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා නුවරට ඇතුල්වෙන්ට සිතාගෙන පිටත සැඟවී ඉන්ට කඳවුර අත්හැර ගියෝයයි කීවේය.

13. සේවකයන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: නුවර ඉතුරුව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන ගොස් බලන්ට මනුෂ්‍යයන් යවමු, ඔවුන් මෙහි ඉතුරුව සිටින මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්ය; ඔවුන් විනාශවූ මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්යයි කීවේය.

14. ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝය; ගොස් බලන්නය කියා රජ සිරිය සේනාව පස්සේ ඔවුන් යැවීය.

15. ඔව්හු ඔවුන් පස්සේ යොර්දාන් දක්වා ගියෝය. මාවත දිගටම සිරියවරුන් ඉක්මනින් පලායද්දී වීසිකළ වස්ත්‍රවලින් සහ භාජනවලින් පිරී තිබුණේය. පණිවිඩකාරයෝ හැරී ඇවිත් රජුට දැන්නුවෝය.

16. සෙනඟ ගොස් සිරියවරුන්ගේ කඳවුර කොල්ල කෑවෝය. මෙසේ ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ෂෙකෙලයකට සිහින් පිටි නැළියක්ද ෂෙකෙලයකට යව නැළි දෙකක්ද විකිණෙන්ට යෙදුණේය.

17. තමාගේ අත පිට රජු හේත්තුවී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත්කරනලද්දේය. ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය. මෙසේ රජු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධවුණේය.

18. යව නැළි දෙකක් ෂෙකෙලයකටද සිහින් පිටි නැළියක් ෂෙකෙලයකටද හෙට මේ වේලාවට පමණ සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා රජුට කථාකර කී විට,

19. ඒ අධිපතියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: බලව, ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් එබඳු දෙයක් සිද්ධවිය හැකිදැයි කීවේය. එලිෂා කථාකොට: ඔබ ඒක ඔබේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි කීවේය.

20. එසේම ඔහුට සිද්ධවිය; ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය.

About 2 රාජාවලිය Chapter 7

Read 2 රාජාවලිය Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 රාජාවලිය
Chapter: 7
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 රාජාවලිය Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 රාජාවලිය Chapter 7?

2 රාජාවලිය Chapter 7 is part of the Book of 2 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 රාජාවලිය Chapter 7 online for free with easy chapter navigation.

More Chapters from 2-රාජාවලිය

  1. 2 රාජාවලිය Chapter 21
  2. 2 රාජාවලිය Chapter 22
  3. 2 රාජාවලිය Chapter 9
  4. 2 රාජාවලිය Chapter 6
  5. 2 රාජාවලිය Chapter 16
  6. 2 රාජාවලිය Chapter 2
  7. 2 රාජාවලිය Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. යෝෂුවා Chapter 3
  2. යෙසායා Chapter 59
  3. ගණන් කථාව Chapter 13
  4. ගීතාවලිය Chapter 83
  5. යෙරෙමියා Chapter 28
  6. නික්මයාම Chapter 9
  7. නෙහෙමියා Chapter 9

Related Chapters & Readings

  1. 2 රාජාවලිය Chapter 12
  2. යෙසායා Chapter 50
  3. හිතෝපදේශ Chapter 4
  4. 2 ලේකම් Chapter 17
  5. ක්රිරයා Chapter 8
  6. ශෙපනියා Chapter 3
  7. ගීතාවලිය Chapter 76
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *