Read 1 කොරින්ති Chapter 3 Online
Read 1 කොරින්ති Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 කොරින්ති and the Holy Bible online.
Choose a Chapter
1 කොරින්ති 3
පරිච්ඡේදය 3
1. සහෝදරයෙනි, ආත්මිකයන්ට මෙන් නුඹලාට කථාකරන්ට නොහැකිව, මාංසිකයන්ටත් ක්‍රිස්තුස්වහන්සේ තුළ බිලිඳුන්ටත් මෙන් කථාකෙළෙමි.
2. මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණයකෙළෙමි; එසේ කළේ නුඹලා ඒවා දරන්ට බැරිව සිටි නිසාය. එසේය, දැනුත් බැරිය;
3. මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?
4. මක්නිසාද එක්කෙනෙක්: මම පාවුල්ගේය; වෙන කෙනෙක්: මම අපොල්ලොස්ගේයයි කියන කල, නුඹලා මාංසිකයෝ නොවෙත්ද?
5. ඉදින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.
6. මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.
7. එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.
8. හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.
9. මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.
10. මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.
11. මක්නිසාද දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.
12. නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්,
13. එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය.
14. ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය.
15. යම් කෙනෙකුගේ කර්මාන්තය දැවීයන්නේ නම්, ඔහුට අලාභවන්නේය. නුමුත් ඔහුම ගැළවෙන්නේය; එහෙත් ගිනි මැදින් ගැළවුණාක්මෙන්ය.
16. නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?
17. යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.
18. කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.
19. මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසුකරගන්නාසේකැයි ලියා තිබේ.
20. නැවතද: ස්වාමීන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵලව තිබෙන බව දන්නාසේකැයි ලියා තිබේ.
21. එහෙයින් කවරෙක්වත් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නොකෙරේවා. මක්නිසාද සියල්ල නුඹලාගේය;
22. පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ දැන් තිබෙන දේ හෝ මතු පැමිණෙන දේ හෝ සියල්ල නුඹලාගේය;
23. නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේය.
About 1 කොරින්ති Chapter 3
Read 1 කොරින්ති Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 කොරින්ති
Chapter: 3
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 කොරින්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 කොරින්ති Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 කොරින්ති Chapter 3?
1 කොරින්ති Chapter 3 is part of the Book of 1 කොරින්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 කොරින්ති Chapter 3 online for free with easy chapter navigation.
More Chapters from 1-කොරින්ති
- 1 කොරින්ති Chapter 9
- 1 කොරින්ති Chapter 7
- 1 කොරින්ති Chapter 2
- 1 කොරින්ති Chapter 10
- 1 කොරින්ති Chapter 5
- 1 කොරින්ති Chapter 16
- 1 කොරින්ති Chapter 14
Explore More from නව ගිවිසුම
- ගලාති Chapter 2
- රෝම Chapter 12
- හෙබ්රෙනව් Chapter 7
- 2 කොරින්ති Chapter 1
- ශු. මතෙව් Chapter 3
- 1 පේතෘස් Chapter 2
- රෝම Chapter 7