හෙබ්රෙනව් Chapter 2

For English

Read හෙබ්රෙනව් Chapter 2 Online

Read හෙබ්රෙනව් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of හෙබ්රෙනව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හෙබ්රෙනව් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

හෙබ්රෙනව් 2

පරිච්ඡේදය 2

1. ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.

2. මක්නිසාද දේවදූතයන් කරණකොටගෙන කියනලද වචනය ස්ථිරවී, සියලු වරද ක්‍රියාවලටත් අකීකරුකම්වලටත් සාධාරණ විපාකයක් ලැබුණේ වීනම්,

3. පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?

4. දෙවියන්වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂිදුන්සේක. ‍

5. මක්නිසාද අපි යම් ලෝකයක් ගැන කථාකරමුද, පැමිණෙන්ට තිබෙන ඒ ලෝකය උන්වහන්සේ යටත්කළේ දේවදූතයන්ට නොවේය.

6. නුමුත් එක් කෙනෙක් එක් තැනක සාක්ෂිදෙමින්: ඔබ විසින් මනුෂ්‍යයා සිහිකරන්ට නොහොත් මනුෂ්‍ය පුත්‍රයා දෙස බැලීමට ඔහු කවරෙක්ද?

7. ඔබ දේවදූතයන්ට වඩා ඔහු මඳක් පහත්කළසේක; ඔබ තේජසද ගෞරවයද නමැති ඔටුන්න ඔහුට පැළඳවූසේක, ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු ආණ්ඩුකාරයා කළසේක.

8. ඔබ සියල්ලම ඔහුගේ පාදවලට යටත්කළසේකැයි කීය. එසේය, උන්වහන්සේ සියල්ල ඔහුට යටත්කළ බැවින් කිසිවක් යටත් නොකොට හැරියේ නැත. එහෙත් දැන් සියල්ල ඔහුට යටත්කර තිබෙන බව තවම අපට නොපෙනේ.

9. නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේවදූතයන්ට වඩා මඳක් පහත්කරනු ලැබුවාවූ උන්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගන සිටින බව අපට පෙනේ.

10. කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය.

11. මක්නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදුකරනු ලබන්නෝද යන සියල්ලෝම එක්කෙනෙකුගෙන්ය. ඒ කාරණය නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝයයි කියන්ට ලජ්ජා නොවී:

12. මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශකරන්නෙමි, සභාව මධ්‍යයෙහි ඔබට ප්‍රශංසා ගීතිකාකරන්නෙමියි කියනසේක.

13. නැවතද: මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නෙමියි කියාද, ආයෙත්: මෙන්න, මමත් දෙවියන්වහන්සේ මට දුන් දරුවොත්ය කියාද කීසේක.

14. එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට,

15. ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

16. මක්නිසාද [පිහිටවීම සඳහා] සැබවින් උන්වහන්සේ අල්ලාගන්නේ දේවදූතයන් නොව ආබ්‍රහම්ගේ වංශයය.

17. එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය.

18. මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.

About හෙබ්රෙනව් Chapter 2

Read හෙබ්රෙනව් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of හෙබ්රෙනව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හෙබ්රෙනව්
Chapter: 2
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හෙබ්රෙනව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හෙබ්රෙනව් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හෙබ්රෙනව් Chapter 2?

හෙබ්රෙනව් Chapter 2 is part of the Book of හෙබ්රෙනව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හෙබ්රෙනව් Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from හෙබ්රෙනව්

  1. හෙබ්රෙනව් Chapter 5
  2. හෙබ්රෙනව් Chapter 6
  3. හෙබ්රෙනව් Chapter 11
  4. හෙබ්රෙනව් Chapter 1
  5. හෙබ්රෙනව් Chapter 3
  6. හෙබ්රෙනව් Chapter 7
  7. හෙබ්රෙනව් Chapter 12

Related Chapters & Readings

  1. ශු. මාර්ක් Chapter 5
  2. උත්පත්ති Chapter 17
  3. යෙසායා Chapter 50
  4. ගීතාවලිය Chapter 132
  5. යෝෂුවා Chapter 17
  6. යෝබ් Chapter 15
  7. යෙසායා Chapter 60
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *