ශු. යොහන් Chapter 5

For English

Read ශු. යොහන් Chapter 5 Online

Read ශු. යොහන් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.

Choose a Chapter

ශු. යොහන් 5

පරිච්ඡේදය 5

1. ඉන්පසු යුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක.

2. යෙරුසලමෙහි බැටළුදොර ළඟ හෙබ්‍රෙව් භාෂාවෙන් බෙතෙස්දා නම්වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ.

3. ඒවායේ අන්ධයෝය, කොරුය, වියළි අවයව ඇත්තෝය යන රෝගීන් සමූහයක් ඔත්පළව උන්නෝය.

4. (දේවදූතයෙක් බැස පොකුණේ වතුර කැලඹීමක් හතරවෙනි පදය සමහර පිටපත් වල ඇත.)

5. තිස්අට අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිතවූ එක්තරා මනුෂ්‍යයෙක් එහි සිටියේය.

6. ඔහු ඔත්පළව ඉන්නවා යේසුස්වහන්සේ දැක, ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන: නුඹ සුවය ලබන්ට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක.

7. රෝගියා උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, වතුර කැලඹෙනකල මා පොකුණට බස්වන්ට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේයයි කීවේය.

8. නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.

9. එකෙණෙහිම ඒ මනුෂ්‍යයා සුවපත්ව, තමාගේ යහන රැගෙන ගියේය.

10. ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.

11. නුමුත් ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මා සුවකළ තැනැත්තේම-නුඹේ යහන රැගෙන යන්නැයි මට කීසේකැයි කීවේය.

12. නුඹේ යහන රැගෙන යන්නැයි නුඹට කී මනුෂ්‍යයා කවුදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.

13. ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය.

14. ඉන්පසු යේසුස්වහන්සේ දේවමාළිගාවේදී ඔහු දැක: බලන්න, නුඹ සුවය ලැබුවෙහිය. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස, තවත් පව් නොකරන්නැයි ඔහුට කීසේක.

15. ඒ මනුෂ්‍යයා ගොස් යේසුස්වහන්සේ විසින් තමාට සුවකළ බව යුදෙව්වරුන්ට දැන්විය.

16. යේසුස්වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩාකළෝය.

17. නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමියි කීසේක.

18. එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමානකරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය.

19. එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි-පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.

20. කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක.

21. මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය.

22. තවද සියල්ලන් විසින් පියාණන්වහන්සේට ගෞරවකරන්නාක් මෙන්ම පුත්‍රයාටත් ගෞරවකරන පිණිස,

23. පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.

24. සැබවක් සැබවක් නුඹලාට කියමි-මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

25. සැබවක් සැබවක් නුඹලාට කියමි-දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය.

26. මක්නිසාද පියාණන්වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක්මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය ඇතුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක.

27. ඔහු මනුෂ්‍ය පුත්‍රයා බැවින් විනිශ්චයකරන්ටද බලය දුන්සේක.

28. මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ,

29. යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.

30. මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි.

31. මම මා ගැනම සාක්ෂිදෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ.

32. මා ගැන සාක්ෂිදෙන්නේ වෙන කෙනෙක්ය; උන්වහන්සේ විසින් මා ගැන දෙන සාක්ෂිය සැබෑ බව දනිමි.

33. නුඹලා යොහන් ළඟට මනුෂ්‍යයන් යැවූහුය, ඔහු සත්‍යතාව ගැන සාක්ෂිදුන්නේය.

34. එහෙත් මා ලබන සාක්ෂිය මනුෂ්‍යයන්ගෙන් නොවේ. එසේ වූවත් නුඹලා ගැළවෙන පිණිස මේ දේ කියමි.

35. ඔහු ඇවිළෙන්නාවූ බබළන්නාවූ පහනව සිටියේය. නුඹලාද කාලයක් ඔහුගේ එළියෙහි ප්‍රීතිමත්වන්ට කැමැතිව සිටියහුය.

36. නුමුත් මට ඇත්තාවූ සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්ය. මක්නිසාද මා විසින් ඉෂ්ටකරන පිණිස පියාණන්වහන්සේ මට භාරදුන්නාවූ මා කරන්නාවූ වැඩම, පියාණන්වහන්සේ මා එවූ බවට මා ගැන සාක්ෂිදෙයි.

37. තවද මා එවූ පියාණන්වහන්සේම මා ගැන සාක්ෂිදුන්සේක. නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත.

38. උන්වහන්සේගේ වචනය නුඹලා තුළ පවතින්නෙත් නැත. මක්නිසාද උන්වහන්සේ විසින් එවනලද තැනැත්තා නුඹලා විශ්වාසකරන්නේ නැත.

39. ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;

40. නුමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත.

41. මම මනුෂ්‍යයන්ගෙන් ගෞරවය නොලබමි.

42. නුමුත් නුඹලා අඳුනමි, දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය නුඹලා තුළ නැති බව දනිමි.

43. මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත.

44. එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?

45. පියාණන්වහන්සේ ඉදිරියෙහි මම නුඹලාට වරද තබන්නෙමියි නොසිතන්න. නුඹලාට වරද තබන කෙනෙක් ඇත, එනම් මෝසෙස්ය. නුඹලාගේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය.

46. මක්නිසාද නුඹලා මෝසෙස් විශ්වාසකරනවා නම් මාත් විශ්වාසකරනවා ඇත; කුමක් හෙයින්ද ඔහු මා ගැන ලියුවේය.

47. නුමුත් නුඹලා ඔහුගේ ලියවිලි විශ්වාස නොකරනවා නම්, මාගේ වචන විශ්වාසකරන්නේ කොහොමදැයි කීසේක.

About ශු. යොහන් Chapter 5

Read ශු. යොහන් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. යොහන්
Chapter: 5
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. යොහන් Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. යොහන් Chapter 5?

ශු. යොහන් Chapter 5 is part of the Book of ශු. යොහන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. යොහන් Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. ශු. ලූක් Chapter 15
  5. එපීස Chapter 5
  6. එපීස Chapter 2
  7. ශු. ලූක් Chapter 23

Explore More from ශු.-යොහන්

  1. ශු. යොහන් Chapter 10
  2. ශු. යොහන් Chapter 11
  3. ශු. යොහන් Chapter 12
  4. ශු. යොහන් Chapter 16
  5. ශු. යොහන් Chapter 7
  6. ශු. යොහන් Chapter 21
  7. ශු. යොහන් Chapter 3

Related Chapters & Readings

  1. උත්පත්ති Chapter 25
  2. ගීතාවලිය Chapter 17
  3. ගීතාවලිය Chapter 41
  4. යෙසායා Chapter 47
  5. 1 යොහන් Chapter 4
  6. ගීතාවලිය Chapter 126
  7. ද්වීතීය කථාව Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *