එස්රා Chapter 7

For English

Read එස්රා Chapter 7 Online

Read එස්රා Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of එස්රා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එස්රා and the Holy Bible online.

Choose a Chapter

එස්රා 7

පරිච්ඡේදය 7

1. මේ කාරණවලට පසු පාර්සියාවේ අර්තක්ෂස්තාගේ රජකම්කිරීමේදී එස්රා බබිලෝනියෙන් ගියේය. එස්රා සොරායාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය,

2. ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයාය, ඔහු ශාදොක්ගේ පුත්‍රයාය, ඔහු අහිටූබ්ගේ පුත්‍රයාය,

3. ඔහු අමරියාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු මෙරායොත්ගේ පුත්‍රයාය,

4. ඔහු සෙරහියාගේ පුත්‍රයාය, ඔහු උසීයාගේ පුත්‍රයාය, ඔහු බුක්කීගේ පුත්‍රයාය,

5. ඔහු අබිෂුවාගේ පුත්‍රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්‍රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්‍රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්‍රයාය.

6. මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.

7. තවද අර්තක්ෂස්තා රජුගේ සත්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්ද පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද ගායනාකාරයන්ගෙන්ද දොරටුපාලයන්ගෙන්ද නෙතිනීම්වරුන්ගෙන්ද සමහරුත් යෙරුසලමට ආවෝය.

8. ඔහු රජුගේ සත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේදී යෙරුසලමට ආයේය.

9. මක්නිසාද ඔහු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා බබිලෝනියෙන් පිටත්ව, ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට පස්වෙනි මාසයේ පළමුවෙනිදා යෙරුසලමට පැමුණුණේය.

10. එස්රා ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්‍රායෙල්හි පනත්ද විනිශ්චයයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමුකර ගත්තේය.

11. ස්වාමීන්වහන්සේගේ ආඥාවල වචනද ඉශ්‍රායෙල්ට දුන් උන්වහන්සේගේ පනත්ද ගැන තේරුම් ඇති කෙනෙක්වූ ලියන්නා එනම් එස්රා පූජකයාට අර්තක්ෂස්තා රජු විසින් දෙනලද ලියුමේ පිටපත මේය:

12. රාජාධිරාජවූ අර්තක්ෂස්තා විසින් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ සම්පූර්ණ ලියන්නෙක්ව සිටින පූජකවූ එස්රාට…යනාදි ලියාඑවන වගනම්-

13. මාගේ රාජ්‍යයේ සිටින ඉශ්‍රායෙල් සෙනඟගෙන්ද ඔවුන්ගේ පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද යෙරුසලමට යන්ට කැමති සියල්ලන්ට ඔබ සමඟ යන්ට පුළුවන කියා නියෝගයක් කරමි.

14. මක්නිසාද ඔබ අතේ තිබෙන ඔබේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ලෙස යුදා සහ යෙරුසලම ගැන විභාග කරන පිණිසත්,

15. රජු සහ ඔහුගේ මන්ත්‍රීන් විසින් යෙරුසලමෙහි වාසස්ථානය ඇති ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට කැමැත්තෙන් පිදූ රිදීද රන්ද මුළු බබිලෝනි රටේ ඔබට ලැබෙන රන් රිදී සියල්ලද,

16. යෙරුසලමෙහි තිබෙන තමුන්ගේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා සෙනඟ සහ පූජකයන් කැමැත්තෙන් දෙන පඬුරුත් සමඟ ගෙනයන පිණිසත්, රජු සහ ඔහුගේ මන්ත්‍රීන් සත්දෙනා විසින් ඔබ යවනු ලබන්නෙහිය.

17. එබැවින් ඔබ ගොනුන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද ඒ සමඟ ඕනෑකරන ආහාර පූජා සහ පාන පූජාද කඩිනමින් මේ මුදලෙන් ගෙන යෙරුසලමෙහි තිබෙන ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පූජාසනය පිට ඔප්පුකරන්න.

18. ඉතුරුවෙන රන් රිදීවලින් ඔබටත් ඔබේ සහෝදරයන්ටත් කරන්ට හොඳව පෙනෙන දෙයක් ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.

19. තවද ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස ඔබට දෙනලද භාණ්ඩ යෙරුසලමේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි බාරදෙන්න.

20. තවත් ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා දෙන්ට ඔබට ඕනෑකරන දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න.

21. අර්තක්ෂස්තා රජු වන මම ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියන්නා වන පූජකවූ එස්රා විසින් ඔබ සැමගෙන් ඉල්ලන සියල්ල,

22. රිදී තලෙන්ත සියයක් වුවත් තිරිඟු කෝර . සියයක් වුවත් මුද්‍රිකපාන බාත්7:22 බාත් එකක් ගැලොම් හතරහමාරයි. සියයක් වුවත් තෙල් බාත් සියයක් වුවත් ලුණු කොපමණ වුවත් ඉක්මනින් දෙන හැටියට ගඟ එගොඩ සිටින සියලු ගබඩාකාරයන්ට නියෝගයක් කරමි.

23. ස්වර්ගයේ දෙවියන්වහන්සේ විසින් අණකර තිබෙන සියල්ල ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා හරියාකාර කරනු ලැබේවා; එසේය, රජුගෙත් ඔහුගේ පුත්‍රයන්ගෙත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්ට වෙන්නේ මක්නිසාද?

24. තවද පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටුපාලයන්, නෙතිනීම්වරුන් යන මොවුන් කිසිවෙකුගෙන්වත් දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ මෙහෙකරුවන්ගෙන්වත් තීරුවද ආදායම්ද සුංගම්ද අයකරන්ට ඔබ සැමට බලය නැති බව දැනගන්න.

25. එස්රා, ඔබ වනාහි ගඟ එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චයකරන පිණිස ඔබේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් දන්නාවූ විනිශ්චයකාරයන්ද නඩුකාරයන්ද ඔබේ අතේ තිබෙන ඔබේ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ලෙස පත්කරන්න; ඒවා නොදන්න අයට උගන්වන්න.

26. ඔබේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවද රාජ ආඥාවද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටදැමීමෙන් හෝ දේපළ7:26 හෙවත්, දඩගැසීමෙන්. රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සිකිරීමෙන් හෝ වහාම යුක්තිය ඉෂ්ටකරනු ලැබේවා යනුය.

27. මෙසේ යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහය අලංකාර කරන්ට රජුගේ සිතෙහි කැමැත්තක් ඉපදෙවූවාවූ, රජද රජුගේ මන්ත්‍රීවරුන්ද රජුගේ සියලු බලවන්ත අධිපතීන්ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලස්සුවාවූ අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.

28. මම වනාහි මා කෙරෙහි තිබුණු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය නිසා බලවත්වී, මා සමඟ යාමට ඉශ්‍රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් රැස්කරගත්තෙමි.

About එස්රා Chapter 7

Read එස්රා Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of එස්රා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එස්රා
Chapter: 7
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එස්රා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එස්රා Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එස්රා Chapter 7?

එස්රා Chapter 7 is part of the Book of එස්රා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එස්රා Chapter 7 online for free with easy chapter navigation.

More Chapters from එස්රා

  1. එස්රා Chapter 2
  2. එස්රා Chapter 10
  3. එස්රා Chapter 4
  4. එස්රා Chapter 3
  5. එස්රා Chapter 1
  6. එස්රා Chapter 8
  7. එස්රා Chapter 6

Explore More from පැරණි ගිවිසුම

  1. ද්වීතීය කථාව Chapter 34
  2. ද්වීතීය කථාව Chapter 17
  3. උත්පත්ති Chapter 18
  4. මීකා Chapter 3
  5. එසකියෙල් Chapter 47
  6. යෝෂුවා Chapter 15
  7. යෙසායා Chapter 14

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 37
  2. ක්රිරයා Chapter 16
  3. ශු. මාර්ක් Chapter 15
  4. යෙරෙමියා Chapter 27
  5. යෙසායා Chapter 13
  6. 2 ලේකම් Chapter 21
  7. 1 ලේකම් Chapter 20
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *