එළිදරව් Chapter 3

For English

Read එළිදරව් Chapter 3 Online

Read එළිදරව් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of එළිදරව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එළිදරව් and the Holy Bible online.

Choose a Chapter

එළිදරව් 3

පරිච්ඡේදය 3

1. තවද සර්දිස්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

2. අවදිව සිට, ඉතිරිවූ, නැසීයාමට ළංවූ දේ ස්ථිරකරන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බවුණේ නැත.

3. එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටිනෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි, මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත.

4. එහෙත් තමුන්ගේ වස්ත්‍ර කිලුටුකර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි නුඹට සිටිති. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමෙන් මා සමඟ ඇවිදිනවා ඇත.

5. ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන-පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.

6. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.

7. තවද පිලෙදල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

8. එනම්: මම නුඹේ ක්‍රියා දනිමි, (මෙන්න, කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ.) නුඹට ඇත්තේ ස්වල්ප බලයක්ය. නුඹ මාගේ වචන රක්ෂාකෙළෙහිය, මාගේ නාමය නුඹ එපාකළේ නැත.

9. බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.

10. මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.

11. ඉක්මනින් එමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලාගන්න.

12. ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි, ඔහු තවත් එතැනින් පිටතට නොයන්නේය මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.

13. ආත්මයාණන්වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තේ අසාවා.

14. තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

15. එනම්, මම නුඹේ ක්‍රියා දනිමි, නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙමි.

16. නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිටි ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි.

17. කාලකණ්ණියාද දුක්ඛිතයාද දිළින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසි දෙයකින් හිඟයක් නැතැයි නුඹ කියන බැවින්,

18. නුඹ ධනවත්වන පිණිස ගින්නෙන් පවිත්‍රකරනලද රන්ද, නුඹේ නග්නභාවයේ ලජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳගන්ට සුදු වස්ත්‍රද, නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාගන්ට අඳුන්ද මාගෙන් ලබාගන්ට නුඹට අවවාදකරමි.

19. මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.

20. මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.

21. මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි.

22. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.

About එළිදරව් Chapter 3

Read එළිදරව් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of එළිදරව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එළිදරව්
Chapter: 3
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එළිදරව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එළිදරව් Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එළිදරව් Chapter 3?

එළිදරව් Chapter 3 is part of the Book of එළිදරව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එළිදරව් Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from එළිදරව්

  1. එළිදරව් Chapter 8
  2. එළිදරව් Chapter 5
  3. එළිදරව් Chapter 20
  4. එළිදරව් Chapter 17
  5. එළිදරව් Chapter 13
  6. එළිදරව් Chapter 10
  7. එළිදරව් Chapter 6

Explore More from නව ගිවිසුම

  1. ක්රිරයා Chapter 10
  2. ශු. මාර්ක් Chapter 3
  3. ක්රිරයා Chapter 17
  4. රෝම Chapter 8
  5. එළිදරව් Chapter 8
  6. ශු. යොහන් Chapter 12
  7. රෝම Chapter 2

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 10
  2. ශු. යොහන් Chapter 7
  3. විනිශ්චයකාරයන් Chapter 11
  4. ගීතාවලිය Chapter 50
  5. උත්පත්ති Chapter 24
  6. 2 ලේකම් Chapter 13
  7. හග්ගයි Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *