විනිශ්චයකාරයන් Chapter 21

For English

Read විනිශ්චයකාරයන් Chapter 21 Online

Read විනිශ්චයකාරයන් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විනිශ්චයකාරයන් and the Holy Bible online.

Choose a Chapter

විනිශ්චයකාරයන් 21

පරිච්ඡේදය 21

1. අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාකොට නොදෙන්නෙමුයයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.

2. සෙනඟ බෙතෙල්ට පැමිණ එහි සවස්වන තෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි හිඳ ශබ්දනගා මහත් හැඬීමකින් හැඬුවෝය.

3. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අද ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩුවෙන හැටියට මේ කාරණය ඉශ්‍රායෙල්හි සිද්ධවුණේ මක්නිසාදැයි ඔව්හු කීවෝය.

4. පසුවදා සෙනඟ අලුයම නැගිට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකළෝය.

5. ඉශ්‍රායෙල් පුත්‍රයෝ: සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් සභාව සමඟ ස්වාමීන්වහන්සේ වෙතට නාවේ කවුරුදැයි ඇසුවෝය; මක්නිසාද මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට නේන අය මැරිය යුතුමය කියා මහත් දිවුරුමක් කර තිබුණේය.

6. ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ බෙන්යමින් ගැන ශෝකවී: මේ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් සිඳිනලද්දේය.

7. ඔවුන්ගෙන් ඉතුරුව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමුද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන්කොට නොදෙන හැටියට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවුළෙමුයයි කීවෝය.

8. තවද ඔව්හු: ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ස්වාමීන්වහන්සේ වෙත මිශ්පාට නාවේ කොයි එකදැයි අසා යාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙක් සභාව සමඟ කඳවුරට නා බව දැනගත්තෝය.

9. මක්නිසාද සෙනඟ ගණන්කළ විට යාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කවුරුවත් එහි නැති බව පෙනුණේය.

10. සභාව ඉතා වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින් ඔවුන්ට අණකොට: ඔබ සැම ගොස් ස්ත්‍රීන්ද බාලයන්ද ඇතුළුව යාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුමුවහතින් පහරදීපල්ලා.

11. ඔබ සැම විසින් කළ යුතු දේ නම් සියලු පුරුෂයන්ද පුරුෂයන් සමඟ සයනය කළ සියලු ස්ත්‍රීන්ද මුළුමනින්ම විනාශකරදැමීමයයි කීවෝය.

12. පුරුෂයෙකු සමඟ සයනය කිරීමෙන් ඔහු හැඳින නොගත් කන්‍ය යෞවනියන් හාර සියයක් යාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බවී, කානාන් දේශයේ ෂිලෝහි තිබුණ කඳවුරට ඔවුන් ගෙනාවෝය.

13. එවිට රිම්මොන් පර්වතයේ සිටි බෙන්යමින් පුත්‍රයන් සමඟ කථාකොට ඔවුන්ට සමාදානය ප්‍රකාශකරන්ට මුළු සභාව මිනිසුන් හැරියාය.

14. එකල බෙන්යමින්වරු හැරී ආවෝය; ඔව්හු යාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරුකළ ස්ත්‍රීන් ඔවුන්ට දුන්නෝය. ඒත් ඔවුන්ට මදි විය.

15. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි බිඳීමක් කළ නිසා සෙනඟ බෙන්යමින් ගැන ශෝකවූහ.

16. එවිට සභාවේ වැඩිමහල්ලෝ කථාකොට: ඉතිරි අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමුද? මක්නිසාද බෙන්යමින්වරුන් අතරෙන් ස්ත්‍රීයෝ නැතිවූහයි කීවෝය.

17. තවද ඔව්හු කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්යමින්හි ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතුය.

18. එහෙත් අපට අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්ට බැරිය. මක්නිසාද බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාවක් දෙන තැනැත්තාට ශාපවේවයි කියා ඉශ්‍රායෙල් පුත්‍රයෝ දිවුළෝයයි කීවෝය.

19. තවද ඔව්හු කථාකොට: බෙතෙල්ට උතුරෙන්ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරෙන්ද ලෙබොනාට දකුණෙන්ද තිබෙන ෂිලෝහිදී අවුරුදුපතා ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේයයි කියා,

20. ඔව්හු බෙන්යමින් පුත්‍රයන්ට අණකරමින්: ඔබ සැම ගොස් මිදිවතුවල සැඟවී සිට,

21. ෂිලෝහි දූවරුන් නටන්ට පිටතට ආවොත් ඔබ සැම මිදිවතුවලින් නික්ම ඇවිත් එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක් අල්ලාගන බෙන්යමින් රටට යන්න.

22. ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලිකරන්ට ආවාම අපි ඔවුන්ට කථාකොට: කරුණාවෙන් ඔවුන් අපට දුනමැනවි; මක්නිසාද අපි යුද්ධයේදී එක එකාට භාර්යාවක් ඉතුරු නොකෙළෙමුව, ඔබ සැමත් ඔවුන් ඔවුන්ට දුන්නේ නැත; දුන්නා නම් ඔබ සැම වරදකාරයෝ වන්නහුයයි කියන්නෙමුයයි ඔවුන්ට කීවෝය.

23. බෙන්යමින් පුත්‍රයෝ එසේ කොට නැටූ තැනැත්තියන්ගෙන් තමුන්ගේ ගණන ලෙස තමුන්ට භාර්යාවන් අසුකරගෙන, තමුන්ගේ උරුමයට හැරීගොස්, නුවරවල් ගොඩනගා එහි විසුවෝය.

24. එකල ඉශ්‍රායෙල් පුත්‍රවූ සියලු මනුෂ්‍යයෝ තමතමුන්ගේ ගෝත්‍රයද පෙළපතද කරා ගියෝය, එතනින් එකිනෙකා තමතමාගේ උරුමයට පිටත්ව ගියේය.

25. ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.

About විනිශ්චයකාරයන් Chapter 21

Read විනිශ්චයකාරයන් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: විනිශ්චයකාරයන්
Chapter: 21
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading විනිශ්චයකාරයන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading විනිශ්චයකාරයන් Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is විනිශ්චයකාරයන් Chapter 21?

විනිශ්චයකාරයන් Chapter 21 is part of the Book of විනිශ්චයකාරයන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete විනිශ්චයකාරයන් Chapter 21 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 18

Explore More from විනිශ්චයකාරයන්

  1. විනිශ්චයකාරයන් Chapter 17
  2. විනිශ්චයකාරයන් Chapter 11
  3. විනිශ්චයකාරයන් Chapter 18
  4. විනිශ්චයකාරයන් Chapter 10
  5. විනිශ්චයකාරයන් Chapter 5
  6. විනිශ්චයකාරයන් Chapter 9
  7. විනිශ්චයකාරයන් Chapter 7

Related Chapters & Readings

  1. 1 රාජාවලිය Chapter 9
  2. නික්මයාම Chapter 29
  3. ලෙවී කථාව Chapter 10
  4. යෙසායා Chapter 61
  5. නික්මයාම Chapter 5
  6. හිතෝපදේශ Chapter 10
  7. ශු. ලූක් Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *