Read එස්රා Chapter 1 Online
Read එස්රා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of එස්රා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එස්රා and the Holy Bible online.
Choose a Chapter
එස්රා 1
පරිච්ඡේදය 1
1. තවද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ යෙරෙමියාගේ මුඛයෙන් කියෙවූ වචනය ඉෂ්ටවෙන පිණිස ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක.
2. ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යුදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.
3. උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ සැම අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු යුදාහි වූ යෙරුසලමට ගොස් යෙරුසලමෙහි සිටින ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගවා. (උන්වහන්සේ දෙවියන්වහන්සේය.)
4. යම් කෙනෙක් ඉතිරිව යම් තැනක සිටීද ඔහුට ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර රන් රිදීද බඩු සහ මෘගයන්ද දෙමින් උපකාරකෙරෙත්වායි පාර්සියාවේ රජවූ කෝරෙෂ් කියන්නේය කියා හඬිනුත් ලියවිල්ලෙනුත් පතළකෙළේය.
5. එවිට යුදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් පියවංශවල ප්‍රධානීහුද පූජකයෝද ලෙවීවරුද එනම් යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස යන්ට දෙවියන්වහන්සේ විසින් සිත් පොළඹවනලද සියල්ලෝම සූදානම්වුණෝය.
6. ඔවුන් අවට සිටි සියල්ලෝද සිය කැමැත්තෙන් දුන් සියලු පඬුරු හැර රිදී භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මෘගයන්ගෙනුත් අනර්ඝ දේවලිනුත් ඔවුන්ට උපකාරකළෝය.
7. තවද කෝරෙෂ් රජ නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් ගෙනවුත් තමාගේ දෙවියන්ගේ ගෘහයෙහි තබනලද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ පිටතට ගෙන්නෙවුවේය.
8. පාර්සියාවේ රජවූ කෝරෙෂ් ඒවා භාණ්ඩාගාරිකවූ මිත්රෙදාත් ලවා පිටතට ගෙන්වා, යුදාහි අධිපතියාවූ ෂෙෂ්බශර්ට ගණන්කර දුන්නේය.
9. ඒවායේ ගණන නම්: රන් තළි තිහකුත් රිදී තළි දහසයකුත් පිහියා විසිනවයකුත්,
10. රන් පාත්‍රා තිහකුත් දෙවෙනි තරමේ රිදී පාත්‍රා හාරසිය දසයකුත් වෙන භාණ්ඩ දහසකුත්ය.
11. රන් රිදී සියලු භාණ්ඩ පන්දාස් හාරසියයක්ය. වාල්කමේ සිටි අය බබිලෝනියෙන් යෙරුසලමට ආ කල්හි ෂෙෂ්බශර් විසින් මේ සියල්ල ගෙනෙනලද්දේය.
About එස්රා Chapter 1
Read එස්රා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of එස්රා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එස්රා
Chapter: 1
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එස්රා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එස්රා Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එස්රා Chapter 1?
එස්රා Chapter 1 is part of the Book of එස්රා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එස්රා Chapter 1 online for free with easy chapter navigation.
More Chapters from එස්රා
- එස්රා Chapter 2
- එස්රා Chapter 10
- එස්රා Chapter 4
- එස්රා Chapter 3
- එස්රා Chapter 8
- එස්රා Chapter 7
- එස්රා Chapter 5
Explore More from පැරණි ගිවිසුම
- එස්රා Chapter 9
- හොෂෙයා Chapter 11
- එසකියෙල් Chapter 11
- එස්තර් Chapter 8
- නික්මයාම Chapter 39
- හිතෝපදේශ Chapter 28
- යෝෂුවා Chapter 18