Read ශු. ලූක් Chapter 24 Online
Read ශු. ලූක් Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of ශු. ලූක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. ලූක් and the Holy Bible online.
Choose a Chapter
ශු. ලූක් 24
පරිච්ඡේදය 24
1. නුමුත් සතියේ පළමුවෙනිදා ඉතා අලුයම තමුන් විසින් සූදානම්කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔව්හු සොහොන් ගෙය ළඟට ගොස්,
2. ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය.
3. ඔව්හු ඇතුල්වූ කල ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය.
4. තවද ඔවුන් ඒ ගැන වියවුල්ව සිටියදී, බලව, දිලියෙන වස්ත්‍ර ඇන්දවූ මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියෝය.
5. ඔවුන් භයපත්ව තමුන්ගේ මුහුණු බිමට නමාගත් කල ඒ මනුෂ්‍යයෝ කථාකොට: ජීවත්ව සිටින තැනැත්තා මළවුන් අතරේ නුඹලා සොයන්නේ මක්නිසාද?
6. උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුනුසේක.
7. මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්ටත් කුරුසියෙහි ඇණගසනු ලබන්ටත් තුන්වෙනිදා නැවත නැගිටින්ටත් ඕනෑය කියා උන්වහන්සේ ගලීලයේ සිටියදී කථාකළ හැටි සිහිකරන්නැයි ඔවුන්ට කීවෝය.
8. එකල ඔව්හු උන්වහන්සේගේ වචන සිහිකොට සොහොන් ගෙයින් හැරී ඇවිත්,
9. මේ සියල්ල එකොළොස් දෙනාටද අනික් සියල්ලන්ටද දැන්වුවෝය.
10. ඒ ස්ත්‍රීහු නම් මග්දාලායේ මරියාත් යොවන්නාත් යකොබ්ගේ මවුවූ මරියාත්ය. ඔවුන් සමඟ අනික් ස්ත්‍රීහුද ප්‍රේරිතයන්ට මේ දේ කීවෝය.
11. මේ වචන ඔවුන්ට නිරර්ථක කථාවක් මෙන් පෙනී, ඔව්හු ඔවුන් අවිශ්වාසකළෝය.
12. නුමුත් පේතෘස් නැගිට සොහොන් ගෙය ළඟට දුවගන ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙන බව දැක, සිද්ධවූ කාරණාව ගැන පුදුමවෙමින් සිය නිවසෙට ගියේය.
13. බලව, ඔවුන්ගෙන් දෙදෙනෙක් ඒ දවසේම යෙරුසලමේ සිට දෙගව්වක් පමණ දුරවූ එම්මාවුස් නම් ගමකට යද්දී,
14. සිද්ධවූ ඒ සියල්ල ගැන කථාකළෝය.
15. තවද ඔවුන් කථාකරමින් විචාරමින් සිටියදී යේසුස්වහන්සේම ඔවුන් ළඟට පැමිණ ඔවුන් සමඟ ගියසේක.
16. නුමුත් ඔවුන් උන්වහන්සේ නාඳුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය.
17. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කථාකර කර යන්නාවූ මේ කාරණා මොනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු දුක්ඛිත මුහුණුවලින් යුක්තව නැවතුණෝය.
18. ඔවුන්ගෙන් ක්ලෙයෝපස් නම් එක්කෙනෙක් උන්වහන්සේට උත්තරදෙමින්: මේ දවස්වලදී යෙරුසලමෙහි විදේශීව සිටිමින්, එහි සිදුවූ කාරණා නොදන්නේ නුඹ පමණක්දැයි උන්වහන්සේට කීවේය.
19. මොන කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට කථාකොට: නාසරිය යේසුස්වහන්සේ ගැන කාරණය. උන්වහන්සේ දෙවියන්වහන්සේද මුළු සෙනඟද ඉදිරියෙහි ක්‍රියාවෙහිත් කථාවෙහිත් බලවත්වූ අනාගතවක්තෘ කෙනෙක්ව සිටිසේක.
20. නායක පූජකයෝද අපගේ මුලාදෑනිහුද උන්වහන්සේ මරණයට පාවාදී කුරුසියෙහි ඇණගැසුවෝය.
21. නුමුත් ඉශ්‍රායෙල් මුදාගන්ට සිටි තැනන්වහන්සේ උන්වහන්සේයයි අපි බලාපොරොත්තුවුණෙමුව. එපමණකුත් නොව මේ දේ සිද්ධවී අදට තුන්වෙනි දවසය.
22. තවද අපේ සමාගම්කාරවූ සමහර ස්ත්‍රීහු අලුයම සොහොන් ගෙය ළඟට ගොස්,
23. උන්වහන්සේගේ ශරීරය නොදැක ඇවිත්, ඔවුන්ට දර්ශනයවූ දේවදූතයන් උන්වහන්සේ ජීවත්ව සිටිනසේකැයි කී බව කියා අප විස්මිතකළෝය.
24. අප සමඟ සිටියවුන්ගෙන් සමහරෙක් සොහොන්ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. නුමුත් ඔව්හු උන්වහන්සේ නුදුටුවෝයයි කීවෝය.
25. එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අඥානයෙනි, අනාගතවක්තෘවරුන් විසින් කියනලද සියල්ල විශ්වාසකරන්ට ප්‍රමාද සිත් ඇත්තෙනි,
26. ක්‍රිස්තුස්වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්ට යුතුව තිබුණා නොවේද කියා,
27. මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන, සියලු ලියවිලි වල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරාදුන්සේක.
28. ඔව්හු යන්ට ගිය ගමට ළංවූවෝය. උන්වහන්සේ වනාහි වඩා දුර යන්නාක්මෙන් දැක්වූසේක.
29. නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමඟ නැවතුණ මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරැත්තකළෝය. උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්ට ඇතුළට ගියසේක.
30. තවද උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට වාඩිවූ කල්හි, රොටි රැගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දුන්සේක.
31. එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක.
32. එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය.
33. ඔව්හු එම පැයේදීම නැගිට යෙරුසලමට හැරී ඇවිත්, එකොළොස් දෙනාද ඔවුන් සමඟ සිටියවුන්ද රැස්ව:
34. ස්වාමීන්වහන්සේ සැබවින්ම නැගුටුණුසේක, සීමොන්ට පෙනුණුසේකැයි කියමින් සිටිනවා දුටුවෝය.
35. එවිට ඔව්හු මගදී සිද්ධවූ කාරණාද රොටි කැඩීමේදී ඔවුන් උන්වහන්සේ ඇඳිනගත් හැටිද කීවෝය.
36. ඔවුන් මෙසේ කථාකරමින් සිටියදී උන්වහන්සේ ඔවුන් මැද සිට: නුඹලාට සමාදානය වේවයි ඔවුන්ට කීසේක.
37. නුමුත් ඔව්හු ත්‍රස්තව, භයපත්ව, ආත්මයක් පෙනුණේයයි සිතුවෝය.
38. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කැලඹෙන්නේ මක්නිසාද? නුඹලාගේ සිත්වල ශංකා හටගන්නේ මක්නිසාද?
39. මාගේ අත් පා බලා, ඒ මමම බව දැනගන්න. මා අතගා බලන්න. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කීසේක.
40. උන්වහන්සේ මෙසේ කියා, තමන් අත් පා ඔවුන්ට පෙන්වූසේක.
41. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුමව සිටියදී, උන්වහන්සේ ඔවුන්ට කථාකොට: කන්ට යමක් මෙහි නුඹලා ළඟ තිබේදැයි ඇසූසේක.
42. ඔව්හු බැදපු මාලු කෑල්ලක් උන්වහන්සේට දුන්නෝය.
43. උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක.
44. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියනලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමඟ සිටියදීම නුඹලාට කී වචන මේයයි කීසේක.
45. එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා,
46. ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්,
47. යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
48. නුඹලා මේ දේවලට සාක්ෂිකාරයෝය.
49. බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.
50. උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකළසේක.
51. තවද උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරද්දී ඔවුන් කෙරෙන් වෙන්ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූසේක.
52. ඔව්හු උන්වහන්සේට නමස්කාරකොට, මහත් ප්‍රීතියෙන් යෙරුසලමට හැරී ඇවිත්,
53. නිතරම දේවමාළිගාවෙහි දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් සිටියෝය.
About ශු. ලූක් Chapter 24
Read ශු. ලූක් Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of ශු. ලූක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. ලූක්
Chapter: 24
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. ලූක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. ලූක් Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. ලූක් Chapter 24?
ශු. ලූක් Chapter 24 is part of the Book of ශු. ලූක් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. ලූක් Chapter 24 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- ශු. ලූක් Chapter 15
- එපීස Chapter 5
- එපීස Chapter 2
- ශු. ලූක් Chapter 23
Explore More from ශු.-ලූක්
- ශු. ලූක් Chapter 2
- ශු. ලූක් Chapter 17
- ශු. ලූක් Chapter 23
- ශු. ලූක් Chapter 12
- ශු. ලූක් Chapter 20
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 14