Read 1 ලේකම් Chapter 26 Online
Read 1 ලේකම් Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
1 ලේකම් 26
පරිච්ඡේදය 26
1. දොරටුපාලයන්ගේ පංක්ති මෙසේය. කොරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙක් වන කෝරේගේ පුත්‍රවූ මෙෂෙලෙමියාය.
2. මෙෂෙලෙමියාගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ශෙකරියාය, දෙවෙනියාවූ යෙදියායෙල්ය, තුන්වෙනියාවූ සෙබදියාය, හතරවෙනියාවූ යත්නියෙල්ය;
3. පස්වෙනියාවූ ඒලාම්ය, හවෙනියාවූ යෙහෝහානාන්ය, හත්වෙනියාවූ එලියෙහෝයේනයිය.
4. ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ෂෙමායාය, දෙවෙනියාවූ යෙහෝසාබාද්ය, තුන්වෙනියාවූ යෝවාය, හතරවෙනියා වූ සාකාර්ය, පස්වෙනියාවූ නෙතනේල්ය;
5. හවෙනියාවූ අම්මීයෙල්ය, හත්වෙනියාවූ ඉස්සාඛර්ය, අටවෙනියාවූ පෙයුල්ලෙතයිය. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.
6. ඔහුගේ පුත්‍රවූ ෂෙමායා නිසාත් පුත්‍රයෝ උපන්නෝය, ඔව්හු බලවන්ත මනුෂ්‍යයෝව සිටි නිසා තමුන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයෝව සිටියෝය.
7. ෂෙමායාගේ පුත්‍රයෝ වන ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්සාබාද්ය; ඔහුගේ සහෝදරයෝ වන බලවන්ත මනුෂ්‍යයෝවූ එලීහු සහ සෙමාකියාය.
8. මොවුන් සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝය. ඔව්හුද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද සේවයට බලවන්තව ශක්තිමත්ව සිටියෝය; මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝය.
9. මෙෂෙලෙමියාට බලවන්තයන් වන පුත්‍රයන්ද සහෝදරයන්ද දහඅටදෙනෙක් වූවෝය.
10. මෙරාරීගේ පුත්‍රයෙක්වූ හොසාගේ පුත්‍රයෝ වන ප්‍රධානියාවූ ෂිම්රීය. (ඔහු කුලුඳුලා නොවන නුමුත් ඔහුගේ පියා ඔහු ප්‍රධානකමට පත්කෙළේය.)
11. දෙවෙනියාවූ හිල්කියාය, තුන්වෙනියාවූ ටෙබලියාය, සතරවෙනියාවූ ශෙකරියාය. හොසාගේ සියලු පුත්‍රයන් හා සහෝදරයන් දහතුන්දෙනෙක්ය.
12. ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මෙහෙකරන පිණිස තමුන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියාවූ ප්‍රධාන මනුෂ්‍යයන්වූ ඔවුන්ට දොරටුපාලයන්ගේ පංක්ති වැටුණෝය.
13. ඔව්හුද තමුන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන්ම කුඩා අයත් එක එක දොරටුව ගැන පසඇට දැමුවෝය.
14. නැගෙනහිර පැත්තේ පසඇටය වැටුණේ ෂෙලෙමියාටය. ඉන්පසු ඔහුගේ පුත්‍රවූ ඥානවත් මන්ත්‍රියෙක්වූ ශෙකරියා ගැන පසඇට දැමුවෝය; ඔහුගේ පසඇටය වැටුණේ උතුරු පැත්තටය.
15. ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්තය; ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරයය.
16. බස්නාහිර පැත්තේ නගින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත් හොසාටත් වැටුණේය. ඔව්හු මාරුවෙන් මාරුවට සිටියෝය.
17. නැගෙනහිරට සිටියේ ලෙවීවරු හදෙනෙක්ය, උතුරට දවසට හතරදෙනෙක්ය, දකුණට දවසට හතරදෙනෙක්ය, භාණ්ඩාගාරය ළඟ දෙදෙන දෙදෙනාය.
18. බස්නාහිරට පර්බර්. ළඟ මාවතේ හතරදෙනෙක්ය, පර්බර්හි. දෙදෙනෙක්ය.
19. කොරාගේ පුත්‍රයන්ගෙන්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන්ද තෝරාගත් දොරටුපාලයන්ගේ පංක්ති මේවාය.
20. අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා සහ කැපකරපු දේවල ගබඩා කෙරෙහි පත්ව සිටියේය.
21. ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයෝ වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියෝව සිටි ගේර්ෂොන්වරුවූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්:
22. යෙහියෙලී සහ යෙහියෙලීගේ පුත්‍රයෝ වූ සේතාම් සහ ඔහුගේ සහෝදරවූ යෝවෙල්ය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.
23. අම්රාම්වරුත් ඉෂ්හාර්වරුත් හෙබ්‍රොන්වරුත් උස්සීයෙල්වරුත් වූවෝය.
24. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ ෂෙබූයෙල් ගබඩා කෙරෙහි ප්‍රධානියාව සිටියේය.
25. එලියෙසෙර්ගෙන් පැවත ආවාවූ ඔහුගේ සහෝදරයොත් සිටියෝය. ඔහුගේ පුත්‍රයා රෙහබියාය, ඔහුගේ පුත්‍රයා යෙෂායාය, ඔහුගේ පුත්‍රයා යෝරාම්ය, ඔහුගේ පුත්‍රයා සික්රීය, ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත්ය.
26. මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.
27. ඔව්හු යුද්ධවලදී ලබාගත් කොල්ලයෙන් කොටසක් ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියාකිරීම පිණිස කැපකළෝය.
28. දර්ශනකාරයාවූ සාමුවෙල්ද කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද විසින් කැපකළ සියල්ලත් කා විසින් නුමුත් කැපකළ දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේය.
29. ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියාද ඔහුගේ පුත්‍රයෝද පිටත කටයුතු ගැන ඉශ්රායෙල්වරුන් කෙරෙහි මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.
30. හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියාද ඔහුගේ සහෝදරයෝද යන බලවන්තයන් එක්දහස් හත්සියයක් බස්නාහිර දිසාවේ යොර්දානෙන් මෙගොඩ ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැනද රජුගේ වැඩ ගැනද ඉශ්රායෙල්වරුන් කෙරෙහි පත්ව සිටියෝය.
31. හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් යෙරියාය. දාවිත්ගේ රජකම්කිරීමේ සතළිස්වෙනි අවුරුද්දේදී ඔවුන් ගැන විභාගකොට බලවන්ත මනුෂ්‍යයන් ගිලියද්-යාසෙර්හි ඔවුන් අතරේ සිටිනවා සම්බවුණේය.
32. බලවන්තයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් හත්සියයක් වූහ; දාවිත් රජ ඔවුන් දෙවියන්වහන්සේගෙත් රජුගෙත් සියලු කාරණා ගැන රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කෙරෙහි මුලාදෑනීන් කොට පත්කෙළේය.
About 1 ලේකම් Chapter 26
Read 1 ලේකම් Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 ලේකම්
Chapter: 26
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 ලේකම් Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 ලේකම් Chapter 26?
1 ලේකම් Chapter 26 is part of the Book of 1 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 ලේකම් Chapter 26 online for free with easy chapter navigation.
More Chapters from 1-ලේකම්
- 1 ලේකම් Chapter 25
- 1 ලේකම් Chapter 22
- 1 ලේකම් Chapter 15
- 1 ලේකම් Chapter 5
- 1 ලේකම් Chapter 11
- 1 ලේකම් Chapter 1
- 1 ලේකම් Chapter 16
Explore More from පැරණි ගිවිසුම
- උත්පත්ති Chapter 21
- යෙරෙමියා Chapter 13
- එස්තර් Chapter 7
- විනිශ්චයකාරයන් Chapter 3
- යෙසායා Chapter 61
- ගීතාවලිය Chapter 127
- 1 රාජාවලිය Chapter 10