ආමොස් Chapter 3

For English

Read ආමොස් Chapter 3 Online

Read ආමොස් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ආමොස් and the Holy Bible online.

Choose a Chapter

ආමොස් 3

පරිච්ඡේදය 3

1. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාට විරුද්ධව, එනම් මිසර දේශයෙන් මා විසින් ගෙනාවාවූ මුළු වංශයට විරුද්ධව, ස්වාමීන්වහන්සේ කීවාවූ මේ වචනය අසන්න:

2. පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.

3. දෙදෙනෙක් එකඟවුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද?

4. සිංහයෙකුට ගොදුරු නැතිවිට ඌ කැලෑවේ ගොරවනවා ඇද්ද? ගොදුරක් අල්වා නොගෙන සිටිද්දී තරුණ සිංහයා උගේ ගුහාවේ සිට නාදකරනවා ඇද්ද?

5. මලපතක් නැති විට කුරුල්ලෙක් බිමේ උගුලකට අසුවේද? උගුලක් බිමෙන් ගැස්සුණාම යමක් අසු නොවී තිබේද?

6. යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?

7. සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.

8. සිංහයා ගර්ජනාකෙළේය, භය නොවන්නේ කවුද? ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකළසේක, ප්‍රොපේතවාක්‍ය නොකියන්නේ කවුද?

9. සමාරියේ කඳු උඩ නුඹලා රැස්වී, එය තුළ තිබෙන මහත් කෝලාහලද එය මැද තිබෙන පීඩාද බලන්නය කියමින් අෂ්දොද්හි මාළිගාද මිසර දේශයේ මාළිගාද උඩ සිට ප්‍රකාශකරන්න.

10. මක්නිසාද බලාත්කරකමේ ප්‍රයෝජනද කොල්ලයද තමුන්ගේ මාළිගාවට රැස්කරගන්න තැනැත්තෝ යුතුකම්කරන්ට නොදනිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.

11. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දේශය වටකරම එදිරිකාරයෙක් සිට නුඹේ බලය නුඹෙන් පහකරන්නේය, නුඹේ මාළිගාද කොල්ලකනු ලබන්නේය.

12. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: එඬේරා සිංහයාගේ කටින් කකුල් දෙකක්වත් කන් කෑල්ලක්වත් ගළවාගන්නාක්මෙන් සමාරියෙහි යහන් කොනකද ඇඳක පට මෙත්ත පිටද හිඳින ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැළවෙනවා ඇත.

13. නුඹලා අසා යාකොබ්ගේ වංශයට විරුද්ධව සාක්ෂි දෙන්නැයි සේනාවල දෙවියන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

14. මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල්ගේ වරද නිසා ඔවුන්ට දඬුවම්කරන දවසේදී බෙතෙල්හි පූජාසනවලටත් දඬුවම් කරන්නෙමි, පූජාසනයේ අංද කපාදමනු ලැබ බිමට වැටෙන්නේය.

15. මම ශීත සෘතු නිවාසයටත් ග්‍රීෂ්ම සෘතු නිවාසයටත් පහරදෙන්නෙමි. ඇත්දත් ගෙවල් විනාශවෙනවා ඇත, මහත් ගෙවල්ද පහවෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

About ආමොස් Chapter 3

Read ආමොස් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ආමොස්
Chapter: 3
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ආමොස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ආමොස් Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ආමොස් Chapter 3?

ආමොස් Chapter 3 is part of the Book of ආමොස් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ආමොස් Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from ආමොස්

  1. ආමොස් Chapter 5
  2. ආමොස් Chapter 7
  3. ආමොස් Chapter 6
  4. ආමොස් Chapter 8
  5. ආමොස් Chapter 9
  6. ආමොස් Chapter 4
  7. ආමොස් Chapter 2

Explore More from පැරණි ගිවිසුම

  1. ද්වීතීය කථාව Chapter 10
  2. 1 සාමුවෙල් Chapter 11
  3. එසකියෙල් Chapter 46
  4. ගණන් කථාව Chapter 6
  5. හිතෝපදේශ Chapter 21
  6. 2 සාමුවෙල් Chapter 16
  7. එසකියෙල් Chapter 6

Related Chapters & Readings

  1. 1 ලේකම් Chapter 21
  2. 1 පේතෘස් Chapter 5
  3. 1 සාමුවෙල් Chapter 31
  4. 2 සාමුවෙල් Chapter 22
  5. ගීතාවලිය Chapter 76
  6. තීතස් Chapter 2
  7. 1 සාමුවෙල් Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *