Read 2 ලේකම් Chapter 15 Online
Read 2 ලේකම් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
2 ලේකම් 15
පරිච්ඡේදය 15
1. තවද දෙවියන්වහන්සේගේ ආත්මය ඕදෙද්ගේ පුත්‍රවූ අසරියා කෙරෙහි පැමිණියේය.
2. ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යුදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, ඔබ සැම ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ ඔබ සැම සමඟ සිටිනසේක; ඔබ සැම උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ ඔබ සැමට සම්බවෙනවා ඇත. ඔබ සැම උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද ඔබ සැම අත්හරිනවා ඇත.
3. බොහෝ කාලයක සිට ඉශ්‍රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ ද උගන්වන පූජකයෙක්ද ව්‍යවස්ථාවද නැතුව සිටියෝය.
4. නුමුත් ඔවුන් තමුන්ගේ විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ සෙවූ කල උන්වහන්සේ ඔවුන්ට සම්බවූසේක.
5. ඒ කාලවලදී පිටත ගිය කෙනෙකුටවත් ඇතුළට ආ කෙනෙකුටවත් කිසි සමාදානයක් නැතුව දේශවල සියලු වැසියන්ට මහත් පීඩා පැමුණුණේය.
6. ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක.
7. එහෙත් ඔබ සැම අත්හෙළා නොගෙන ශක්තිමත් වෙන්න. මක්නිසාද ඔබ සැමගේ වැඩට විපාක ලැබෙන්නේයයි කීවේය.
8. ආසා මේ වචනය ප්‍රොපේතවූ ඕදෙද්ගේ අනාගතවාක්‍යයද ඇසූ කල ධෛර්ය උපදවාගන, යුදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනයද අලුත්වැඩියාකෙළේය.
9. තවද ඔහු සියලු යුදාවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් සමඟ එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද සිමියොන්ගෙන්ද ඇවිත් සිටියාවූ ආගන්තුකයන්ද රැස්කරගත්තේය. මක්නිසාද ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්‍රායෙල්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට එකතුවුණෝය.
10. ආසාගේ රජකම්කිරීමේ පහළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේදී ඔව්හු යෙරුසලමට රැස්වූහ.
11. ඔවුන් ගෙනාවාවූ කොල්ලයෙන් ගවයන් සත් සියයකුත් බැටළුවන් සත් දහසකුත් ස්වාමීන්වහන්සේට ඔව්හු ඒ දවසේ පූජාකළෝය.
12. තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්,
13. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොසොයන සියල්ලන් ලොකු වුවත් කුඩා වුවත් පුරුෂයෙක් වුවත් ස්ත්‍රියෙක් වුවත් මරණයට පත්කරන්ටත් ගිවිසුමක් කළෝය.
14. ඔව්හු මහත් හඬද ඝෝෂාවද හොරණෑවලත් නළාවලත් ශබ්දයද ඇතුව ස්වාමීන්වහන්සේට දිවුරුම් දුන්නෝය.
15. සියලු යුදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක.
16. ආසා රජුගේ මෑණියන්වූ මයකා විසින් අෂේරාට පිළිකුල් රූපයක් සෑදූ නිසා ආසා ඇය බිසෝකමෙන් අහක්කර, ඇගේ පිළිමය කපාදමා සුණුකර, කිද්‍රොන් ඔය ළඟදී එය පුලුස්සා දැමුවේය.
17. නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් උස්තැන් පහකරනු නොලැබුවේය. එසේ වුවත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී සම්පූර්ණව තිබුණේය.
18. ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැප කළ රන් රිදී සහ බඩු දෙවියන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනාවේය.
19. ආසාගේ රජකම්කිරීමේ තිස්පස්වෙනි අවුරුද්ද දක්වා තවත් යුද්ධ නොවීය.
About 2 ලේකම් Chapter 15
Read 2 ලේකම් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 ලේකම්
Chapter: 15
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 ලේකම් Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 ලේකම් Chapter 15?
2 ලේකම් Chapter 15 is part of the Book of 2 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 ලේකම් Chapter 15 online for free with easy chapter navigation.
More Chapters from 2 ලේකම්
- 2 ලේකම් Chapter 18
- 2 ලේකම් Chapter 3
- 2 ලේකම් Chapter 20
- 2 ලේකම් Chapter 16
- 2 ලේකම් Chapter 12
- 2 ලේකම් Chapter 28
- 2 ලේකම් Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- ගණන් කථාව Chapter 5
- ගීතාවලිය Chapter 103
- 1 ලේකම් Chapter 7
- යෙරෙමියා Chapter 22
- ගණන් කථාව Chapter 19
- යෙරෙමියා Chapter 41
- යෙරෙමියා Chapter 14