දේශනාකාරයා Chapter 12

For English

Read දේශනාකාරයා Chapter 12 Online

Read දේශනාකාරයා Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of දේශනාකාරයා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of දේශනාකාරයා and the Holy Bible online.

Choose a Chapter

දේශනාකාරයා 12

පරිච්ඡේදය 12

1. තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.

2. ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරුවන්නේය, වැස්සට පසුව වලාකුල් හැරී එන්නේය.

3. ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය;

4. වීදියේ දොරවල් වසනු ලබන්නේය, ඇඹරීමේ ශබ්දය බාලවන්නේය, ඔහු කුරුල්ලාගේ හඬට නැගිටින්නේය, ගීතිකා කියන සෑම දූවරුද බෙලහීනවන්නෝය;

5. ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.

6. රිදී ලනුව ලිහී රන් භාජනය පොඩිවෙන්ටත්, උල්පතේදී කළය බිඳෙන්ටත්, ළිඳේ චක්‍රය කැඩෙන්ටත්,

7. දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.

8. නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමයයි දේශනාකාරයා කියන්නේය.

9. තවද දේශනාකාරයා ප්‍රඥාවන්තව සිටි නිසා ඔහු සෙනඟට තවත් දැනගැන්ම ඉගැන්වූවේය; එසේය, ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය.

10. දේශනාකරන ප්‍රිය වචන සොයාගන්ට උත්සාහකෙළේය, ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණාය.

11. ප්‍රඥාවන්තයාගේ වචන කෙවිටිවලටද ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇණවලටද සමානය, ඒවා එක එඬේරෙකු විසින් දෙනලද්දේය.

12. තවද මාගේ පුත්‍රය, මෙයින් දැනමුතුකම් ලබන්න. බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය.

13. සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.

14. මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.

About දේශනාකාරයා Chapter 12

Read දේශනාකාරයා Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of දේශනාකාරයා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: දේශනාකාරයා
Chapter: 12
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading දේශනාකාරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading දේශනාකාරයා Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is දේශනාකාරයා Chapter 12?

දේශනාකාරයා Chapter 12 is part of the Book of දේශනාකාරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete දේශනාකාරයා Chapter 12 online for free with easy chapter navigation.

More Chapters from දේශනාකාරයා

  1. දේශනාකාරයා Chapter 6
  2. දේශනාකාරයා Chapter 8
  3. දේශනාකාරයා Chapter 1
  4. දේශනාකාරයා Chapter 4
  5. දේශනාකාරයා Chapter 11
  6. දේශනාකාරයා Chapter 10
  7. දේශනාකාරයා Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. විනිශ්චයකාරයන් Chapter 10
  2. 1 රාජාවලිය Chapter 10
  3. යෙසායා Chapter 24
  4. ගීතාවලිය Chapter 89
  5. හබක්කුක් Chapter 2
  6. 2 රාජාවලිය Chapter 10
  7. මීකා Chapter 2

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 10
  2. හිතෝපදේශ Chapter 18
  3. ගීතාවලිය Chapter 120
  4. එසකියෙල් Chapter 11
  5. ගීතාවලිය Chapter 20
  6. යෙරෙමියා Chapter 20
  7. ක්රිරයා Chapter 21
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *