1 පේතෘස් Chapter 5

For English

Read 1 පේතෘස් Chapter 5 Online

Read 1 පේතෘස් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 පේතෘස් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 පේතෘස් and the Holy Bible online.

Choose a Chapter

1 පේතෘස් 5

පරිච්ඡේදය 5

1. ඉතින් වැඩිමහල්ලෙක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනාකරමි.

2. නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,

3. නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.

4. එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.

5. එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.

6. එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;

7. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න.

8. සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

9. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.

10. එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.

11. උන්වහන්සේට සදාකාලේටම පරාක්‍රමය වේවා. ආමෙන්.

12. මෙය දෙවියන්වහන්සේගේ සැබෑ කරුණාව බවට මම සාක්ෂිදෙමින්ද අනුශාසනාකරමින්ද අපේ විශ්වාස සහෝදරයෙක්යයි මා සලකන සිල්වානස් අත ලුහුඬින් නුඹලාට ලියා එව්වෙමි. එහි ස්ථිරව පිහිටා සිටින්න.

13. නුඹලා සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි සිටින තැනැත්තී නුඹලාට ආචාරකරන්නීය; මාගේ පුත්‍රවූ මාර්ක් එසේම නුඹලාට ආචාරකරයි.

14. ප්‍රේමයේ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින නුඹලා සියල්ලන්ට සමාදානය වේවා.

About 1 පේතෘස් Chapter 5

Read 1 පේතෘස් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 පේතෘස් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 පේතෘස්
Chapter: 5
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 පේතෘස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 පේතෘස් Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 පේතෘස් Chapter 5?

1 පේතෘස් Chapter 5 is part of the Book of 1 පේතෘස් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 පේතෘස් Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from 1-පේතෘස්

  1. 1 පේතෘස් Chapter 1
  2. 1 පේතෘස් Chapter 3
  3. 1 පේතෘස් Chapter 2
  4. 1 පේතෘස් Chapter 4

Explore More from නව ගිවිසුම

  1. කොලොස්සි Chapter 3
  2. 1 කොරින්ති Chapter 11
  3. ශු. මතෙව් Chapter 26
  4. හෙබ්රෙනව් Chapter 7
  5. ශු. මතෙව් Chapter 23
  6. හෙබ්රෙනව් Chapter 11
  7. ශු. යොහන් Chapter 3

Related Chapters & Readings

  1. 1 සාමුවෙල් Chapter 3
  2. ආමොස් Chapter 5
  3. උත්පත්ති Chapter 28
  4. ක්රිරයා Chapter 12
  5. හොෂෙයා Chapter 11
  6. නික්මයාම Chapter 37
  7. ශු. යොහන් Chapter 12
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *