Read පිලිප්පි Chapter 4 Online
Read පිලිප්පි Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of පිලිප්පි in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of පිලිප්පි and the Holy Bible online.
Choose a Chapter
පිලිප්පි 4
පරිච්ඡේදය 4
1. එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.
2. ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්වෙන මෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකීගෙන්ද ඉල්ලමි.
3. එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.
4. ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.
5. නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක.
6. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.
7. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
8. ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.
9. නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා ඇත.
10. මෙපමණ කාලයකට පසු මා ගැන කල්පනාකිරීමට නුඹලා නැවත පිබිදුණු බැවින් ස්වාමීන්වහන්සේ තුළ බොහෝසෙයින් ප්‍රීතිවෙමි. ඒ ගැන නුඹලා ඇත්තටම කල්පනාකළහුය, නුමුත් ප්‍රස්තාවක් ලැබුණේ නැත.
11. හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි.
12. පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි.
13. මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.
14. එසේවී නුමුත් නුඹලා මාගේ පීඩාවට හවුල්වුණා හොඳය.
15. පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල නුඹලා මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව නුඹලාත් දනිහුය.
16. මක්නිසාද තෙසලෝනිකයට පවා නුඹලා මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය.
17. මා තෑග්ග සොයනවා නොව, නුඹලාගේ ගණනට වැඩිවන්නාවූ ඵල සොයමි.
18. නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. නුඹලා විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ.
19. මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම සම්පූර්ණකරනසේක.
20. ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේට සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.
21. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ශුද්ධවන්තයන් සෑමදෙනාට ආචාරකරන්න. මා සමඟ සිටින සහෝදරයෝ නුඹලාට ආචාරකරති.
22. සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාර කරති.
23. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මය සමඟ වේවා.
About පිලිප්පි Chapter 4
Read පිලිප්පි Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of පිලිප්පි in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: පිලිප්පි
Chapter: 4
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading පිලිප්පි. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading පිලිප්පි Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is පිලිප්පි Chapter 4?
පිලිප්පි Chapter 4 is part of the Book of පිලිප්පි in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete පිලිප්පි Chapter 4 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 3