Read එස්රා Chapter 3 Online
Read එස්රා Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of එස්රා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එස්රා and the Holy Bible online.
Choose a Chapter
එස්රා 3
පරිච්ඡේදය 3
1. හත්වෙනි මාසය පැමිණ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ නුවරවල සිටින අතර සෙනඟ එක් කෙනෙකුමෙන් යෙරුසලමට රැස්වූවෝය.
2. එකල යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද පූජකයෝවූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද ඔහුගේ සහෝදරයෝද නැගිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස දවන පූජා ඔප්පුකරන පිණිස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩනැඟුවෝය.
3. ඔව්හු පූජාසනය ඊට නියම ස්ථානයෙහි පිහිටෙවුවෝය; මක්නිසාද ඔව්හු ඒ රටවල සිටි ජනයන් ගැන භයපත්ව සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේට දවන පූජා එනම් උදය සවස පූජා ඒ පූජාසනය පිට ඔප්පුකළෝය.
4. ලියා තිබෙන ලෙස කූඩාරම් මංගල්‍යය පවත්වමින් එක එක දවසේ නියමයේ හැටියට ගණන වශයෙන් දවස්පතා දවන පූජා ඔප්පුකළෝය.
5. ඉන්පසු ඔව්හු නිරන්තර දවන පූජාද අමාවක්වලත් ස්වාමීන්වහන්සේගේ සියලු නියම ශුද්ධ මංගල්‍යවලත් පූජාද ස්වාමීන්වහන්සේට කැමැත්තෙන්ම ඔප්පුකරන සියල්ලන්ගෙත් ස්වෙච්ඡා පූජාද ඔප්පුකළෝය.
6. ඔව්හු හත්වෙනි මාසයේ පළමුවෙනිදා පටන් ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකරන්ට පටන්ගත්තෝය. නුමුත් ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම ඒ වනතෙක් නොදමනලද්දේය.
7. තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.
8. මෙසේ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය වෙතට ඔවුන්ගේ පැමිණීමේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේදී ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද ඔවුන්ගේ අනික් සහෝදරයෝවූ පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී යෙරුසලමට ආ සියල්ලෝද පටන්ගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට වයස් ඇති ලෙවීවරුන් නියමකළෝය.
9. එවිට යේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝද සහෝදරයෝද කද්මීයෙල් සහ ඔහුගේ පුත්‍රයෝවූ යුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ලෙවීවරු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩකරන්නන් බලා ගැනීමට එක්කෙනෙකු මෙන් සිටියෝය.
10. ගොඩනගන්නෝ ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දමන කල ඉශ්‍රායෙල්හි රජවූ දාවිත්ගේ පිළිවෙළේ හැටියට ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන පිණිස පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇතුවද ආසාප්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය.
11. ඔව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්: උන්වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.
12. නුමුත් පළමු ගෘහය දුටු මහලුවූ බොහෝ පූජකයෝද ලෙවීවරුද පියවංශවල ප්‍රධානියෝද ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි මේ ගෘහයේ අත්තිවාරම දමන විට මහත් හඬකින් ඇඬුවෝය; බොහෝ දෙනෙක්ද ප්‍රීති-ඝෝෂා පැවැත්තුවෝය.
13. මෙසේ ප්‍රීති-ඝෝෂාවේ ශබ්දය මේකය, සෙනඟගේ ඇඬීමේ ශබ්දය මේකයයි සෙනඟට වෙන් වෙන් වශයෙන් දැනගත නොහැකිවිය. මක්නිසාද සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය, ඒ ශබ්දය බොහෝ දුරට ඇසුණේය.
About එස්රා Chapter 3
Read එස්රා Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of එස්රා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එස්රා
Chapter: 3
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එස්රා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එස්රා Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එස්රා Chapter 3?
එස්රා Chapter 3 is part of the Book of එස්රා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එස්රා Chapter 3 online for free with easy chapter navigation.
More Chapters from එස්රා
- එස්රා Chapter 2
- එස්රා Chapter 10
- එස්රා Chapter 4
- එස්රා Chapter 7
- එස්රා Chapter 5
- එස්රා Chapter 1
- එස්රා Chapter 9
Explore More from පැරණි ගිවිසුම
- ලෙවී කථාව Chapter 5
- යෙසායා Chapter 58
- ආමොස් Chapter 6
- විනිශ්චයකාරයන් Chapter 16
- ද්වීතීය කථාව Chapter 24
- ගණන් කථාව Chapter 17
- හොෂෙයා Chapter 4