2 සාමුවෙල් Chapter 10

For English

Read 2 සාමුවෙල් Chapter 10 Online

Read 2 සාමුවෙල් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

2 සාමුවෙල් 10

පරිච්ඡේදය 10

1. ඉන්පසු අම්මොන් පුත්‍රයන්ගේ රජ මැරුණේය, ඔහුගේ පුත්‍රවූ හානුන් ඔහු වෙනුවට රජවුණේය.

2. දාවිත්ද: හානුන්ගේ පියවූ නාහෂ් මට කරුණාව පෙන්වූ ලෙස මම හානුන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා, ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස තමාගේ සේවකයන් අත කියා ඇරියේය. දාවිත්ගේ සේවකයෝ අම්මොන් පුත්‍රයන්ගේ දේශයට පැමුණුණෝය.

3. එහෙත් අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු තමුන්ගේ ස්වාමිවූ හානුන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙතට එව්වේ නුවර සෝදිසිකර ඔත්තු බලා ඒක විනාශකරන අදහසින් නොවේදැයි කීවෝය.

4. එබැවින් හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා ඔවුන්ගේ රැවුලෙන් බාගයක් බූගා දමා, තට්ටම් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා, ඔවුන් යන්ට ඇරියේය.

5. ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බවෙන්ට මිනිසුන් ඇරියේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පැමිණ සිටියෝය. ඔබ සැමගේ රැවුල් වැඩෙන කල් යෙරිකෝවෙහි නැවතී සිට පසුව හැරී එන්නැයි රජ කියා ඇරියේය.

6. තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.

7. දාවිත් ඒ අසා යෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවුවේය.

8. අම්මොන් පුත්‍රයෝ පිටතට ඇවිත් දොරටුව ළඟ යුද්ධයට පිළිවෙළින් සිටියෝය; ශෝබාහිද රෙහෝබ්හිද ටෝබ්හිද මයකාහිද මනුෂ්‍යයොත් භූමියෙහි වෙනම සිටියෝය.

9. ඉස්සරින්ද පස්සෙන්ද යුද්ධය තමාට විරුද්ධව යොදා තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්‍රායෙල්වරුන්ගෙන් පංගුවක් තෝරාගෙන සිරියවරුන්ට විරුද්ධව සිටුවා,

10. අනික් සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටුවන පිණිස ඔවුන් තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදී කථාකොට;

11. සිරියවරුන් මට වඩා බලවත්වුණොත් ඔබ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් ඔබට වඩා බලවත්වුණොත් මම ඇවිත් ඔබට උපකාරකරන්නෙමි.

12. ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය.

13. මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.

14. සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය.

15. සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය.

16. හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝ‍‍බාද හේලාම්ට ආවෝය.

17. එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩවී හේලාම්ට ගියේය.

18. සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝ‍‍බාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.

19. එවිට හදර්එසෙර්ට සේවකයෝවූ සියලු රජවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන්ට සේවයකළෝය. මෙසේ සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට භයවූහ.

About 2 සාමුවෙල් Chapter 10

Read 2 සාමුවෙල් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 සාමුවෙල්
Chapter: 10
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 සාමුවෙල් Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 සාමුවෙල් Chapter 10?

2 සාමුවෙල් Chapter 10 is part of the Book of 2 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 සාමුවෙල් Chapter 10 online for free with easy chapter navigation.

More Chapters from 2-සාමුවෙල්

  1. 2 සාමුවෙල් Chapter 18
  2. 2 සාමුවෙල් Chapter 24
  3. 2 සාමුවෙල් Chapter 21
  4. 2 සාමුවෙල් Chapter 20
  5. 2 සාමුවෙල් Chapter 12
  6. 2 සාමුවෙල් Chapter 11
  7. 2 සාමුවෙල් Chapter 7

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 32
  2. එස්රා Chapter 10
  3. ගණන් කථාව Chapter 9
  4. එසකියෙල් Chapter 24
  5. ගණන් කථාව Chapter 5
  6. 1 ලේකම් Chapter 1
  7. ගීතාවලිය Chapter 93

Related Chapters & Readings

  1. රෝම Chapter 9
  2. උත්පත්ති Chapter 22
  3. ගලාති Chapter 2
  4. යෙරෙමියා Chapter 45
  5. හග්ගයි Chapter 2
  6. යෙසායා Chapter 11
  7. ගීතාවලිය Chapter 108
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *