Read හිතෝපදේශ Chapter 14 Online
Read හිතෝපදේශ Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හිතෝපදේශ and the Holy Bible online.
Choose a Chapter
හිතෝපදේශ 14
පරිච්ඡේදය 14
1. ඥානවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය* ගොඩනගන්නීය; (* එනම්, පවුල) එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.
2. තමාගේ සෘජුකමෙන් හැසිරෙන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවෙන්නේය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ සුළුකොට සලකන්නේය.
3. මෝඩයාගේ මුඛයෙහි උඩඟුකම නමැති ඉපලක් ඇත්තේය; එහෙත් ප්‍රඥාවන්තයන්ගේ තොල් ඔවුන් ආරක්ෂා කරයි.
4. ගවයන් නැති ගාල පවිත්‍රය; එහෙත් ගොනාගේ ශක්තියෙන් බොහෝ අස්වැන්න ලැබේ.
5. විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි; එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු නික්මවයි.
6. නින්දාකරන්නා ප්‍රඥාව සොයන නුමුත් එය සම්බ නොවන්නේය; එහෙත් නුවණ ඇත්තාට දැනගැන්ම පහසුය.
7. අඥානයා ඉදිරියට යන්න, එවිට ඔහුට දැනගැනීමේ තොල් නැති බව නුඹට පෙනෙන්නේය.
8. බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥානයන්ගේ මෝඩකම වංචාවය.
9. මෝඩයෝ වරද ගැන සරදම්කෙරෙති; එහෙත් අවංකයන් අතරේ දේව කරුණාව ඇත්තේය.
10. සිත තමාගේම ශෝකය දනියි; එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි.
11. දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය; එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය.
12. මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.
13. සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය.
14. සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.
15. නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.
16. ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි.
17. ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි.
18. නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය; එහෙත් බුද්ධිමත්හු දැනගැන්ම නමැති ඔටුන්න පැළඳගනිති.
19. නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති.
20. දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය.
21. තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
22. නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය.
23. සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය.
24. ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය; එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය.
25. සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.
26. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.
27. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.
28. රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.
29. කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.
30. මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.
31. දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.
32. දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.
33. නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.
34. ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.
35. රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය; එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස පැමිණේ.
About හිතෝපදේශ Chapter 14
Read හිතෝපදේශ Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: හිතෝපදේශ
Chapter: 14
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading හිතෝපදේශ. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading හිතෝපදේශ Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is හිතෝපදේශ Chapter 14?
හිතෝපදේශ Chapter 14 is part of the Book of හිතෝපදේශ in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete හිතෝපදේශ Chapter 14 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
Explore More from හිතෝපදේශ
- හිතෝපදේශ Chapter 3
- හිතෝපදේශ Chapter 17
- හිතෝපදේශ Chapter 19
- හිතෝපදේශ Chapter 1
- හිතෝපදේශ Chapter 29
- හිතෝපදේශ Chapter 10
- හිතෝපදේශ Chapter 27