Read 2 සාමුවෙල් Chapter 11 Online
Read 2 සාමුවෙල් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 සාමුවෙල් and the Holy Bible online.
Choose a Chapter
2 සාමුවෙල් 11
පරිච්ඡේදය 11
1. තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත්ව යන කාලයේ දාවිත් යෝවාබ්ද ඔහු සමඟ තමාගේ සේවකයන්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද හැරියේය; ඔව්හු අම්මොන් පුත්‍රයන් විනාශකොට රබ්බා වටලූහ. නුමුත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේය.
2. දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
3. දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කථාකොට: ඈ එලියාම්ගේ දුවවූ, හිත්තීය උරියාගේ භාර්යාවවූ බැත්-ෂෙබා නොවේදැයි කීය.
4. දාවිත් පණිවිඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේය; ඈ ඔහු ළඟට ආවාය, ඔහු ඈ සමඟ සයනය කෙළේය. (ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදුවී සිටියාය.) ඈ තමාගේ ගෙදරට හැරී ගියාය.
5. ඒ ස්ත්‍රි ගැබ්ගෙන: මම භාර්භණීව සිටිමියි දාවිත්ට දන්වා යැවුවාය.
6. එවිට දාවිත්: හිත්තීය උරියා මා වෙතට එවන්නැයි යෝවාබ්ට කියා යැවීය. යෝවාබ් දාවිත් ළඟට උරියා හැරියේය.
7. උරියා ඔහු ළඟට ආ කල දාවිත් යෝවාබ්ගේද සෙනඟගේද සැපසනීපත් යුද්ධය කෙරීගනයන හැටිත් ඔහුගෙන් විචාළේය.
8. පසුව දාවිත්: ඔබ ගෙදර ගොස් ඔබේ පාද සෝදාගන්නැයි උරියාට කීවේය. උරියා රජ ගෙදරින් පිටතට ගියේය, රජුගෙන් ආහාර කොටසක් ඔහු පස්සෙන් හරින ලද්දේය.
9. එහෙත් උරියා තමාගේ ගෙදරට නොගොස් තමාගේ ස්වාමිහුගේ සියලු මෙහෙකරුවන් සමඟ රජ ගෙයි දොරකඩ නිදාගත්තේය.
10. උරියා තමාගේ ගෙදරට නොගියේයයි දාවිත්ට දැන්වූකල දාවිත් උරියාට කථාකොට: ඔබ ගමනක් ගොස් ආවා නොවේද? ඔබ ගෙදර නොගියේ මක්නිසාදැයි ඇසුවේය.
11. උරියා දාවිත්ට කථාකොට: ගිවිසුම් පෙට්ටියද ඉශ්‍රායෙල්වරුද යුදාවරුද පැල්වල සිටිති; මාගේ ස්වාමිවූ යෝවාබ්ද මාගේ ස්වාමිහුගේ සේවකයෝද එලිමහනේ කඳවුරු බැඳගෙන සිටිති; එසේ නම් මම කන්ටත් බොන්ටත් මාගේ භාර්යාව සමඟ සයනයකරන්ටත් මාගේ ගෙදරට යම්ද? ඔබ ජීවත්වන බවද ඔබගේ ආත්මය ජීවත්වන බවද සැබෑවාසේම මම එසේ නොකරමියි කීය.
12. දාවිත්ද: අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්ට හරින්නෙමියි උරියාට කීවේය. එසේ උරියා එදාත් පසුවදාත් යෙරුසලමෙහි සිටියේය.
13. පසුව දාවිත් ඔහු කැඳවූ කල්හි ඔහු ඇවිත් රජ ඉදිරියෙහි කෑවේය, බීවේය; රජතෙමේ ඔහු වෙරිකෙළේය. ඔහු සවස තමාගේ ස්වාමිහුගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදාගන්ට පිටතට ගියේය. එහෙත් තමාගේම ගෙදරට ගියේ නැත.
14. පසුවදා දාවිත් යෝවාබ්ට ලියුමක් ලියා ඒක උරියා අත ඇරියේය.
15. ඒ ලියුමේ ලිව්වේ: සටන ඉතා බලවත්ව තිබෙන තැන පෙරමුණේම උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වෙන්නය කියාය.
16. යෝවාබ් නුවර රැක සිටියදී, වික්‍රමාන්විත මනුෂ්‍යයන් සිටින බව ඔහු දන්න ස්ථානයෙහි උරියා සිටෙව්වේය.
17. නුවර මනුෂ්‍යයෝ පිටතට ඇවිත් යෝවාබ් සමඟ යුද්ධකළෝය. එවිට සෙනඟගෙන් එනම් දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් වැටුණෝය; හිත්තීය උරියා ද මැරුම් කෑවේය.
18. එවිට යෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා ඇරියේය;
19. ඔහු පණිවිඩකාරයාට කථාකොට: ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජ්ජුරුවන්ට කියා නිමවූ කල,
20. රජු කෝපවී: ඔබ සැම සටන්කරන පිණිස නුවරට එපමණ ළංවුණේ මක්නිසාද? ඔවුන් පවුරේ සිට විදින බව දන්නේ නැද්ද?
21. යෙරුබ්බෙෂෙත්ගේ පුත්‍රවූ අබිමෙලෙක් මරනලද්දේ කා විසින්ද? තේබේශ්හිදී ස්ත්‍රියෙක් පවුරේ සිට ඔහු පිටට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නොවේද? ඔබ සැම එපමණ පවුරට ළංවුණේ මක්නිසාදැයි ඔබට කීවොත්-ඔබගේ සේවකයාවූ හිත්තීය උරියාද මළේයයි කියන්නැයි ඔහුට අණකෙළේය.
22. මෙසේ පණිවිඩකාරයා ගොස් යෝවාබ් තමා අත කියා හැරිය සියල්ල දාවිත්ට දැන්නුවේය.
23. පණිවිඩකාරයා දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයන් අපට විරුද්ධව බලවත්වී අපට විරුද්ධව පිටතට ආ විට අපිත් දොරටුව දක්වා ඔවුන්ට විරුද්ධව ගියෙමුව.
24. එවිට දුනුවායෝ පවුරේ සිට ඔබගේ සේවකයන්ට විද්දෝය; රජ්ජුරුවන්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මළෝය, හිත්තීය උරියා නම්වූ ඔබගේ සේවකයාත් මළේයයි කීවේය.
25. එවිට දාවිත් පණිවිඩකාරයාට කථාකොට: ඔබ යෝවාබ්ට මෙසේ කියන්න-මේ කාරණය ගැන කනගාටු නොසිතන්න; මක්නිසාද කඩුව එකෙකු නසන්නාක් මෙන් අනිකෙකුද නසන්නේය. නුවරට විරුද්ධව සටන තව බලතරකොට ඒක බිඳහෙලන්න කියා ඔහුට ධෛර්ය දෙන්නැයි කීවේය.
26. උරියාගේ භාර්යාව තමාගේ පුරුෂයාවූ උරියා මැරුණු බව අසා තමාගේ පුරුෂයා ගැන වැලපුණාය.
27. වැලපීමේ කාලය නිමවූ කල දාවිත් තමාගේ ගෙට ඈ ගෙන්වාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු බිහිකළාය. නුමුත් දාවිත් කළ ක්‍රියාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.
About 2 සාමුවෙල් Chapter 11
Read 2 සාමුවෙල් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 සාමුවෙල්
Chapter: 11
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 සාමුවෙල් Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 සාමුවෙල් Chapter 11?
2 සාමුවෙල් Chapter 11 is part of the Book of 2 සාමුවෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 සාමුවෙල් Chapter 11 online for free with easy chapter navigation.
More Chapters from 2-සාමුවෙල්
- 2 සාමුවෙල් Chapter 18
- 2 සාමුවෙල් Chapter 24
- 2 සාමුවෙල් Chapter 21
- 2 සාමුවෙල් Chapter 20
- 2 සාමුවෙල් Chapter 12
- 2 සාමුවෙල් Chapter 7
- 2 සාමුවෙල් Chapter 1
Explore More from පැරණි ගිවිසුම
- එසකියෙල් Chapter 15
- ද්වීතීය කථාව Chapter 4
- ද්වීතීය කථාව Chapter 33
- යෝබ් Chapter 2
- 1 ලේකම් Chapter 27
- ගීතාවලිය Chapter 105
- නික්මයාම Chapter 30