පිලිප්පි Chapter 3

For English

Read පිලිප්පි Chapter 3 Online

Read පිලිප්පි Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of පිලිප්පි in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of පිලිප්පි and the Holy Bible online.

Choose a Chapter

පිලිප්පි 3

පරිච්ඡේදය 3

1. ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.

2. බල්ලන්ගෙන් ප්‍රවේසම්වෙන්න, නපුරු ක්‍රියාකාරයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ජේද්‍යකරන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න.

3. මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය.

4. ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන. වෙන යමෙක් මාංසය කෙරෙහි තමාට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම්, මට ඊට වඩා පුළුවන.

5. අටවෙනිදා චර්මජේදිතවූයෙමි, ඉශ්‍රායෙල් වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ කෙනෙක්මි, හෙබ්‍රෙව්වරුන්ගෙන් හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව ගැන නම්, ඵරිසියෙක්මි;

6. ජ්වලිතකම ගැන නම්, සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි.

7. එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි.

8. එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්,

9. ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ඨකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්,

10. යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස,

11. උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත-නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය.

12. මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නුමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි.

13. සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්,

14. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.

15. එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනාකරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව්කරනවා ඇත.

16. නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමුව.

17. සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න.

18. මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති.

19. ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.

20. නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලාසිටිමුව.

21. සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.

About පිලිප්පි Chapter 3

Read පිලිප්පි Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of පිලිප්පි in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: පිලිප්පි
Chapter: 3
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading පිලිප්පි. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading පිලිප්පි Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is පිලිප්පි Chapter 3?

පිලිප්පි Chapter 3 is part of the Book of පිලිප්පි in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete පිලිප්පි Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 5
  5. එපීස Chapter 2
  6. ශු. ලූක් Chapter 23
  7. ශු. ලූක් Chapter 15

Explore More from පිලිප්පි

  1. පිලිප්පි Chapter 1
  2. පිලිප්පි Chapter 4
  3. පිලිප්පි Chapter 2

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 28
  2. 1 රාජාවලිය Chapter 9
  3. 2 රාජාවලිය Chapter 21
  4. යෝබ් Chapter 11
  5. යෝබ් Chapter 4
  6. ලෙවී කථාව Chapter 2
  7. යෝබ් Chapter 35
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *