නික්මයාම Chapter 7

For English

Read නික්මයාම Chapter 7 Online

Read නික්මයාම Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 7

පරිච්ඡේදය 7

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, මම ඔබ ඵාරාවෝට දෙවිකෙනෙකු කොට තැබුවෙමි. ඔබේ සහෝදරවූ ආරොන් ඔබේ ප්‍රොපේතවරයා වන්නේය.

2. මා ඔබට අණකරන සියල්ල ඔබ කිය යුතුය. ඔබේ සහෝදරවූ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමාගේ දේශයෙන් යන්ට හරින ලෙස ඵාරාවෝට කිය යුතුය.

3. මම ඵාරාවෝගේ සිත දැඩිකොට මාගේ ලකුණුද හාස්කම්ද මිසර දේශයෙහි වැඩිකරන්නෙමි.

4. නුමුත් ඵාරාවෝ ඔබ සැමට ඇහුම්කන් නොදෙන්නේය, මමද මාගේ හස්තය මිසරය පිට හෙළා මහත් විනිශ්චයයන් කරණකොටගෙන මාගේ සේනාවන්ද මාගේ සෙනඟද වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.

5. මම මිසරය පිටට මාගේ අත දිඟුකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් අතරෙන් පිටතට ගෙනෙන කල්හි මා ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.

6. මෝසෙස්ද ආරොන්ද එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය.

7. ඔවුන් ඵාරාවෝට කථාකළ කල්හි මෝසෙස් අවුරුදු අසූවක්ද ආරොන් අවුරුදු අසූතුනක්ද වයස්ව සිටියෝය.

8. ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට:

9. ඔබ සැම උදෙසා ආශ්චර්යයක් පෙන්වන්නැයි ඵාරාවෝ ඔබ සැමට කියන කල ඔබ ආරොන්ට කථාකොට: ඔබේ සැරයටිය රැගෙන එය සර්පයෙක් වන ලෙස ඵාරාවෝ ඉදිරියෙහි හෙළන්නැයි කියවයි කීසේක.

10. මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය. ආරොන් තමාගේ සැරයටිය ඵාරාවෝද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි හෙළීය, එවිට ඒක සර්පයෙක් වුණේය.

11. ඵාරාවෝද ශාස්ත්‍රවන්තයන් සහ මන්ත්‍රකාරයන් කැඳවීය. එවිට මිසරයේ මායාකාරයෝවූ ඔව්හුද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එලෙසම කළෝය.

12. මක්නිසාද ඔවුන් එක් එක්කෙනා තම තමාගේ සැරයටිය හෙළූකල ඒවා සර්පයෝ වුණෝය. නුමුත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලගත්තේය.

13. එහෙත් ස්වාමීන්වහන්සේ කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.

14. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝගේ සිත මුරණ්ඩුය, ඔහු සෙනඟ යන්ට නොහරියි.

15. ඔබ උදය ඵාරාවෝ වෙතට යන්න; ඔහු වතුර ළඟට පිටත්ව යන්නේය; ඔබද සර්පයෙක් වුණ සැරයටිය ඔබේ අතින් ගෙන ඔහුට සම්මුඛවන පිණිස ගංඉවුරෙහි සිට ඔහුට කථාකරමින්-

16. වනාන්තරයෙහිදී මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි කියන පිණිස හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ වෙතට මා එවූසේක. ඔබ මේ දක්වා ඇහුම්කන් නුදුන්නෙහිය.

17. මෙයින් මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. මෙන්න, මා අත තිබෙන සැරයටියෙන් ගංගාවේ තිබෙන සියලුම වතුරවලට ගසන්නෙමි, ඒවා ලේ වන්නේය.

18. ගඟෙහි සිටින මත්ස්‍යයෝද මියයන්නෝය, ගඟද දුර්ගන්ධ වෙනවා ඇත; මිසරවරු ගඟේ වතුර බොන්ට අතිශයින් අප්‍රියවන්නෝයයි ඔහුට කියවයි කීසේක.

19. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ ආරොන්ට මෙසේ කියන්න-ඔබේ සැරයටිය ගෙන මිසරවරුන්ගේ ගංගාද ඔවුන්ගේ ඇළ දොළවල්ද ඔවුන්ගේ විල්ද ඔවුන්ගේ සියලු දිය පොකුණුද ලේ වන පිණිස මිසරයේ ජලය කෙරෙහි අත දිගුකරන්න; මුළු මිසර දේශයෙහි ලී භාජනවලත් ගල් භාජන වලත් ලේ ඇතිවන්නේයයි කීසේක.

20. මෝසෙස් සහ ආරොන් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය; ඔහු සැරයටිය ඔසවා ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් ඉදිරියෙහි ගඟේ ජලයට ගැසීය; එවිට ගංගාවේ තිබුණ සියලුම වතුරු ලේ වුණේය.

21. ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය.

22. මිසරයේ මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම් වලින් එසේම කළෝය. ස්වාමීන්වහන්සේ කී ප්‍රකාර ඔවුන්ට කන් නොදෙන ලෙස ඵාරාවෝගේ සිත දැඩිව තිබුණේය.

23. ඵාරාවෝ මේකවත් හිතට නොගෙන තමන් ගෙට හැරී ගියේය.

24. සියලු මිසරවරු බොන පිණිස වතුර ගන්ට ගඟ අසල හෑරුවෝය; මක්නිසාද ඔවුන්ට ගඟේ වතුර බොන්ට නොහැකිවිය.

25. ස්වාමීන්වහන්සේ ගංගාවට පහරදුන් පසු සත් දවසක් ගතවිය.

About නික්මයාම Chapter 7

Read නික්මයාම Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 7
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 7?

නික්මයාම Chapter 7 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 7 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 5
  2. නික්මයාම Chapter 16
  3. නික්මයාම Chapter 4
  4. යෝබ් Chapter 15
  5. ගීතාවලිය Chapter 137
  6. සෙකරියා Chapter 1
  7. යෙසායා Chapter 29

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 8
  2. ශු. මාර්ක් Chapter 4
  3. හිතෝපදේශ Chapter 29
  4. ශු. යොහන් Chapter 1
  5. එසකියෙල් Chapter 11
  6. 1 සාමුවෙල් Chapter 31
  7. යෙසායා Chapter 24
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *