දේශනාකාරයා Chapter 10

For English

Read දේශනාකාරයා Chapter 10 Online

Read දේශනාකාරයා Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of දේශනාකාරයා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of දේශනාකාරයා and the Holy Bible online.

Choose a Chapter

දේශනාකාරයා 10

පරිච්ඡේදය 10

1. මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.

2. ප්‍රඥාවන්තයාගේ* හෘදය ඔහුගේ දකුණු පැත්තෙහි තිබේ; නුමුත් අඥානයාගේ හෘදය ඔහුගේ වම් පැත්තෙහිය. (* එනම්, ප්‍රඥාවන්තයාගේ සිත හරි දේටද අඥානයාගේ සිත වැරදි දේටද යොමුවෙයි යනුයි.)

3. එසේය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ සිහිය මදිවී, තමා මෝඩයෙක්යයි සියල්ලන්ට කියන්නේය.

4. ආණ්ඩුකාරයාගේ සිත නුඹට විරුද්ධව ඇවිස්සුණොත්, නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.

5. අධිපතියා ඉදිරියෙන් නික්මෙන වැරැද්දක් වන ඉර යට කෙරෙන නරකක් දුටිමි.

6. එනම්, අඥානකම බොහෝ උසස් ස්ථානවල පිහිටුවා තිබියදී, උත්තමයන් පහත් තැන ඉන්න බවය.

7. වැඩකාරයන් අශ්වයන් පිට යනවාත් අධිපතීන් වැඩකාරයන් මෙන් පයින් යනවාත් දුටිමි.

8. වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි.

9. ගල් කපන්නාට එයින් තුවාලවෙයි; ලී පළන්නාට එයින් අන්තරාය සිදුවෙයි.

10. යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි.

11. මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත.

12. ප්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥානයාගේ තොල් ඔහු විනාශකරයි.

13. ඔහුගේ මුඛයේ වචනවල පටන්ගැන්ම අඥානකමය. ඔහුගේ කථාවේ තීන්දුවද අන්තරාදායක මෝඩකමය.

14. අඥානයා වචන වැඩිකරයි. මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි; ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද?

15. අඥානයන්ගේ වැඩ හැමදෙනාටම වෙහෙසක් වන්නේය, මක්නිසාද ඔහු නුවරට යන්ටවත් දන්නේ නැත.

16. එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!

17. එම්බා දේශය, නුඹේ රජ වංශවත් දරුවෙක් වන විටද, නුඹේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වේලාවට කෑම කන විටද, නුඹ වාසනාවන්තය!

18. කම්මැළිකම නිසා වහල දිරා වැටෙන්නේය; අත්වල අලසකම නිසා ගෙය තෙමෙන්නේය.

19. සිනාසීම පිණිස භෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලු දේ ඉෂ්ටවෙයි.

20. නුඹේ සිතෙන්වත් රජුට දෙස් නොකියන්න; නුඹේ සැතපෙන ගෙයිදීවත් වස්තුකාරයන්ට දෙස් නොකියන්න. මක්නිසාද ආකාශයේ පක්ෂියෙක් ඒ හඬ ගෙනයනවා ඇත, පියාපත් ඇති සතෙක්ද කාරණය දන්නවා ඇත.

About දේශනාකාරයා Chapter 10

Read දේශනාකාරයා Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of දේශනාකාරයා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: දේශනාකාරයා
Chapter: 10
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading දේශනාකාරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading දේශනාකාරයා Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is දේශනාකාරයා Chapter 10?

දේශනාකාරයා Chapter 10 is part of the Book of දේශනාකාරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete දේශනාකාරයා Chapter 10 online for free with easy chapter navigation.

More Chapters from දේශනාකාරයා

  1. දේශනාකාරයා Chapter 6
  2. දේශනාකාරයා Chapter 1
  3. දේශනාකාරයා Chapter 8
  4. දේශනාකාරයා Chapter 12
  5. දේශනාකාරයා Chapter 4
  6. දේශනාකාරයා Chapter 11
  7. දේශනාකාරයා Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. 1 සාමුවෙල් Chapter 18
  2. උත්පත්ති Chapter 13
  3. නෙහෙමියා Chapter 12
  4. ද්වීතීය කථාව Chapter 23
  5. ශෙපනියා Chapter 3
  6. ගණන් කථාව Chapter 12
  7. ගීතාවලිය Chapter 97

Related Chapters & Readings

  1. 1 තෙසලෝනික Chapter 1
  2. එසකියෙල් Chapter 14
  3. රෝම Chapter 2
  4. යෝබ් Chapter 21
  5. නික්මයාම Chapter 12
  6. ගීතාවලිය Chapter 99
  7. එසකියෙල් Chapter 7
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *