1 සාමුවෙල් Chapter 5

For English

Read 1 සාමුවෙල් Chapter 5 Online

Read 1 සාමුවෙල් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

1 සාමුවෙල් 5

පරිච්ඡේදය 5

1. පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන එබෙන්-එසෙර්හි සිට අෂ්දොද්ට ගෙනාවෝය.

2. පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ඒක දාගොන්ගේ ගෘහයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූහ.

3. අෂ්දොද්හි මනුෂ්‍යයන් පසුවදා අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී තිබෙනවා දුටුවෝය. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහුගේ ස්ථානයෙහි සිටෙවුවෝය.

4. ඔවුන් පසුවදා උදය අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී, දාගොන්ගේ හිසද අත් දෙකද කපාදමා එළිපත්ත උඩ තිබෙනවා දුටුවෝය; දාගොන්ට ඉතුරුව තිබුණේ කඳ පමණක්ය.

5. ඒ නිසා අද දවස දක්වා දාගොන්ගේ පූජකයෝවත් දාගොන්ගේ ගෘහයට ඇතුල්වෙන්නාවූ වෙන කිසිවෙක්වත් අෂ්දොද්හි තිබෙන දාගොන්ගේ එළිපත්ත නොපාගති.

6. එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.

7. අෂ්දොද් මනුෂ්‍යයෝ ඒ බව දැක: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟ නොතිබිය යුතුය. මක්නිසාද උන්වහන්සේගේ හස්තය අප පිටත් අපේ දෙවිවූ දාගොන් පිටත් තදව තිබේයයි කීවෝය.

8. එබැවින් ඔව්හු පණිවිඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් තමුන් ළඟට රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන අප විසින් කුමක් කටයුතුදැයි කීවෝය. ඔව්හුද: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගාත්ට ගෙනයනු ලැබේවයි කීවෝය. එසේ ඔව්හු ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගෙනගියෝය.

9. තවද ඔවුන් ඒක ගෙනගිය පසු ස්වාමීන්වහන්සේගේ හස්තය ඒ නුවර පිටට ඉතා මහත් කැලඹීමක් ඇතුව පැමුණුණේය. උන්වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන්ට පහරදුන්සේක, ගඩුද ඔවුන් පිට හටගත්තේය.

10. එවිට ඔව්හු දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට හැරියෝය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට පැමිණි කල එක්‍රොන්වරු මොරගසමින්: අපද අපේ සෙනඟද නසන්ට ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟට ගෙනාවෝයයි කීවෝය.

11. එබැවින් ඔව්හු පණිවිඩ යවා පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප හා අපේ සෙනඟ නාස්තිනොකරන පිණිස එය ස්වකීය ස්ථානයට හැරී යන්ට යවන්නැයි කීවෝය. මක්නිසාද නුවර මුළුල්ලෙහි මරණීය කැලඹීමක් හටගත්තේය; දෙවියන්වහන්සේගේ හස්තය එහි ඉතා බරව තිබුණේය.

12. නොමැරුණු මනුෂ්‍යයෝ ගඩුවලින් පීඩා වින්දෝය. නුවරුන්ගේ විලාපයද අහස දක්වා නැගුණේය.

About 1 සාමුවෙල් Chapter 5

Read 1 සාමුවෙල් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 සාමුවෙල්
Chapter: 5
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 සාමුවෙල් Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 සාමුවෙල් Chapter 5?

1 සාමුවෙල් Chapter 5 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from 1-සාමුවෙල්

  1. 1 සාමුවෙල් Chapter 11
  2. 1 සාමුවෙල් Chapter 27
  3. 1 සාමුවෙල් Chapter 24
  4. 1 සාමුවෙල් Chapter 21
  5. 1 සාමුවෙල් Chapter 20
  6. 1 සාමුවෙල් Chapter 19
  7. 1 සාමුවෙල් Chapter 7

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 38
  2. ගීතාවලිය Chapter 85
  3. ගීතාවලිය Chapter 54
  4. 2 ලේකම් Chapter 24
  5. ගණන් කථාව Chapter 27
  6. රූත්ගේ කථාව Chapter 4
  7. 1 රාජාවලිය Chapter 19

Related Chapters & Readings

  1. 1 සාමුවෙල් Chapter 30
  2. විලාප ගී Chapter 3
  3. උත්පත්ති Chapter 2
  4. එළිදරව් Chapter 4
  5. 1 රාජාවලිය Chapter 21
  6. හබක්කුක් Chapter 1
  7. සාලමොන්ගේ ගීතිකා Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *