Read ශු. යොහන් Chapter 11 Online
Read ශු. යොහන් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.
Choose a Chapter
ශු. යොහන් 11
පරිච්ඡේදය 11
1. මරියාගේද ඇගේ සහෝදරීවූ මාර්තාගේද ගමවූ බෙතානියෙහි ලාසරුස් නම් එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේය.
2. ඒ මරියා නම් ස්වාමීන්වහන්සේට සුවඳ තෙල් ආලේප කොට ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැමූ තැනැත්තීය, රෝගීව සිටි ලාසරුස් ඇගේ සහෝදරයාය.
3. එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.
4. නුමුත් යේසුස්වහන්සේ ඒ අසා: ඒ රෝගය මරණය පිණිස නොව එයින් දෙවියන්වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පිණිස දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහායයි කීසේක.
5. යේසුස්වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද ප්‍රේමකළසේක.
6. ඔහු රෝගීව සිටින බව උන්වහන්සේ ඇසූ කල්හි, තමන් සිටි ස්ථානයේම තව දෙදවසක් නැවතුණුසේක.
7. ඉන්පසු උන්වහන්සේ: යුදයට නැවත යමුයයි ගෝලයන්ට කීසේක.
8. ගෝලයෝද: රබ්බි, මේ ළඟදී යුදෙව්වරු ඔබට ගල්ගසන්ට සෙවුවෝය; එතැනට ඔබ නැවත යනසේක්දැයි උන්වහන්සේට කීවෝය.
9. යේසුස්වහන්සේ උත්තරදෙමින්: දවාලට දොළොස් පැයක් තිබෙනවා නොවේද? යමෙක් දහවල් ඇවිදින්නේ නම්, මේ ලෝකයේ එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිලෙයි.
10. නුමුත් යමෙක් රාත්‍රියෙහි ඇවිදින්නේ නම්, ඔහු තුළ එළිය නැති නිසා ඔහු පැකිලේයයි කීසේක.
11. උන්වහන්සේ මෙසේ කියා, පසුව: අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමියි ඔවුන්ට කීසේක.
12. එබැවින් ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුවවේයයි කීවෝය.
13. යේසුස්වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය. ඔව්හු, නින්දේ පහසුගැනීම ගැන උන්වහන්සේ කීසේකැයි සිතුවෝය.
14. එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට පැහැදිලිලෙස කථාකොට: ලාසරුස් මැරිලාය.
15. නුඹලා විශ්වාසකරන පිණිස මා එහි නොසිටියාට නුඹලා නිසා සතුටුවෙමි; එසේවී නුමුත් ඔහු ළඟට යමුයයි කීසේක.
16. එහෙයින් දිදිමුස් නම්වූ තෝමස්: අපිත් මුන්වහන්සේ සමඟ නසින පිණිස යමුයයි සහකාර ගෝලයන්ට කීවේය.
17. එසේ යේසුස්වහන්සේ ආ කල ඔහු සොහොන්ගෙයි තබා එවකට සතර දිනක් වූ බව දැනගත්සේක.
18. බෙතානිය යෙරුසලමට කිට්ටුව හැතැප්ම දෙකක් පමණ දුරව තිබුණේය;
19. යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය.
20. එබැවින් මාර්තා යේසුස්වහන්සේ එන බව ඇසූ විට උන්වහන්සේ සම්මුඛවන්ට ගියාය. නුමුත් මරියා ගෙයි ඉඳගෙන උන්නාය.
21. එසේ හෙයින් මාර්තා යේසුස්වහන්සේට කියන්නී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි.
22. දැනුත් ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලනසේක් නම්, ඒක දෙවියන්වහන්සේ ඔබට දෙන බව දනිමියි කීවාය.
23. නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේයයි යේසුස්වහන්සේ ඈට කීසේක.
24. අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමියි මාර්තා උන්වහන්සේට කීවාය.
25. යේසුස්වහන්සේ: නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.
26. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය. මේක විශ්වාසකරනවාදැයි ඈට කීසේක.
27. ඈ: එසේය, ස්වාමිනි ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ලෝකයට එන තැනන්වහන්සේවූ ක්‍රිස්තුස් බව විශ්වාසකරගන සිටිමියි උන්වහන්සේට කීවාය.
28. ඈ මෙසේ කියා ගොස් ඇගේ සහෝදරීවූ මරියා රහසින් කැඳවා: ආචාරීන්වහන්සේ ඇවිත් නුඹට අඬගසනසේකැයි කීවාය.
29. ඈ ඒ අසා වහාම නැගිට උන්වහන්සේ ළඟට ගියාය.
30. (ඒ වන තුරු යේසුස්වහන්සේ ගමට නොපැමිණ මාර්තා උන්වහන්සේට සම්මුඛවූ ස්ථානයේම සිටිසේක.)
31. එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටියාවූ යුදෙව්වරු, ඈ වහාම නැගිට පිටතට යන බව දැක, සොහොන්ගේ ළඟදී අඬන පිණිස එහි යන්නීයයි සිතා, ඈ පස්සේ ගියෝය.
32. එබැවින් මරියා යේසුස්වහන්සේ සිටි තැනට ඇවිත්, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැයි උන්වහන්සේට කීවාය.
33. යේසුස්වහන්සේ ඈ අඬනවාත් ඈ සමඟ ආ යුදෙව්වරුන් අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී:
34. ඔහු කොතැන තැබුවහුදැයි ඇසූසේක. ස්වාමීනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
35. යේසුස්වහන්සේ ඇඬූසේක.
36. එහෙයින් යුදෙව්වරු කථාකොට: මුන්වහන්සේ මොහුට කොපමණ ආදරේවූසේක්දැයි බලන්නැයි කීවෝය.
37. නුමුත් ඔවුන්ගෙන් සමහරෙක්: අන්ධයාගේ ඇස් පැහැදුවාවූ මුන්වහන්සේට මේ තැනැත්තා නොමැරී සිටින්ට සලස්වන්ට බැරිවුණාදැයි කීවෝය.
38. එවිට යේසුස්වහන්සේ නැවතත් තමන් තුළ සුසුම්ලමින් සොහොන් ගේ ළඟට පැමිණිසේක. ඒක වනාහි ගුහාවක්ය, ඊට ගලක් හේත්තුකර තිබුණේය.
39. ගල අහක්කරන්නැයි යේසුස්වහන්සේ කීසේක. මළ තැනැත්තාගේ සහෝදරීවූ මාර්තා: ස්වාමීනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය.
40. යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක.
41. එවිට ඔව්හු ගල අහක්කළෝය. යේසුස්වහන්සේ ඇස් ඔසවා: පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි.
42. ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නුමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නාවූ සමූහයා විශ්වාසකරන පිණිස ඔවුන් නිසායයි කීසේක.
43. උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක.
44. මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.
45. එබැවින් මරියා වෙතට ආවාවූ යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ කළ දෙය දැක උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
46. නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් ඵරිසිවරුන් ළඟට ගොස් යේසුස්වහන්සේ කළ දේවල් ඔවුන්ට කීවෝය.
47. එබැවින් නායක පූජකයෝද ඵරිසිවරුද මන්ත්‍රණ සභාවක් රැස්කරවා: අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි.
48. අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇතැයි කීවෝය.
49. එවිට ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඒ අවුරුද්දට උත්තම පූජකවූ කායාඵස් ඔවුන්ට කියනුයේ: නුඹලා කිසිවක්ම දන්නේ නැත,
50. මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනඟ උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනාකරන්නේ නැතැයි කීවේය.
51. ඔහු ඒ කීම තමා විසින්ම උපදවා කීවා නොවේය. ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින්, යේසුස්වහන්සේ ඒ ජාතිය උදෙසා මැරෙන බවත්,
52. ඒ ජාතිය උදෙසා පමණක් නොව දෙවියන්වහන්සේගේ විසිරගියාවූ දරුවන් එකට රැස්කරන පිණිස මැරෙන බවත් අනාගතවාක්‍යයෙන් කීවේය.
53. මෙසේ එදා පටන් ඔව්හු උන්වහන්සේ මරන්ට මන්ත්‍රණයකළෝය.
54. එහෙයින් යේසුස්වහන්සේ යුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධයෙන් නොහැසිර, එයින් පිටත්ව වනාන්තරයට සමීප පළාතට පැමිණ, එප්‍රායිම් නම් නුවරකට ගොස් ගෝලයන් සමඟ එහි නැවතී සිටිසේක.
55. එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළංව තිබුණේය. බොහෝ දෙනෙක් තමුන්ම පවිත්‍රකර ගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත්වලින් නික්ම යෙරුසලමට ගියෝය.
56. එවිට ඔව්හු යේසුස්වහන්සේ සොයමින්: නුඹලා කුමක් සිතනවාද? ඔහු මංගල්‍යයට නේනවාදෝ කියමින්, දේවමාළිගාවේ සිට ඔවුනොවුන් කථාකළෝය.
57. උන්වහන්සේ සිටින තැන යමෙක් දනිතොත් උන්වහන්සේ අල්ලාගන්න පිණිස ඒ බව කියන්ට නායක පූජකයන් හා ඵරිසිවරුන් විසින් අණ දී තිබුණේය.
About ශු. යොහන් Chapter 11
Read ශු. යොහන් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. යොහන්
Chapter: 11
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. යොහන් Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. යොහන් Chapter 11?
ශු. යොහන් Chapter 11 is part of the Book of ශු. යොහන් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. යොහන් Chapter 11 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- ශු. ලූක් Chapter 15
- එපීස Chapter 5
- එපීස Chapter 2
- ශු. ලූක් Chapter 23
Explore More from ශු.-යොහන්
- ශු. යොහන් Chapter 12
- ශු. යොහන් Chapter 13
- ශු. යොහන් Chapter 18
- ශු. යොහන් Chapter 14
- ශු. යොහන් Chapter 3
- ශු. යොහන් Chapter 16
- ශු. යොහන් Chapter 7