ශු. යොහන් Chapter 19

For English

Read ශු. යොහන් Chapter 19 Online

Read ශු. යොහන් Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.

Choose a Chapter

ශු. යොහන් 19

පරිච්ඡේදය 19

1. එවිට පිලාත් යේසුස්වහන්සේට තැළෙවුවේය.

2. හේවායෝද කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිසේ තබා, රත්නිල් වස්ත්‍රයක් උන්වහන්සේට පළඳවා, උන්වහන්සේ ළඟට ඇවිත්:

3. යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවා! කියා උන්වහන්සේට අතුල්පහර ගැසුවෝය.

4. පිලාත් නැවත පිටතට ගොස්: මොහු අත කිසිවරදක් මට නොපෙනෙන බව නුඹලා දැනගන්නා පිණිස, මෙන්න, මොහු නුඹලා ළඟට ගෙනෙමියි ඔවුන්ට කීවේය.

5. එකල යේසුස්වහන්සේ කටු ඔටුන්නද රත්නිල් වස්ත්‍රයද ඇතුව පිටතට ආසේක. පිලාත්ද: මෙන්න, ඒ මනුෂ්‍යයා! කියා ඔවුන්ට කීවේය.

6. එවිට නායක පූජකයෝද සේවකයෝද උන්වහන්සේ දුටු කල: කුරුසියෙහි ඇණගැසුව මැනව, ඇණගැසුව මැනව කියා මොරගැසුවෝය. පිලාත්ද: නුඹලාම මොහු රැගෙන ගොස් කුරුසියෙහි ඇණගසන්න. මක්නිසාද මොහු අත කිසිවරදක් ඇති බව මට නොපෙනේයයි කීවේය.

7. යුදෙව්වරු ඔහුට උත්තරදෙමින්: අපට ව්‍යවස්ථාවක් තිබේ, තමාම දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි ඔහු කී බැවින්, ඒ ව්‍යවස්ථාවේ හැටියට ඔහු මරනු ලැබිය යුතුයයි කීවෝය.

8. එබැවින් පිලාත් ඒ කීම අසා, වඩාත් භයවූයේ,

9. නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව: නුඹ කොතැනින්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය. නුමුත් යේසුස්වහන්සේ ඔහුට කිසි උත්තරයක් නුදුන්සේක.

10. නුඹ මට කථාකරන්නේ නැද්ද? නුඹ මුදාහරින්ට බලයද නුඹ කුරුසියෙහි ඇණගසන්ට බලයද මට ඇති බව නුඹ දන්නේ නැද්දැයි පිලාත් උන්වහන්සේට කීවේය.

11. යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.

12. ඒ කීම නිසා පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට සෙවීය. නුමුත් යුදෙව්වරු මොරගසමින්: ඔබ මොහු නිදහස්කර හැරියොත්, කායිසර්ගේ මිත්‍රයෙක් නොවේය. තමාම රජෙකු කරගන්න කවුරු නුමුත් කායිසර්ට විරුද්ධව කථාකෙරේයයි කීවෝය.

13. එබැවින් පිලාත් ඒ බස් අසා, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, හෙබ්‍රෙව් භාෂාවෙන් ගබ්බතායයි කියන ගල් අතුළ ස්ථානයෙහි නඩු ආසනයේ හිඳගත්තේය.

14. ඒ වනාහි පාස්කුව සූදානම්කිරීමේ දවසේ හවෙනි පැය පමණ විය. ඔහු: මෙන්න, නුඹලාගේ රජ! යයි යුදෙව්වරුන්ට කීවේය.

15. එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.

16. එකල ඔහු උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලබන පිණිස ඔවුන්ට භාරදුන්නේය.

17. උන්වහන්සේම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් භාෂාවෙන් ගොල්ගොතායයි කියනලද හිස්කබල ස්ථානයට පිටත්ව ගියසේක.

18. එහිදී ඔව්හු උන්වහන්සේව කුරුසියෙහි ඇණගැසුවෝය; මැද්දේ උන්වහන්සේද උන්වහන්සේ සමඟ දෙපැත්තේ තවත් දෙදෙනෙක්ද කුරුසිවල ඇණගැසුවෝය.

19. තවද පිලාත් නාම පත්‍රයක්ද ලියා කුරුසිය මත්තෙහි තැබීය. ‍ යුදෙව්වරුන්ගේ රජවූ නාසරිය යේසුස් කියා එහි ලියා තිබුණේය.

20. යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලැබූ ස්ථානය නුවරට සමීපවූ බැවින්, යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් එය කියෙවුවෝය. හෙබ්‍රෙව් ලතින් ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබුණේය.

21. එබැවින් යුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කථාකොට: යුදෙව්වරුන්ගේ රජය කියා නොලියා, මම යුදෙව්වරුන්ගේ රජයයි ඔහු කීවේය කියා ලිව මැනවයි කීවෝය.

22. පිලාත් උත්තරදෙමින්: මා ලියූ දේ ලියුවාමයයි කීවේය.

23. හේවායෝ යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගැසුවායින් පසු, උන්වහන්සේගේ වස්ත්‍ර රැගෙන, එක හේවායෙකුට එක කොටස බැගින් සතර කොටසක් කළෝය; උන්වහන්සේගේ සළුවද ගත්තෝය. ඒ සළුව වනාහි නොමහා උඩ පටන් මුළුල්ලම වියලා තිබුණේය.

24. එබැවින් ඔව්හු එකිනෙකා කථාකොට: මේක නොඉරා, කාට වේදෝයි දැනගන්නා පිණිස දාදු දමමුයයි කීවෝය. මෙසේ වුණේ, මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදාගෙන, මාගේ සළුව පිණිස දාදු දැමුවෝය යන ලියවිල්ල සම්පූර්ණවන පිණිසය. එහෙයින් හේවායෝ මේ දේ කළෝය.

25. යේසුස්වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරීවූ ක්ලෝපාස්ගේ භාර්යාවවූ මරියාද මග්දලායේ මරියාද උන්වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝය.

26. එකල යේසුස්වහන්සේ තමන්ගේ මෑණියන්ද ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේමකළාවූ ගෝලයාද දැක: ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා! යයි තමන් මෑණියන්ට කීසේක.

27. එවිට උන්වහන්සේ ගෝලයාට කථාකොට: මෙන්න, නුඹේ මෑණියෝ! යයි කීසේක. ඒ පැයේ පටන් ඒ ගෝලයා තමාගේ ගෙදරට ඇය පිළිගත්තේය.

28. ඉන්පසු යේසුස්වහන්සේ සියල්ල තින්දුවී තිබෙන බව දැන: මට පිපාසයයි කීසේක.

29. එහි කාඩියෙන් පිරුණු භාජනයක් තබා තිබුණේය. එබැවින් ඔව්හු කාඩි පොවාපු මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා, උන්වහන්සේගේ මුඛයට ළංකළෝය.

30. යේසුස්වහන්සේ කාඩි ගත් පසු: තීන්දුවුණේය කියා හිස නමා, තමන් ආත්මය භාරදුන්සේක.

31. ඒ දවස සූදානම්වීමේ දවස බැවින්, සබත් දවසේදී ශරීර කුරුසියෙහිම නොතිබෙන පිණිස, ඔවුන්ගේ කෙණ්ඩා බිඳුවා, ඔවුන් පහකරන්ට යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලුවෝය. මක්නිසාද ඒ සබත් දවස මහත් දවසක්ය.

32. එබැවින් හේවායෝ ඇවිත්, පළමුවෙනියාගෙත් ඔහු සමඟ කුරුසියෙහි ඇණගසනලද අනික් අයගෙත් කෙණ්ඩා බින්දෝය.

33. නුමුත් ඔව්හු යේසුස්වහන්සේ ළගට ආකල, උන්වහන්සේ මැරී සිටි බව දැක, උන්වහන්සේගේ කෙණ්ඩා නොබින්දෝය.

34. එසේ වුවත් හේවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇළයට ඇන්නේය, එකෙණෙහිම ලේත් වතුරත් නික්මුණේය.

35. ඒ දුටු තැනැත්තේ සාක්ෂිදී තිබේ, ඔහුගේ සාක්ෂිය සැබෑය. නුඹලාත් විශ්වාසකරන පිණිස තමා සැබෑව කියන බව ඔහු දන්නේය.

36. මක්නිසාද මේ දේවල් සිද්ධවුණේ: උන්වහන්සේගේ ඇටයක්වත් බිඳිණු නොලැබෙන්නේයයි ලියා තිබුණු ලියවිල්ල සම්පූර්ණවන පිණිසය.

37. නැවතත්: ඔවුන් විසින් අනිනලද තැනන්වහන්සේ දෙස ඔව්හු බලන්නෝයයි වෙන ලියවිල්ලක කියා තිබේ.

38. ඉන්පසු යුදෙව්වරුන්ට භය නිසා රහසින් යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටියාවූ අරිමාතියේ යෝසෙප් යේසුස්වහන්සේගේ මිනිය ගෙනයන පිණිස පිලාත්ගෙන් ඉල්ලුවේය, පිලාත් අවසර දුන්නේය. එහෙයින් ඔහු ඇවිත් යේසුස්වහන්සේගේ මිනිය ගෙනගියේය.

39. පළමුවෙන් රාත්‍රියෙහි උන්වහන්සේ ළඟට ආවාවූ නිකොදේමුස්ද ගන්ධරස මිශ්‍රවූ අගිලි රාත්තල් සියයක් පමණ රැගෙන ආවේය.

40. ඔව්හු යේසුස්වහන්සේගේ ශරීරය රැගෙන, යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස, සුවඳ බඩු සමඟ සිහින් හණරෙදිවලින් එය වෙළූහ.

41. උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ ස්ථානයෙහි උයනක් තිබුණේය; ඒ උයනෙහි ඒතාක් කිසිකලෙක කිසිවෙකු නොතැබුවාවූ අලුත් සොහොන්ගෙයක් තිබුණේය.

42. ඒ සොහොන්ගෙය ළඟ තිබුණු බැවින්, යුදෙව්වරුන්ගේ සූදානම්වීමේ දවස නිසා, ඔව්හු යේසුස්වහන්සේව එහි තැබුවෝය.

About ශු. යොහන් Chapter 19

Read ශු. යොහන් Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. යොහන්
Chapter: 19
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. යොහන් Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. යොහන් Chapter 19?

ශු. යොහන් Chapter 19 is part of the Book of ශු. යොහන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. යොහන් Chapter 19 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from ශු.-යොහන්

  1. ශු. යොහන් Chapter 14
  2. ශු. යොහන් Chapter 4
  3. ශු. යොහන් Chapter 10
  4. ශු. යොහන් Chapter 20
  5. ශු. යොහන් Chapter 16
  6. ශු. යොහන් Chapter 2
  7. ශු. යොහන් Chapter 5

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 6
  2. ශු. මාර්ක් Chapter 11
  3. ගීතාවලිය Chapter 55
  4. ගීතාවලිය Chapter 43
  5. ශු. යොහන් Chapter 21
  6. ශු. ලූක් Chapter 9
  7. 1 රාජාවලිය Chapter 15
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *