ආමොස් Chapter 7

For English

Read ආමොස් Chapter 7 Online

Read ආමොස් Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ආමොස් and the Holy Bible online.

Choose a Chapter

ආමොස් 7

පරිච්ඡේදය 7

1. ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, රජුගේ කපාගැනීමට පසුව වැවුණු තෘණවන දෙවෙනි ඒවා හටගන්ට පටන්ගන්න විට උන්වහන්සේ පළඟැටියන් හටගැන්වූසේක.

2. තවද උන් දේශයේ පලාජාති කා තීන්දුකළ විට මම කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, කමාවුව මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි.

3. ස්වාමීන්වහන්සේ ඒ ගැන තැවුණුසේක. ඒක නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

4. ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය.

5. එකල මම: ස්වාමිවූ දෙවියන්වහන්ස, නැවතුණ මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි.

6. ස්වාමීන්වහන්සේ මේ ගැන තැවුණුසේක. මේකත් නොවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

7. උන්වහන්සේ මෙසේ මට පෙන්නූසේක: බලව, ස්වාමීන්වහන්සේ ලඹයට හරිලෙස සෑදූ පවුරක් උඩ තමන් අතේ ලඹයක් ඇතුව සිටිසේක.

8. ස්වාමීන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. ලඹයක්යයි මම කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ කථාකොට: බලව, මම නැවත තවත් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අච්චු නොකර නොසිට, ඔවුන් මැද ලඹයක් අල්ලන්නෙමි.

9. ඊසාක්ගේ උස්තැන් නාස්තිවන්නේය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධස්ථාන පාළුවන්නේය; මම යෙරොබෝවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ඇතුව නැගිටින්නෙමියි කීසේක.

10. එකල බෙතෙල්හි පූජකවූ අමශියා ඉශ්‍රායෙල්හි රජවූ යෙරොබෝවම්ට කියා යවනුයේ: ආමොස් ඔබට විරුද්ධව ඉශ්‍රායෙල් වංශය අතරෙහි කුමන්ත්‍රණයකර තිබේ. ඔහුගේ සියලු වචන දරන්ට දේශයට බැරිය.

11. මක්නිසාද -යෙරොබෝවම් කඩුවෙන් මැරෙන්නේය, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ රටෙන් වහල්කමට යනවාම ඇත කියා ආමොස් කීවේයයි කීය.

12. තවද අමශියා ආමොස්ට කථාකොට: එම්බා දර්ශනකාරය, නුඹ යූදා දේශයට පලාගොස්, එහි කෑම කා, එහි අනාගතවාක්‍ය කියන්න.

13. බෙතෙල්හි නම් නැවත තවත් අනාගතවාක්‍ය නොකියන්න. මක්නිසාද එය රජුගේ ශුද්ධස්ථානයය, එය රාජ ගෘහයයයි කීවේය.

14. ආමොස් උත්තරදෙමින්: මම අනාගතවක්තෘ කෙනෙක්වත් අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්‍රයෙක්වත් නොව එඬේරෙක්ව අත්තික්කා ගස් වවන්නෙක්ව සිටියෙමි.

15. නුමුත් බැටළු රැළ පස්සේ යාමෙන් ස්වාමීන්වහන්සේ මා රැගෙන: නුඹ ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අනාගතවාක්‍ය කියන්නැයි මට කීසේක.

16. එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචන අසන්න: ඉශ්‍රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය.

17. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ භාර්යාව නුවරදී වේශ්‍යාවක් වන්නීය, නුඹේ පුත්‍රයෝද දූවරුද කඩුවෙන් වැටෙන්නෝය, නුඹේ භූමිය ලනුවෙන් බෙදනු ලබන්නේය; නුඹම අපිරිසිදු රටකදී මැරෙන්නෙහිය, ඉශ්‍රායෙල්ද සැබවින්ම තමුන්ගේ දේශයෙන් වහල්කමට යනවාම ඇතැයි අමශියාට කීවේය.

About ආමොස් Chapter 7

Read ආමොස් Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ආමොස්
Chapter: 7
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ආමොස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ආමොස් Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ආමොස් Chapter 7?

ආමොස් Chapter 7 is part of the Book of ආමොස් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ආමොස් Chapter 7 online for free with easy chapter navigation.

More Chapters from ආමොස්

  1. ආමොස් Chapter 5
  2. ආමොස් Chapter 8
  3. ආමොස් Chapter 6
  4. ආමොස් Chapter 3
  5. ආමොස් Chapter 9
  6. ආමොස් Chapter 4
  7. ආමොස් Chapter 2

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 28
  2. නික්මයාම Chapter 16
  3. ගීතාවලිය Chapter 39
  4. එසකියෙල් Chapter 48
  5. එසකියෙල් Chapter 15
  6. එස්රා Chapter 5
  7. යෙසායා Chapter 32

Related Chapters & Readings

  1. 1 ලේකම් Chapter 19
  2. 1 කොරින්ති Chapter 12
  3. ගීතාවලිය Chapter 59
  4. රූත්ගේ කථාව Chapter 3
  5. උත්පත්ති Chapter 13
  6. යෙසායා Chapter 36
  7. රූත්ගේ කථාව Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *