Read යෝෂුවා Chapter 23 Online
Read යෝෂුවා Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.
Choose a Chapter
යෝෂුවා 23
පරිච්ඡේදය 23
1. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී,
2. යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් වන ඔවුන්ගේ වැඩිමහල්ලන්ද ප්‍රධානීන්ද විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද කැඳවා ඔවුන්ට කථාකොට: මම මහලුව වයෝවෘද්ධවසිටිමි.
3. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම උදෙසා මේ සියලු ජාතීන්ට කළ සියල්ල ඔබ සැම දුටුවහුය; මක්නිසාද ඔබ සැම උදෙසා යුද්ධ කෙළේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.
4. ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා ඔබ සැමගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා ඔබ සැමට බෙදාදුනිමි.
5. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, ඔබ සැම ඉදිරියෙන් ඔවුන් එළවා ඔබ සැම ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; ඔබ සැමද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත.
6. එබැවින් ඔබ සැම අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස,
7. මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.
8. ඔබ සැම අද දවස දක්වා කළ හැටියට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ම ඇලුම්ව සිටින්න.
9. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉතා මහත්වූ බලවත්වූ ජාතීන් ඔබ සැම ඉදිරියෙන් පන්නා දැමූසේක. එහෙත් ඔබ සැමට විරුද්ධව සිටින්ට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන්වුණේ නැත.
10. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔබ සැම උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් ඔබ සැමගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය.
11. එහෙයින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න.
12. මක්නිසාද ඔබ සැම යම් හෙයකින් හැරී ගොස්, ඔබ සැම ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, ඔබ සැම ඔවුන් අතරෙහිද ඔවුන් ඔබ සැම අතරෙහිද ගැවසුණොත්,
13. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ සැම විනාශවී යන තුරු, ඔවුන් ඔබ සැමට මලපතක්ද උගුලක්ද ඔබ සැමගේ ඇලපත්වලට කසයක්ද ඔබ සැමගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.
14. බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව ඔබ සැමගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් ඔබ සැම දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම ඔබ සැමට පැමුණුණේය.
15. තවද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ ඔබ සැම කෙරෙහි පැමුණුණාක් මෙන්ම, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ තමන්ගේ ගිවිසුම ඔබ සැම කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල,
16. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ සැම විනාශවීයන තුරු, සියලු නරක දේවල් ඔබ සැම පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස ඔබ සැමට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ ඔබ සැමට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් ඔබ සැම නැතිකර දමනවා ඇතැයි කීවේය.
About යෝෂුවා Chapter 23
Read යෝෂුවා Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෝෂුවා
Chapter: 23
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෝෂුවා Chapter 23 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෝෂුවා Chapter 23?
යෝෂුවා Chapter 23 is part of the Book of යෝෂුවා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෝෂුවා Chapter 23 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 10
- නික්මයාම Chapter 9
Explore More from යෝෂුවා
- යෝෂුවා Chapter 18
- යෝෂුවා Chapter 15
- යෝෂුවා Chapter 7
- යෝෂුවා Chapter 16
- යෝෂුවා Chapter 19
- යෝෂුවා Chapter 12
- යෝෂුවා Chapter 10