හිතෝපදේශ Chapter 21

For English

Read හිතෝපදේශ Chapter 21 Online

Read හිතෝපදේශ Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හිතෝපදේශ and the Holy Bible online.

Choose a Chapter

හිතෝපදේශ 21

පරිච්ඡේදය 21

1. රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.

2. මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.

3. පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.

4. අහංකාර බැල්මද උඩඟු සිතද යන දුෂ්ටයන්ගේ පහන පාපයය.

5. කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

6. බොරුකාර දිවකින් වස්තු ලබාගැන්ම හුළඟට ගසාගනයන දුමාරයක්ය; ඒවා මරණයේ මලපත්ය.

7. දුෂ්ටයෝ යුක්තිය කිරීමට අකමැති නිසා තමුන්ගේ බලාත්කාරකමෙන් බැහැර කරනු ලබන්නෝය.

8. වරදෙන් බරවූ අයගේ මාර්ගය ඉතා ඇදය; එහෙත් පිරිසිදු අයගේ ක්‍රියාව සෘජුය.

9. ඩබරකාර ස්ත්‍රියෙකු සමඟ පොදු ගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.

10. දුෂ්ටයාගේ ආත්මය නපුරට ආශාවන්නේය; ඔහුගේ අසල්වාසියාට ඔහුගේ ඇස් හමුයෙහි කරුණාව නොලැබේ.

11. නින්දාකරන්නාට දඬුවම් ලැබෙන විට නුවණ නැත්තා ප්‍රඥාවන්ත වේ. ප්‍රඥාවන්තයාට දැනමුතුකම් දෙන විට ඔහු දැනගැන්ම ලබයි.

12. ධර්මිෂ්ඨ තැනන්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක; උන්වහන්සේ දුෂ්ටයන් විපතට හෙළාදමනසේක.

13. දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.

14. රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩෙක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි.

15. යුක්තිය කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.

16. ප්‍රඥාවේ මාර්ගයෙන් මුළාවයන මනුෂ්‍යයා මළවුන්ගේ සමාගමේ වසන්නේය.

17. සැප සෙල්ලමට ඇලුම්වෙන්නා හිඟමනට පැමිණෙයි; මුද්‍රිකපානයටත් තෙලටත් ඇලුම්වෙන්නා පොහොසත් නොවන්නේය.

18. දුෂ්ටයා ධර්මිෂ්ඨයා උදෙසා මිදීමේ මිලයක්ය; අවංක අය වෙනුවට ද්‍රෝහියා පැමිණෙයි.

19. ඩබරකාරවූ තරහ ගති ඇති ස්ත්‍රියෙක් සමඟ විසීමට වඩා කාන්තාර දේශයක සිටීම හොඳය.

20. අනර්ඝ වස්තුවද තෙල්ද ප්‍රඥාවන්තයාගේ නිවසෙහි ඇත; එහෙත් අඥානයා ඒවා ගිලදමයි.

21. ධර්මිෂ්ඨකමද කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ.

22. ප්‍රඥාවත්තෙම බලවතුන්ගේ නුවරට නැගී, ඔවුන් විශ්වාසකරන බලය හෙළා දමන්නේය.

23. තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.

24. උඩඟු අහංකාර අයගේ නම නින්දාකරන්නාය, ඔහු අහංකාර මානයෙන් ක්‍රියාකරන්නේය.

25. අලසයාගේ ආශාව ඔහු මරයි; මක්නිසාද ඔහුගේ අත් වැඩකරන්ට අකැමතිය.

26. දවස මුළු‍ල්ලේ ගිජුලෙස ආශාවන්නෙක් ඇත; එහෙත් ධර්මිෂ්ඨයා නොවලක්වා දෙන්නේය.

27. දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය; ඔහු එය ප්‍රයෝග සිතින් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?

28. බොරු සාක්ෂිකාරයා විනාශවන්නේය; එහෙත් ඇහුම්කන්දෙන්නා අවහිරයක් නැතුව කථාකරන්නේය.

29. දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි; එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි.

30. ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.

31. අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.

About හිතෝපදේශ Chapter 21

Read හිතෝපදේශ Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හිතෝපදේශ
Chapter: 21
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හිතෝපදේශ. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හිතෝපදේශ Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හිතෝපදේශ Chapter 21?

හිතෝපදේශ Chapter 21 is part of the Book of හිතෝපදේශ in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හිතෝපදේශ Chapter 21 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 6

Explore More from හිතෝපදේශ

  1. හිතෝපදේශ Chapter 13
  2. හිතෝපදේශ Chapter 6
  3. හිතෝපදේශ Chapter 5
  4. හිතෝපදේශ Chapter 1
  5. හිතෝපදේශ Chapter 18
  6. හිතෝපදේශ Chapter 26
  7. හිතෝපදේශ Chapter 23

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 35
  2. ගීතාවලිය Chapter 23
  3. ලෙවී කථාව Chapter 25
  4. ශු. ලූක් Chapter 22
  5. එසකියෙල් Chapter 46
  6. ගීතාවලිය Chapter 88
  7. දානියෙල් Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *