හෙබ්රෙනව් Chapter 10

For English

Read හෙබ්රෙනව් Chapter 10 Online

Read හෙබ්රෙනව් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of හෙබ්රෙනව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හෙබ්රෙනව් and the Holy Bible online.

Choose a Chapter

හෙබ්රෙනව් 10

පරිච්ඡේදය 10

1. මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන.

2. පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද?

3. නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය.

4. මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන.

5. එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කථාකර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කර දුන්සේක;

6. මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නුවූසේක.

7. එවිට මම කථාකොට: දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක.

8. ව්‍යවස්ථාවේ හැටියට ඔප්පුකරන පූජාවලටත් පඬුරුවලටත් මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ කැමතිවන්නේවත් සතුටුවන්නේවත් නැතැයි ඉහත කී පසු:

9. මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමියි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමුවෙනි එක අහක්කරනසේක.

10. ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.

11. තවද සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති.

12. නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.

13. එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලාසිටිනසේක.

14. මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක.

15. ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂිදෙමින්:

16. ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට:

17. ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක.

18. ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත.

19. එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්,

20. උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද,

21. දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද,

22. නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.

23. අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

24. තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.

25. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.

26. මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්,

27. විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත.

28. මෝසෙස්ගේ ව්‍යවස්ථාව සුළුකළ අය දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලැබ මරනු ලබන්නේය.

29. නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද?

30. මක්නිසාද: පළිගැනීම මට අයිතිය, මම්ම ප්‍රතිඵල දෙන්නෙමියි කියාද, ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරනසේක කියාද කී තැනන්වහන්සේ අපි දනිමුව.

31. ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය.

32. නුමුත් නුඹලා ආලෝකකරනු ලැබුවාට පසු නුඹලා දුක් නැමති මහත් පොරබැදීමක් ඉසුලුවාවූ පළමු දවස් සිහිකරන්න.

33. එසේ වුණේ නින්දා සහ පීඩා කරණකොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත්, එසේ කරනු ලැබූවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය.

34. මක්නිසාද හිරකාරයන්ව සිටින්නන්ට නුඹලා අනුකම්පාව දැක්වූවා පමණක් නොව, වඩා උතුම්වූ පවතින්නාවූ වස්තුවක් නුඹලාට ඇති බව දැනගෙන, නුඹලාගේ දේපල කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසුවහුය.

35. එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.

36. මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.

37. මක්නිසාද එන්නාවූ තැනන්වහන්සේ ප්‍රමාද නොවී, තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක.

38. ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.

39. නුමුත් අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිතිවමුව.

About හෙබ්රෙනව් Chapter 10

Read හෙබ්රෙනව් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of හෙබ්රෙනව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හෙබ්රෙනව්
Chapter: 10
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හෙබ්රෙනව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හෙබ්රෙනව් Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හෙබ්රෙනව් Chapter 10?

හෙබ්රෙනව් Chapter 10 is part of the Book of හෙබ්රෙනව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හෙබ්රෙනව් Chapter 10 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. ශු. ලූක් Chapter 15
  5. එපීස Chapter 5
  6. එපීස Chapter 2
  7. ශු. ලූක් Chapter 23

Explore More from හෙබ්රෙනව්

  1. හෙබ්රෙනව් Chapter 7
  2. හෙබ්රෙනව් Chapter 9
  3. හෙබ්රෙනව් Chapter 11
  4. හෙබ්රෙනව් Chapter 8
  5. හෙබ්රෙනව් Chapter 1
  6. හෙබ්රෙනව් Chapter 3
  7. හෙබ්රෙනව් Chapter 12

Related Chapters & Readings

  1. ලෙවී කථාව Chapter 17
  2. ගීතාවලිය Chapter 120
  3. 2 සාමුවෙල් Chapter 1
  4. ගණන් කථාව Chapter 19
  5. යෙසායා Chapter 53
  6. යෙසායා Chapter 56
  7. ගීතාවලිය Chapter 101
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *