හිතෝපදේශ Chapter 16

For English

Read හිතෝපදේශ Chapter 16 Online

Read හිතෝපදේශ Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හිතෝපදේශ and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

හිතෝපදේශ 16

පරිච්ඡේදය 16

1. සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.

2. මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ; එහෙත් ස්වාමීන්වහන්සේ ආත්ම කිරා බලනසේක.

3. නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.

4. ස්වාමීන්වහන්සේ ඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක.

5. උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; අතට* අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය. (* නොහොත්, ඒකාන්තයෙන්ම)

6. කරුණාවත් සැබෑකමත් කරණකොටගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.

7. මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.

8. අයුක්තිය ඇතුව බොහෝ සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව ස්වල්පයක් හොඳය.

9. මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.

10. රජුගේ මුවෙහි දිව්‍ය වාක්‍යයක් ඇත; විනිශ්චයේදී ඔහුගේ මුඛය වරද නොකරන්නේය.

11. යුතු තුලාවක්ද තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය; මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය.

12. දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය; මක්නිසාද සිංහාසනය ස්ථිරවෙන්නේ ධර්මිෂ්ඨකමෙන්ය.

13. ධර්මිෂ්ඨ තොල්වලට රජවරු ප්‍රියවෙති; යුතුලෙස කථාකරන්නාටද ඔව්හු ප්‍රේමවෙති.

14. රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය; එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයා එය සහනයකරන්නේය.

15. රජුගේ මුහුණේ එළියෙන් ජීවත්වීම ඇත; ඔහුගේ කරුණාව අන්තිම වර්ෂා කාලයේ වලාකුළක් මෙනි.

16. ප්‍රඥාව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද! එසේය, නුවණ ලබාගැනීම රිදීවලටත් වඩා අනර්ඝය.

17. අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය; තමාගේ මාර්ගය බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය.

18. විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.

19. උදාරම් අය සමඟ කොල්ලයක් බෙදාගැනීමට වඩා දිළිඳු අය සමඟ යටත් සිතක් ඇතුව සිටීම හොඳය.

20. දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.

21. සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය; තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැන්ම වැඩිවේ.

22. නුවණ ඇත්තාට ඒක ජීවන උල්පතක්ය; එහෙත් අඥානයන්ගේ ගුරුකම මෝඩකමය.

23. ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි.

24. ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.

25. මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය.

26. වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි; මක්නිසාද ඔහුගේ කට ඔහු පොළඹවයි.

27. දුර්ජන මනුෂ්‍යයා නපුරු උපා යොදයි; ඔහුගේ තොල්වල ඇවිළෙන ගිනිවැන්නක් තිබේ.

28. ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.

29. බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.

30. ඔහු ප්‍රයෝග යොදන පිණිස තමාගේ ඇස් පියාගන, තමාගේ තොල් විකාගන නපුර පමුණුවයි.

31. පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි;

32. බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.

33. පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.

About හිතෝපදේශ Chapter 16

Read හිතෝපදේශ Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හිතෝපදේශ
Chapter: 16
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හිතෝපදේශ. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හිතෝපදේශ Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හිතෝපදේශ Chapter 16?

හිතෝපදේශ Chapter 16 is part of the Book of හිතෝපදේශ in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හිතෝපදේශ Chapter 16 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from හිතෝපදේශ

  1. හිතෝපදේශ Chapter 5
  2. හිතෝපදේශ Chapter 20
  3. හිතෝපදේශ Chapter 2
  4. හිතෝපදේශ Chapter 21
  5. හිතෝපදේශ Chapter 11
  6. හිතෝපදේශ Chapter 26
  7. හිතෝපදේශ Chapter 18

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 5
  2. ගීතාවලිය Chapter 37
  3. 2 ලේකම් Chapter 21
  4. විනිශ්චයකාරයන් Chapter 13
  5. විනිශ්චයකාරයන් Chapter 16
  6. යෝෂුවා Chapter 8
  7. නික්මයාම Chapter 28
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *