හිතෝපදේශ Chapter 12

For English

Read හිතෝපදේශ Chapter 12 Online

Read හිතෝපදේශ Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හිතෝපදේශ and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

හිතෝපදේශ 12

පරිච්ඡේදය 12

1. අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය; එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙක්ය.

2. සත්පුරුෂයා ස්වාමීන්වහන්සේ ගෙන් කරුණාව ලබයි; එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක.

3. මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය.

4. ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.

5. ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය.

6. දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැකසිටීමක් වේ; එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගළවන්නේය.

7. දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව පවතින්නේය.

8. මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.

9. කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය.

10. ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.

11. තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය.

12. දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ මුල ඵලදෙන්නේය.

13. තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය.

14. මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය; මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ.

15. මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය.

16. මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.

17. සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.

18. කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.

19. සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.

20. නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ; එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය.

21. ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය; එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරීයන්නෝය.

22. බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.

23. බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.

24. කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය; එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය.

25. මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.

26. ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මගපෙන්වන්නෙක් වේ; එහෙත් දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළාකරයි.

27. අලසයා දඩයමෙන් ගත් දේ පුලුස්සානොගනියි; එහෙත් කඩිසරවීම මනුෂ්‍යයන්ට අනර්ඝ සම්පතක්ය.

28. ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ; ඒකේ මාර්ගයෙහිද මරණය නැත.

About හිතෝපදේශ Chapter 12

Read හිතෝපදේශ Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හිතෝපදේශ
Chapter: 12
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හිතෝපදේශ. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හිතෝපදේශ Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හිතෝපදේශ Chapter 12?

හිතෝපදේශ Chapter 12 is part of the Book of හිතෝපදේශ in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හිතෝපදේශ Chapter 12 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from හිතෝපදේශ

  1. හිතෝපදේශ Chapter 30
  2. හිතෝපදේශ Chapter 16
  3. හිතෝපදේශ Chapter 27
  4. හිතෝපදේශ Chapter 4
  5. හිතෝපදේශ Chapter 31
  6. හිතෝපදේශ Chapter 25
  7. හිතෝපදේශ Chapter 20

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 9
  2. එළිදරව් Chapter 2
  3. ගීතාවලිය Chapter 140
  4. ශු. ලූක් Chapter 2
  5. එසකියෙල් Chapter 9
  6. නික්මයාම Chapter 33
  7. යෙරෙමියා Chapter 24
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *