Read පිලිප්පි Chapter 2 Online
Read පිලිප්පි Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of පිලිප්පි in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of පිලිප්පි and the Holy Bible online.
Choose a Chapter
පිලිප්පි 2
පරිච්ඡේදය 2
1. ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,
2. නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න.
3. පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.
4. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න.
5. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා.
6. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා,
7. එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.
8. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.
9. එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.
10. එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්,
11. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.
12. එබැවින්, මා ගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;
13. මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.
14. වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න.
15. ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය.
16. මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය.
17. එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි.
18. එසේම නුඹලාත් සන්තෝෂවෙන්න, මා සමඟ ප්‍රීතිවෙන්න.
19. මමත් නුඹලාගේ කාරණා දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමීවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුවෙමි.
20. මක්නිසාද නුඹලාගේ කාරණා ගැන ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත.
21. මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණ සොයන්නෝය.
22. ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය.
23. එබැවින් මාගේ කාරණා කොයි ආකාරවේද කියා මම දුටු කෙණෙහිම, ඔහු එවන්ට බලාපොරොත්තුවෙමි.
24. මටත් නොබෝ කලකින් එන්ට ලැබේය කියා ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමි.
25. එහෙත් මාගේ සහෝදරයාවූ, හවුල් සේවකයෙක්වූ, හවුල් හේවායෙක්වූ, නුඹලාගේ ප්‍රේරිතයෙක්ද මාගේ වුවමනාවලට උපස්ථානකරන්නාදවූ එපප්‍රොදිතස් නුඹලා වෙතට එවන්ට ඕනෑයයි සිතුවෙමි.
26. මක්නිසාද ඔහු නුඹලා හැමදෙනාම දකින්ට බොහෝ ආශාවක් ඇතුව, තමා ලෙඩින් සිටිය බව නුඹලා ඇසූ බැවින් ඉතා කනගාටුවෙන් සිටියේය.
27. එසේය, මරණාසන්නවෙන තරමට ඔහු ලෙඩින් සිටියේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කරුණාකළසේක; ඔහුට පමණක් නොව සෝකය පිට සෝකය මට නොපැමිණෙන පිණිස මටත් කරුණාකළසේක.
28. එබැවින් නුඹලා ඔහු නැවත දැක ප්‍රීතිවෙන පිණිසත් මාගේ සෝකයද අඩුවෙන පිණිසත් ඔහු වඩා ඉක්මන්කොට එවීමි.
29. එබැවින් ස්වාමීන්වහන්සේ තුළ සියලු ආකාර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න; එබඳු අය ගරුකොට සලකන්න.
30. මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.
About පිලිප්පි Chapter 2
Read පිලිප්පි Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of පිලිප්පි in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: පිලිප්පි
Chapter: 2
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading පිලිප්පි. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading පිලිප්පි Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is පිලිප්පි Chapter 2?
පිලිප්පි Chapter 2 is part of the Book of පිලිප්පි in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete පිලිප්පි Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 5
- එපීස Chapter 2
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 23