දේශනාකාරයා Chapter 4

For English

Read දේශනාකාරයා Chapter 4 Online

Read දේශනාකාරයා Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of දේශනාකාරයා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of දේශනාකාරයා and the Holy Bible online.

Choose a Chapter

දේශනාකාරයා 4

පරිච්ඡේදය 4

1. නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.

2. එබැවින් තවම ජීවත්ව සිටින්නන්ට වඩා මැරී ගියාවූ අයගේ ස්වභාව යෙහෙකැයි කීයෙමි.

3. එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවාවූ, තවම නූපන්නාවූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.

4. තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

5. අඥානයා තමාගේ අත් පෙරවාගන, තමාගේම* මාංසය කන්නේය. (* එනම් – තමාගේ ජීවිතය නාස්තිකරගත්තේය)

6. වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉදීම හොඳය.

7. එකල මම හැරී තව නිෂ්ඵලකමක් ඉර යට තිබෙන බව දුටිමි.

8. තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.

9. එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය.

10. ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.

11. තවද දෙදෙනෙක් එක්ව සැතපුණොත් ඔවුන්ට උණුහුම ලැබෙන්නේය. නුමුත් තනි කෙනෙක් උණුහුම්වෙන්නේ කොහොමද?

12. යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.

13. දැනමුතුකම් ලබන්ට නොදන්නාවූ අඥාන මහලු රජෙකුට වඩා දුප්පත් ප්‍රඥාවන්ත යෞවනයෙක් හොඳය.

14. මක්නිසාද ඔහු රජවෙන්ට හිරගෙයින් පිටතට ආයේය; එසේය, ඔහු තමාගේ රාජ්‍යයෙහි දිළින්දෙක්ව උපන්නේය.

15. ඉර යට ඇවිදින ජීවමාන සියල්ලන්ම ඒ තැනැත්තා වෙනුවට නැගිටින ඒ යෞවනයා සමඟ සිටිනවා දුටිමි.

16. ඔහු කෙළවරක් නැති සෙනඟක් ඉදිරියෙහි සිටියේය. එහෙත් පසුව එන්නෝ ඔහු ගැන ප්‍රීති නොවන්නෝය. සැබවින් මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

About දේශනාකාරයා Chapter 4

Read දේශනාකාරයා Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of දේශනාකාරයා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: දේශනාකාරයා
Chapter: 4
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading දේශනාකාරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading දේශනාකාරයා Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is දේශනාකාරයා Chapter 4?

දේශනාකාරයා Chapter 4 is part of the Book of දේශනාකාරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete දේශනාකාරයා Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from දේශනාකාරයා

  1. දේශනාකාරයා Chapter 6
  2. දේශනාකාරයා Chapter 8
  3. දේශනාකාරයා Chapter 1
  4. දේශනාකාරයා Chapter 12
  5. දේශනාකාරයා Chapter 11
  6. දේශනාකාරයා Chapter 10
  7. දේශනාකාරයා Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. මලාකි Chapter 4
  2. 1 සාමුවෙල් Chapter 28
  3. යෙසායා Chapter 24
  4. 2 රාජාවලිය Chapter 18
  5. ගීතාවලිය Chapter 12
  6. 1 ලේකම් Chapter 6
  7. ගීතාවලිය Chapter 90

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 25
  2. ගීතාවලිය Chapter 52
  3. හිතෝපදේශ Chapter 2
  4. යෙසායා Chapter 7
  5. එසකියෙල් Chapter 24
  6. ක්රිරයා Chapter 21
  7. ශු. මතෙව් Chapter 22
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *