2 සාමුවෙල් Chapter 20

For English

Read 2 සාමුවෙල් Chapter 20 Online

Read 2 සාමුවෙල් Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

2 සාමුවෙල් 20

පරිච්ඡේදය 20

1. බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන 20:1 බෙලියල්ගේ මනුෂ්‍යයෙක්. මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.

2. එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දාවිත් අත්හැර බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා පස්සේ ගියෝය. නුමුත් යොර්දාන් පටන් යෙරුසලම දක්වාම යුදා මනුෂ්‍යයෝ තමුන්ගේ රජුට ඇලුම්ව සිටියෝය.

3. දාවිත් යෙරුසලමෙහිවූ තමාගේ ගෙදරට පැමුණුණ විට ගෙය ප්‍රවේසම්කිරීමට රජු විසින් සිටුවාගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන හිරකර තබා ඔවුන් පෝෂ්‍යකෙළේය, නුමුත් ඔවුන් කරා නොඑළඹුණේය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා හිරෙහිම වැන්දඹු භාවයෙහි සිටියෝය.

4. තවද රජ අමාසාට කථාකොට: තුන් දවසකින් යුදා මනුෂ්‍යයන් මා වෙතට අඬගස්වන්න, ඔබත් මෙහි සිටින්නැයි කීය.

5. මෙසේ අමාසා යුදා මනුෂ්‍යයන් අඬගස්වාගන එන්ට ගොස් ඔහුට නියමකළ කාලයට වඩා ප්‍රමාදවිය.

6. දාවිත් අබිෂයිට කථාකොට: දැන් අබ්සලොම්ට වඩා, බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා අපට අනතුරුකරනවා ඇත. ඔහු පවුරු ඇති නුවරවල් අත්කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගන ඔහු ලුහුබැඳ යන්නැයි කීවේය.

7. එවිට යෝවාබ්ගේ මිනිස්සුද කෙරෙතිවරුද පෙලෙතිවරුද සියලු බලවන්තයෝද ඔහු පස්සේ පිටත්ව ගියෝය. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු යෙරුසලමෙන් නික්ම ගියෝය.

8. ඔවුන් ගිබියොන්හි තිබෙන මහ ගල ළඟ සිටියදී අමාසා ඔවුන් ඉදිරියට ආයේය. යෝවාබ් තමාගේ යුද්ධ ඇඳුම් ඇඳ ඒ උඩ ඉඟ පටියක් බැඳගන උන්නේය, කඩුවක්ද කොපුවේ දමා ඔහුගේ ඉඟටියේ එයින් බැඳ තිබුණේය; ඔහු පිටතට යද්දී ඒක වැටුණේය.

9. යෝවාබ් අමාසාට කථාකොට: මාගේ සහෝදරය, ඔබ සුවසේ සිටිනෙහිදැයි අමාසාට කියා ඔහු සිඹින්ට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේය.

10. නුමුත් අමාසා යෝවාබ් අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේය. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන එක පහරකින්ම ඔහුගේ අතුණු බිම වැගිරෙවුවේය, මෙසේ ඔහු මළේය. යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබිෂයිද බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ ගියෝය.

11. යෝවාබ්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක් අමාසා ළඟ සිට; යෝවාබ්ට හිතවත්වූ දාවිත්ගේ පක්ෂයට සිටින්නාවූ කවුරු නුමුත් යෝවාබ් පස්සේ යේවයි කීවේය.

12. අමාසා වනාහි මහමාවත මැද ලෙයෙහි පෙරළී උන්නේය. ඉන්නිසා මුළු සෙනඟ නවතින බව ඒ මනුෂ්‍යයා දැක, අමාසා ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු අමාසා මාවතෙන් කෙතට ගෙනගොස් ඔහු පිට රෙද්දක් හෙළුවේය.

13. ඔහු මාවතින් අහක්කළායින් පසු මුළු සෙනඟ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබඳින පිණිස යෝවාබ් පස්සේ ගියෝය.

14. ෂෙබා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රද සියලු බේරීවරුන්ද අතරේ ගොස් ආබෙල්ටත් බෙත්-මයකාටත් පැමුණුණේය. මිනිස්සු රැස්වී ඔහු පස්සේ ගියෝය.

15. ඔව්හු ඇවිත් බෙත්-මයකාහි ආබෙල් වටලාගන නුවර ඉදිරිපිට ගොඩැල්ලක් ඉදිකළෝය; එය පවුර ඉදිරිපිට තිබුණේය. යෝවාබ් සමඟ සිටි මුළු සෙනඟද පවුර හෙළාදමන්ට ඊට පහරදුන්නෝය.

16. එවිට ප්‍රඥාවන්ත ස්ත්‍රියෙක් නුවර සිට මොරගසා: මෙන්න අසන්න, අසන්න; මා යෝවාබ් සමඟ කථාකරන පිණිස මෙහි ළඟාවෙන්ට කියා ඔහුට කිවමැනවියි කීවාය.

17. ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රී: ඔබ යෝවාබ්දැයි ඇසුවාය. ඔහුද: එසේයයි උත්තරදුන්නේය. එවිට ඈ: ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුවමැනවියි ඔහුට කීවාය. ඔහුද: මම අසමියි කීවේය.

18. එවිට ඈ කථාකොට: ඔව්හු සැබවින්ම ආබෙල්හිදී විචාරන්නෝය කියා කථාකරන්ට පුරාණ කාලයේදී මනුෂ්‍යයෝ පුරුදුව සිටියෝය. එසේ ඔව්හු කාරණය තීන්දුකළෝය.

19. මම වනාහි සමාදානය හා විශ්වාසයෙන් යුක්තවූ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක්කෙනෙකි. ඔබ ඉශ්‍රායෙල්හි නුවරක්ද මවුකෙනෙක්ද නැතිකරන්ට හදන්නෙහිය. ස්වාමීන්වහන්සේගේ උරුමය නාස්තිකරන්නේ මක්නිසාදැයි කීවාය.

20. යෝවාබ් උත්තරදෙමින්: නැති නාස්ති කිරීම මාගෙන් දුරුවේවා, දුරුවේවා.

21. මේ කාරණය එසේ නොවේ. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ එප්‍රයිම් කඳු රටේ මනුෂ්‍යයෙක් දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. ඔහු පමණක් පාවා දෙන්න, එවිට මම නුවරින් අහක්ව යන්නෙමියි කීවේය. ඒ ස්ත්‍රීද: ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙතට වීසිකරනු ලබන්නේයයි යෝවාබ්ට කීවාය.

22. එවිට ඒ ස්ත්‍රී ඇගේ ප්‍රඥාවෙන් යුක්තව මුළු සෙනඟ ළඟට ගියාය. ඔව්හු බික්‍රිගේ පුත්‍රවූ ෂෙබාගේ හිස කපා යෝවාබ් වෙතට වීසිකළෝය. යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට ඔව්හු නුවරින් තම තමුන්ගේ කූඩාරම්වලට විසිර ගියෝය. යෝවාබ්ද යෙරුසලමට රජු වෙතට හැරී ආවේය.

23. යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහොයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.

24. අදොරාම් රාජකාරියේ මුලාදෑනියාය. අහිලුද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාය.

25. ෂෙවා වනාහි ලේකම්ය. ශාදොක්ද අබියාතර්ද පූජකයෝය.

26. යායිර්හි ඊරාත් දාවිත්ගේ මන්ත්‍රීවරයෙක්ය.

About 2 සාමුවෙල් Chapter 20

Read 2 සාමුවෙල් Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 සාමුවෙල්
Chapter: 20
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 සාමුවෙල් Chapter 20 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 සාමුවෙල් Chapter 20?

2 සාමුවෙල් Chapter 20 is part of the Book of 2 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 සාමුවෙල් Chapter 20 online for free with easy chapter navigation.

More Chapters from 2-සාමුවෙල්

  1. 2 සාමුවෙල් Chapter 18
  2. 2 සාමුවෙල් Chapter 1
  3. 2 සාමුවෙල් Chapter 21
  4. 2 සාමුවෙල් Chapter 12
  5. 2 සාමුවෙල් Chapter 11
  6. 2 සාමුවෙල් Chapter 24
  7. 2 සාමුවෙල් Chapter 22

Explore More from පැරණි ගිවිසුම

  1. 1 ලේකම් Chapter 10
  2. ගීතාවලිය Chapter 87
  3. ද්වීතීය කථාව Chapter 2
  4. ගීතාවලිය Chapter 100
  5. ගණන් කථාව Chapter 6
  6. ද්වීතීය කථාව Chapter 28
  7. ගීතාවලිය Chapter 71

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 23
  2. ගීතාවලිය Chapter 33
  3. උත්පත්ති Chapter 40
  4. එසකියෙල් Chapter 5
  5. 1 කොරින්ති Chapter 5
  6. උත්පත්ති Chapter 5
  7. යෙරෙමියා Chapter 18
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *