Read ශු. යොහන් Chapter 9 Online
Read ශු. යොහන් Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.
Choose a Chapter
ශු. යොහන් 9
පරිච්ඡේදය 9
1. උන්වහන්සේ යද්දී, උපන්දා පටන් අන්ධවූ මනුෂ්‍යයෙකු දුටුසේක.
2. උන්වහන්සේගේ ගෝලයෝ: රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව්කළේ කවුද? මොහුද? මොහුගේ මවුපියෝදැයි ඇසුවෝය.
3. යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව්කළ නිසා නොවේ.
4. දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.
5. මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමියි කීසේක.
6. උන්වහන්සේ මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා:
7. නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදාගන්නැයි ඔහුට කීසේක. (සිලෝවම් යන වචනයේ අර්ථය එවනලද්දේය යනුයි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය.
8. එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නෙක්ව සිටි බව පෙර දුටු අයද කථාකොට: ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදැයි කීවෝය.
9. සමහරෙක්: මේ ඔහුයයි කීවෝය. තවත් අය: නැත, නුමුත් මොහු ඔහු වාගේයයි කීවෝය. ඒ මමයයි ඔහු කීවේය.
10. එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කොහොමදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.
11. ඔහු උත්තරදෙමින්: යේසුස් නම් මනුෂ්‍යයා මඩ සාදා මාගේ ඇස්වල ගා-නුඹ සිලෝවම්ට ගොස් සෝදාගන්නැයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබීමියි කීවේය.
12. ඔහු කොතැන්හිදැයි ඔව්හු ඇසුවෝය. මම නොදනිමියි ඔහු කීවේය.
13. පළමු අන්ධව සිටි තැනැත්තා ඔව්හු ඵරිසිවරුන් ළඟට ගෙනගියෝය.
14. යේසුස්වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනාහි සබත් දවසය.
15. එබැවින් ඵරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදැයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද: උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක, මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමියි ඔවුන්ට කීවේය.
16. එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.
17. එබැවින් ඔව්හු නැවත අන්ධයාට කථාකොට: ඔහු නුඹේ ඇස් පෑදූ නිසා, ඔහු ගැන නුඹ කියන්නේ කුමක්දැයි ඇසුවෝය. උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි ඔහු කීවේය.
18. එබැවින් යුදෙව්වරු පෙනීම ලැබු ඒ අයගේ මවුපියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට:
19. අන්ධව උපන්නේයයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහුද? එසේවී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
20. ඔහුගේ මවුපියෝ ඔවුන්ට උත්තරදෙමින්: මොහු අපගේ පුත්‍රයා බවද අන්ධව උපන් බවද අපි දනිමුව.
21. නුමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි නොදනිමුව; ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න; ඔහුට වයස් ඇත්තේය; ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය.
22. ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේගේ ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය.
23. ඒ නිසා ඔහුගේ මවුපියෝ: ඔහුට වයස් ඇත්තේය, ඔහුගෙන් අසන්නැයි කීවෝය.
24. එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.
25. එබැවින් ඔහු උත්තරදෙමින්: උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි-මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය.
26. එබැවින් ඔව්හු; ඔහු නුඹට කුමක් කෙළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදැයි ඔහුගෙන් ඇසුවෝය.
27. ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මම මේ දැන් නුඹලාට කීමි, නුමුත් නුඹලා ඇසුවේ නැත. නුඹලා නැවත අසන්ට කැමති මක්නිසාද? නුඹලාත් උන්වහන්සේගේ ගෝලයන් වෙන්ට කැමතිදැයි කීවේය.
28. ඔව්හු ඔහුට නින්දාකොට: නුඹ ඔහුගේ ගෝලයාය; අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය.
29. දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකර තිබෙන බව අපි දනිමුව. නුමුත් මේ මනුෂ්‍යයා ගැන නම් ඔහු කොතැනින්දැයි අපි නොදනිමුයයි කීවෝය.
30. ඒ මනුෂ්‍යයා ඔවුන්ට උත්තරදෙමින්: ඇයි, මේක පුදුමයක්ය, උන්වහන්සේ මාගේ ඇස් පාදා තිබියදීත් උන්වහන්සේ කොතැනින් ආසේක්ද කියා නුඹලා නොදන්නහුය.
31. දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්තකරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව.
32. කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය.
33. මුන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙන් නාසේක් නම් කිසිදෙයක් කරන්ට උන්වහන්සේට නුපුළුවනැයි කීවේය.
34. ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.
35. ඔවුන් ඔහු අහක්කළ බව යේසුස්වහන්සේට ආරංචිවිය; උන්වහන්සේට ඔහු සම්බව: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහනවාදැයි ඇසූසේක.
36. ඔහු උත්තරදෙමින්; ස්වාමිනි, උන්වහන්සේ කෙරෙහි මා අදහන පිණිස උන්වහන්සේ කවුදැයි ඇසීය.
37. යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: නුඹ උන්වහන්සේ දුටුවෙහිය, නුඹ සමඟ කථාකරන්නෙත් උන්වහන්සේයයි කීසේක.
38. ස්වාමිනි, මම අදහමියි කියා ඔහු උන්වහන්සේට නමස්කාරකෙළේය.
39. යේසුස්වහන්සේ කථාකොට: ඇස් නොපෙනෙනවුන්ට පෙනෙන පිණිසද ඇස් පෙනෙනවුන් අන්ධවෙන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමියි කීසේක.
40. උන්වහන්සේ සමඟ සිටියාවූ ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඒ අසා: අපිත් අන්ධයෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
41. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත; නුමුත් දැන්-අපට පෙනේයයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේයයි ඔවුන්ට කීසේක.
About ශු. යොහන් Chapter 9
Read ශු. යොහන් Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. යොහන්
Chapter: 9
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. යොහන් Chapter 9 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. යොහන් Chapter 9?
ශු. යොහන් Chapter 9 is part of the Book of ශු. යොහන් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. යොහන් Chapter 9 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 23
- ශු. ලූක් Chapter 15
Explore More from ශු.-යොහන්
- ශු. යොහන් Chapter 15
- ශු. යොහන් Chapter 1
- ශු. යොහන් Chapter 10
- ශු. යොහන් Chapter 20
- ශු. යොහන් Chapter 16
- ශු. යොහන් Chapter 7
- ශු. යොහන් Chapter 2