1 කොරින්ති Chapter 14

For English

Read 1 කොරින්ති Chapter 14 Online

Read 1 කොරින්ති Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 කොරින්ති and the Holy Bible online.

Choose a Chapter

1 කොරින්ති 14

පරිච්ඡේදය 14

1. ප්‍රේමය අනුව යන්න; ආත්මික දීමනාවලටද ආශාවෙන්න, ප්‍රධානකොට ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න.

2. මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත.

3. නුමුත් ධර්මවාක්‍ය පවසන්නා වර්ධනවීමද දැනමුතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කථාකරන්නේය.

4. අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය.

5. නුඹලා සියල්ලන් අන් භාෂාවලින් කථා කරනවාට කැමැත්තෙමි, නුමුත් නුඹලා ධර්මවාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කථාකරන්නා සභාවේ වර්ධනයවීම පිණිස තේරුම්කර නොදෙතොත් ඔහුට වඩා ධර්මවාක්‍ය කියන්නා උතුම්ය.

6. ඉතින්, සහෝදරයෙනි, මම නුඹලා ළඟට ඇවිත් එළිදරව්කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මවාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් නුඹලාට කථා නොකොට, අන් භාෂාවලින් කථාකළොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද?

7. එසේම ශබ්ද නගන්නාවූ පණ නැති දේවල්-නළාව වුණත් වීණාව වුණත්-වෙනස් ආකාර ශබ්ද නොකරන්නේ නම්, පිඹින්නේ මොකක්ද, ගායනාකරන්නේ මොකක්දැයි දැනගන්නේ කොහොමද?

8. එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද?

9. එසේම නුඹලාත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද? නුඹලා හුළඟට කථාකරන්නාක්මෙන් වේ.

10. යම් පමණ වෙනස්වූ භාෂාවල් ලෝකයේ ඇද්ද, එයින් එකක්වත් අර්ථ රහිත නැත.

11. එබැවින් මම භාෂාවේ තේරුම නොදනිම් නම්, කථාකරන්නාට පරදේශියෙක් වෙමි, කථාකරන්නා මට පරදේශියෙක් වේ.

12. එසේම නුඹලාත් ආත්මික දීමනා ගැන ජ්වලිතව සිටින බැවින්, සභාවේ වර්ධනයවීම පිණිස ඒවා බොහෝසෙයින් ඇතුව සිටින්ට සොයන්න.

13. එබැවින් අන් භාෂාවකින් කථාකරන්නා තේරුම්කරදෙන්ට පුළුවන්වන ලෙස යාච්ඤාකෙරේවා.

14. මක්නිසාද මම අන් භාෂාවකින් යාච්ඤාකරම් නම්, මාගේ ආත්මය යාච්ඤාකරන නුමුත් මාගේ සිහිකල්පනාව ප්‍රයෝජන නැත.

15. එසේවී නම් කිමෙක්ද? ආත්මයෙන් යාච්ඤාකරමි, සිහිකල්පනාවෙනුත් යාච්ඤාකරමි. ආත්මයෙන් ගීතිකාකරමි, සිහිකල්පනාවෙනුත් ගීතිකාකරමි.

16. නැත්නම්, නුඹ ආත්මයෙන් ස්තුතිකරන කල, තේරුම් නැති තැනැත්තා නුඹ කියන්නේ කිමෙක්දැයි නොදන්නා බැවින් නුඹේ ස්තුතිකිරීමට ආමෙන්යයි කියන්නේ කොහොමද?

17. නුඹ නම් හොඳාකාරයෙන් ස්තුතිකෙරෙහිය, නුමුත් අනික් අයට වැඩ සිද්ධ නොවේ.

18. නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කථාකරන බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

19. එසේවී නුමුත් සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කථාකරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථාකරන්ට කැමැත්තෙමි.

20. සහෝදරයෙනි, නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න.

21. අන් භාෂාවලිනුත් අන්‍යයන්ගේ තොල්වලිනුත් මම මේ සෙනඟට කථාකරන්නෙමි; එසේවුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ව්‍යවස්ථාවෙහි ලියා තිබේ.

22. මෙසේ අන් භාෂා වනාහි අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. නුමුත් ධර්මවාක්‍ය කීම තිබෙන්නේ නොඅදහන්නන් නොව අදහන්නන් උදෙසාය.

23. එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් නුඹලාට ඔල්මාදයයි කියන්නේ නැද්ද?

24. නුමුත් සියල්ලෝ ධර්මවාක්‍ය කියත් නම්, නොඅදහන්නෙක් හෝ නූගත් කෙනෙක් හෝ පැමිණි කල, සියල්ලන් විසින් ඔහුගේ වරද හඟවාදී, සියල්ලන් විසින් ඔහු විනිශ්චය කරනු ලබන්නේය;

25. ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේය; මෙසේ ඔහු සැබවින් දෙවියන්වහන්සේ නුඹලා අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය.

26. එසේවී නම්, සහෝදරයෙනි, කිමෙක්ද? නුඹලා රැස්වන කල එක් එක්කෙනාට ගීතිකාවක්ද ගුරුකමක්ද එළිදරව්කිරීමක්ද අන් භාෂාවක්ද තේරුම්කරදීමක්ද ඇත්තේය. සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා.

27. යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන්දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම්කරදේවා.

28. තේරුම් කරදෙන කෙනෙක් නැත්නම්, ඔහු සභාවේදී නිශ්ශබ්දවේවා; තමාටත් දෙවියන්වහන්සේටත් කථාකෙරේවා.

29. ධර්මවාක්‍ය කියන්නෝ දෙදෙනෙක් නොහොත් තුන්දෙනෙක් කථාකරත්වා, අනික් අය විමසාබලත්වා.

30. නුමුත් එහි හිඳින අනිකෙකුට එළිදරව්කිරීමක් පැමුණුණොත්, පළමුවෙනි තැනැත්තේ නිශ්ශබ්දවේවා.

31. මක්නිසාද සියල්ලන් ඉගෙනගන්නා පිණිසත්, සියල්ලන් ධෛර්යවෙන පිණිසත්, සියල්ලන්ට එක්කෙනෙකු බැගින් ධර්මවාක්‍ය කියන්ට පුළුවන;

32. ධර්මවාක්‍ය කියන්නන්ගේ ආත්ම ධර්මවාක්‍ය කියන්නන්ට යටත්ව තිබේ.

33. මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.

34. ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන්ට අවසර නැත; ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා.

35. ඔව්හු යමක් දැනගන්ට කැමති නම්, ගෙදරදී තමුන්ගේම පුරුෂයන්ගෙන් විචාරත්වා. මක්නිසාද සභාවේදී කථාකිරීම ස්ත්‍රියකට ලජ්ජාවක්ය.

36. මොකද? දෙවියන්වහන්සේගේ වචනය නික්මගියේ නුඹලා කෙරෙන්ද? නොහොත් ඒක පැමුණුණේ නුඹලා වෙතට පමණක්ද?

37. යමෙක් තමාම ධර්මවාක්‍ය පවසන්නෙක්ය කියා නොහොත් ආත්මික කෙනෙක්ය කියා සිතනවා නම්, මා විසින් නුඹලාට ලියන කාරණා ස්වාමීන්වහන්සේගේ ආඥාව බව ඔහු ඒත්තුගනීවා.

38. යමෙක් එය නොදන්නවා නම්, ඔහු නොදැන සිටීවා.

39. එබැවින්, මාගේ සහෝදරයෙනි, ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න, අන් භාෂාවලින් කථාකිරීමත් තහනම් නොකරන්න.

40. නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.

About 1 කොරින්ති Chapter 14

Read 1 කොරින්ති Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 කොරින්ති
Chapter: 14
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 කොරින්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 කොරින්ති Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 කොරින්ති Chapter 14?

1 කොරින්ති Chapter 14 is part of the Book of 1 කොරින්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 කොරින්ති Chapter 14 online for free with easy chapter navigation.

More Chapters from 1-කොරින්ති

  1. 1 කොරින්ති Chapter 9
  2. 1 කොරින්ති Chapter 2
  3. 1 කොරින්ති Chapter 7
  4. 1 කොරින්ති Chapter 10
  5. 1 කොරින්ති Chapter 5
  6. 1 කොරින්ති Chapter 16
  7. 1 කොරින්ති Chapter 11

Explore More from නව ගිවිසුම

  1. ශු. මතෙව් Chapter 10
  2. 1 කොරින්ති Chapter 2
  3. 1 කොරින්ති Chapter 13
  4. ශු. යොහන් Chapter 10
  5. ශු. මතෙව් Chapter 3
  6. 1 කොරින්ති Chapter 3
  7. ශු. මතෙව් Chapter 24

Related Chapters & Readings

  1. යාකොබ් Chapter 5
  2. එසකියෙල් Chapter 43
  3. ශු. මාර්ක් Chapter 5
  4. ද්වීතීය කථාව Chapter 16
  5. විනිශ්චයකාරයන් Chapter 19
  6. එසකියෙල් Chapter 31
  7. 2 රාජාවලිය Chapter 25
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *