ශු. යොහන් Chapter 4

For English

Read ශු. යොහන් Chapter 4 Online

Read ශු. යොහන් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.

Choose a Chapter

ශු. යොහන් 4

පරිච්ඡේදය 4

1. එබැවින් (යේසුස්වහන්සේගේ ගෝලයන් මිස උන්වහන්සේම බව්තීස්ම නොකළ නුමුත්)

2. උන්වහන්සේ යොහන්ට වඩා ගෝලයන් සාදාගෙන් බව්තීස්මකරනසේකැයි ඵරිසිවරුන්ට ආරංචිවූ බව ස්වාමීන්වහන්සේ දැනගත් කල,

3. යුදය අත්හැර නැවත ගලීලයට ගියසේක.

4. උන්වහන්සේ සමාරිය මැදින් යන්ට ඕනෑ බැවින්,

5. යාකොබ් තමාගේ පුත්‍රවූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිඛාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක.

6. එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය.

7. සමාරියේ ස්ත්‍රියෙක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක.

8. මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය.

9. එවිට සමාරිය ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. (මක්නිසාද සමාරියය‍න් සමඟ යුදෙව්වන්ගේ ගනුදෙනුවක් නැත.)

10. යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාන් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.

11. ස්ත්‍රීද: ස්වාමිනි, වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද?

12. ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය.

13. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ වතුර බොන හැමදෙනාට නැවත පිපාසාවන්නේය.

14. නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්වෙන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.

15. ස්ත්‍රීද: ස්වාමිනි, මට පිපාසා නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොඑන පිණිසත් එ වතුර මට දුන මැනවයි කීවාය.

16. ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක .

17. ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය. යේසුස්වහන්සේ ඈට කිය්න්සේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය.

18. මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක.

19. ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ.

20. අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි නුඹවහන්සේලා කියන්නහුයයි කීවාය.

21. යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය.

22. නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුනගෙන්ය.

23. නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.

24. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

25. ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: (ක්‍රිස්තුස්යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වනසේකැයි කීවාය.

26. නුඹ සමඟ කථාකරන්නාවූ මම උන්වහන්සේයයි යේසුස්වහන්සේ ඈට කීසේක.

27. එවිට උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්, උන්වහන්සේ ස්ත්‍රියෙක් සමඟ කථාකරමින් සිටියාට මවිතවූවෝය; එහෙත් ඔබ කුමක් සොයනසේක්ද? නොහොත් ඈ සමඟ කථාකරන්නේ මක්නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත.

28. එකල ස්ත්‍රී තමාගේ කළය තබා නුවරට ගොස්:

29. මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය.

30. එවිට ඔව්හු නුවරින් පිටත්ව උන්වහන්සේ වෙතට ආවෝය.

31. ඒ අතර ගෝලයෝ කථාකොට: රබ්බි, කෑව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය.

32. නුමුත් උන්වහන්සේ: නුඹලා නොදන්නා කෑමක් කන්නට මට තිබේයයි ඔවුන්ට කීසේක.

33. එබැවින්: කවුරුවත් උන්වහන්සේට කෑම ගෙනාවාදෝ කියා ගෝලයෝ එකිනෙකා කථාකරගත්තෝය.

34. යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්තකොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.

35. තව සාරමසක් ගිය කල ගොයම් කපන කාලය පැමිණෙන්නේයයි නුඹලා කියනවා නොවේද? මම නුඹලාට කියමි-නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා, ගොයම් දැනටම කැපීමට පැහී තිබෙන බව බලන්න.

36. වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂවන පිණිස, කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතුකරගන්නේය.

37. මක්නිසාද: එක්කෙනෙක් වපුරන්නේය, වෙන කෙනෙක් කපන්නේය යන කීම මෙයින් සැබෑවේ.

38. නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්ට මම නුඹලා යැවීමි. අන්‍යයෝ වැඩකළෝය, නුඹලා ඔවුන්ගේ වැඩට පැමින්නෝයයි කීසේක.

39. මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකැයි සාක්ෂිදුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

40. එවිට සමාරියවරු උන්වහන්සේ ළඟට ඇවිත්, තමුන් සමඟ නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ දෙදවසක් එහි නැවතුණුසේක.

41. වෙනත් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ වචන නිසා අදහා,

42. ස්ත්‍රියට කථාකොට: අප දැන් අදහන්නේ නුඹේ කීම නිසා නොවේ. මක්නිසාද අපිම අසා, සැබෑවටම මුන්වහන්සේ ලෝකයාගේ ගැළවුම්කාරයාණන් බව දනිමුයයි කීවෝය.

43. ඒ දෙදවසට පසු උන්වහන්සේ එතැනින් පිටත්ව ගලීලයට ගියසේක.

44. මක්නිසාද අනාගතවක්තෘ කෙනෙකුට තමාගේම රටේදී ගෞරව නැතැයි යේසුස්වහන්සේම සාක්ෂිදුන්සේක.

45. මෙසේ උන්වහන්සේ ගලීලයට පැමිණි කල, ගලීලයෝ මංගල්‍යයේදී උන්වහන්සේ විසින් යෙරුසලමෙහි කළ සියල්ල දැක උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද ඔව්හුද මංගල්‍යයට පැමිණියෝය.

46. එවිට උන්වහන්සේ තමන් විසින් වතුරෙන් මුද්‍රිකපානය සෑදුවාවූ ගලීලයේ කානා නුවරට නැවත පැමිණිසේක. කපර්ණවුමෙහි රෝගීවු පුත්‍රයෙකු ඇති එක්තරා ඇමතියෙක් සිටියේය.

47. ඔහු යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ඇවිත් සිටින බව අසා, උන්වහන්සේ ළඟට ගොස්, ඇවිත් තමාගේ පුත්‍රයා සුවකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය; මක්නිසාද ඔහු මරණාසන්නව සිටියේය.

48. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹලා ලකුණුද පුදුමද නුදුටුවොත් කිසිසේත් විශ්වාසකරන්නේ නැතැයි ඔහුට කීසේක.

49. ස්වාමිනි, මාගේ දරුවා නසින්ට පළමුවෙන් අව මැනවයි ඇමතියා කීවේය.

50. යේසුස්වහන්සේද: යන්න, නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීසේක. ඒ මනුෂ්‍යයා තමාට යේසුස්වහන්සේ කී වචනය විශ්වාසකරගෙන ගියේය.

51. ඔහු යන කල ඔහුගේ දාසයෝ ඔහු පෙරමගට ඇවිත් ඔහුගේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීවෝය.

52. එවිට ඔහුට සුවවෙන්ට පටන්ගත්තේ කොයි පැයේදීදැයි ඔහු ඔවුන්ගෙන් විචාළේය. ඊයේ සත්වෙනි පැයේදී උණ බැස්සේයයි ඔව්හු ඔහුට කීවෝය.

53. නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි යේසුස්වහන්සේ තමාට කී පැය එයමයයි පියා දැන, ඔහුද ඔහුගේ ගෙයි සියල්ලෝද අදහාගත්තෝය.

54. මේ වනාහි යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු කළාවූ දෙවෙනි හාස්කමය.

About ශු. යොහන් Chapter 4

Read ශු. යොහන් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. යොහන්
Chapter: 4
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. යොහන් Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. යොහන් Chapter 4?

ශු. යොහන් Chapter 4 is part of the Book of ශු. යොහන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. යොහන් Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. ශු. ලූක් Chapter 15
  6. එපීස Chapter 5
  7. ශු. ලූක් Chapter 23

Explore More from ශු.-යොහන්

  1. ශු. යොහන් Chapter 12
  2. ශු. යොහන් Chapter 19
  3. ශු. යොහන් Chapter 6
  4. ශු. යොහන් Chapter 14
  5. ශු. යොහන් Chapter 21
  6. ශු. යොහන් Chapter 16
  7. ශු. යොහන් Chapter 7

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 21
  2. ශු. යොහන් Chapter 16
  3. එපීස Chapter 2
  4. එසකියෙල් Chapter 7
  5. ගීතාවලිය Chapter 79
  6. ගීතාවලිය Chapter 113
  7. නාහුම් Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *