Read 1 කොරින්ති Chapter 11 Online
Read 1 කොරින්ති Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 කොරින්ති and the Holy Bible online.
Choose a Chapter
1 කොරින්ති 11
පරිච්ඡේදය 11
1. මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න.
2. ඉතින් නුඹලා සියල්ලෙහිදී මා සිහිකර, මා විසින් නුඹලාට භාරදුන් නියෝග භාරදුන් හැටියට පවත්වන නිසා නුඹලාට ප්‍රශංසාකරමි.
3. නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.
4. හිස වසාගෙන යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ පුරුෂයා තමාගේ හිසට අගෞරවකරයි.
5. නුමුත් හිස නොවසා යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය.
6. මක්නිසාද ස්ත්‍රියෙක් හිස වසා නොගනිතොත් හිසකේ කපාගනීවා. නුමුත් ස්ත්‍රියකට හිසකේ කැපීමවත් මුඩුකිරීමවත් ලජ්ජාවක්නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා.
7. පුරුෂයා දෙවියන්වහන්සේගේ රූපයද ගෞරවයද බැවින් ඔහුට නම් හිසවසන්ට කිසිසේත් යුතු නැත. නුමුත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවයය.
8. මක්නිසාද පුරුෂයා ස්ත්‍රියගෙන් නොව, ස්ත්‍රිය පුරුෂයාගෙන්ය.
9. තවද පුරුෂයා ස්ත්‍රිය නිසා නොව ස්ත්‍රිය පුරුෂයා නිසා මවනලද්දීය.
10. එහෙයින් දේවදූතයන් නිසා බලයට යටත්වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්ට ස්ත්‍රීට යුතුය.
11. ඒ කෙසේවී නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පුරුෂයා නැතුව ස්ත්‍රියවත් ස්ත්‍රිය නැතුව පුරුෂයාවත් නැත.
12. මක්නිසාද ස්ත්‍රී පුරුෂයාගෙන් වුණාක්මෙන් පුරුෂයාත් ස්ත්‍රිය කරණකොටගෙන වන්නේය; නුමුත් සියල්ල දෙවියන්වහන්සේගෙන්ය.
13. හිස නොවසා දෙවියන්වහන්සේට යාච්ඤාකරන්ට ස්ත්‍රියකට හොබනේද කියා නුඹලා තුළම විනිශ්චයකරන්න.
14. පුරුෂයෙකුට දික්වූ හිසකේ තිබේ නම් ඒක ඔහුට අගෞරවයක් බව ස්වාභාවධර්මයෙන්ම නුඹලා ඉගෙනගන්නවා නොවේද?
15. නුමුත් ස්ත්‍රියකට දික්වූ හිසකේ ඇත්නම් එය ඈට ගෞරවයක්ය. මක්නිසාද ඇගේ හිසකේ වැස්මක් කොට ඈට දී තිබේ.
16. එහෙත් යමෙක් (ඒ ගැන) වාදකරන්ට කැමැත්තේ නම් අපටවත් දෙවියන්වහන්සේගේ සභාවලටවත් එයාකාර සිරිතක් නැත.
17. නුමුත් මම නුඹලාට මේ ආඥාව දීමේදී යහපත නොව අයහපත සිද්ධවෙන හැටියට නුඹලා රැස්වන නිසා නුඹලාට ප්‍රශංසා නොකරමි.
18. මක්නිසාද පළමුකොට නුඹලා සභාවෙහි රැස්වන කල, නුඹලා අතරෙහි භේද තිබෙන බව මට ආරංචිය; එය තරමක් දුරට විශ්වාස කරමි.
19. මක්නිසාද නුඹලා අතරෙහි විශ්වාසවූ අයවල් ප්‍රකාශවන පිණිස ලබ්ධි භේදත් නුඹලා අතරෙහි තිබෙන්ට ඕනෑය.
20. ඉතින් නුඹලා එකට රැස්වන කල්හි ස්වාමීන්වහන්සේගේ රාත්‍රි භෝජනය කෑමක් නම් නැත.
21. මක්නිසාද නුඹලා කන විට, එකිනෙකා තම තමාගේම කෑම අනික් කෙනෙකුට ප්‍රථමයෙන් කන්නේය; මෙසේ එක්කෙනෙක් බඩගිනිව ඉන්නේය, තවත් කෙනෙක් මත්වන්නේය.
22. කිමෙක්ද? කන්ටත් බොන්ටත් නුඹලාට ගෙවල් නැද්ද? නොහොත් නුඹලා දෙවියන්වහන්සේගේ සභාව සුළුකොට කිසිවක් නැත්තන් ලජ්ජාවට පමුණුවවුද? නුඹලාට මක්කියම්ද? මේ ගැන නුඹලාට ප්‍රශංසාකරම්ද? ප්‍රශංසා නොකරමි.
23. මක්නිසාද මම නුඹලාට භාරදුන් දේ ස්වාමීන්වහන්සේගෙන් ලැබීමි, එනම් ස්වාමීවූ යේසුස්වහන්සේ පාවාදෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන,
24. ස්තුතිකොට, කඩා: මේක නුඹලා උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
25. එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානත් දී: මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද, එපමණ වර මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
26. මක්නිසාද, නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන්වහන්සේ එන තුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශකරන්නහුය.
27. එහෙයින් නුසුදුසුලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමීන්වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.
28. නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ,
29. ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නාවූ බොන්නාවූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම්, ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය, බොන්නේය.
30. ඉන්නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති, බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙති.
31. අපි අපම විමසමු නම්, අප විනිශ්චයකරනු ලබන්නේ නැත.
32. නුමුත් අප විනිශ්චයකරනු ලබන කල ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ස්වාමීන්වහන්සේගෙන් දඬුවම් ලබමුව.
33. එබැවින්, මාගේ සහෝදරයෙනි, කන්ට නුඹලා රැස්වෙන කල එකිනෙකා ගැන බලා සිටින්න.
34. යමෙකුට බඩගිනි ඇත්නම් නුඹලාගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ, මා ආ විටකදී අනික් කාරණා හරිගස්සන්නෙමි.
About 1 කොරින්ති Chapter 11
Read 1 කොරින්ති Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 කොරින්ති
Chapter: 11
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 කොරින්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 කොරින්ති Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 කොරින්ති Chapter 11?
1 කොරින්ති Chapter 11 is part of the Book of 1 කොරින්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 කොරින්ති Chapter 11 online for free with easy chapter navigation.
More Chapters from 1-කොරින්ති
- 1 කොරින්ති Chapter 9
- 1 කොරින්ති Chapter 7
- 1 කොරින්ති Chapter 2
- 1 කොරින්ති Chapter 10
- 1 කොරින්ති Chapter 5
- 1 කොරින්ති Chapter 16
- 1 කොරින්ති Chapter 14
Explore More from නව ගිවිසුම
- 1 තෙසලෝනික Chapter 4
- ක්රිරයා Chapter 9
- ශු. මතෙව් Chapter 7
- 2 තිමෝති Chapter 1
- ශු. මාර්ක් Chapter 10
- යාකොබ් Chapter 3
- 1 තිමෝති Chapter 3