ශු. ලූක් Chapter 21

For English

Read ශු. ලූක් Chapter 21 Online

Read ශු. ලූක් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ශු. ලූක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. ලූක් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ශු. ලූක් 21

පරිච්ඡේදය 21

1. උන්වහන්සේ ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ පඬුරු ගබඩාවට දමනවා දුටුසේක.

2. එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් උන්වහන්සේ දැක:

3. සැබවක් නුඹලාට කියමි-මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය.

4. මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.

5. සමහරු දේවමාළිගාව ගැන කථාකොට, ඒක ශෝභමාන ගල්වලින්ද කැපකළ දේවලින්ද සරසා තිබෙන හැටි කී කල්හි, උන්වහන්සේ කථාකොට:

6. නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේයයි කීසේක.

7. ආචාරිනි, ඒ දේ කොයි කලක වන්නේද? ඒවා සිදු වෙන්ට එන කල ලකුණ කිමෙක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.

8. උන්වහන්සේ කියනසේක්: මුළා නොවෙන්ට බලාගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත්-ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න.

9. යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවන්න. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක.

10. එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.

11. මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය

12. නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් නුඹලා පාවාදෙමින්, නුඹලාට පීඩාකරන්නෝය, නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය.

13. ඒක නුඹලාට සාක්ෂියක් පිණිස වන්නේය.

14. එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න.

15. මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරුකරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.

16. එහෙත් මවුපිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම නුඹලා භාරදෙනු ලබන්නහුය; ඔව්හු නුඹලාගෙන් සමහරෙකු මරණයට පත්කරවන්නෝය.

17. මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය.

18. නුමුත් නුඹලාගේ හිසකෙසක්වත් නැති නොවන්නේය.

19. නුඹලා ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනාගන්නහුය.

20. එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න.

21. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.

22. මක්නිසාද ලියනලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ දවස් වන්නේය.

23. ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය.

24. ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය. සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.

25. ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.

26. මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.

27. එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුළකින් එනවා ඔව්හු දකින්නෝය.

28. මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක.

29. තවද උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්: අත්තික්කා ගසද සියලු ගස්ද බලන්න.

30. ඒවා දළුලන විට, ඒ දැක ග්‍රීෂ්ම කාලය දැනටම ළඟ බව නුඹලාම දැනගන්නහුය.

31. එලෙසම මේ දේ සිදුවෙනවා දකින කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළඟ බවත් දැනගන්න.

32. සැබැවක් නුඹලාට කියමි-සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.

33. අහසත් පොළොවත් පහව යන්නේය. නුමුත් මාගේ වචන පහව නොයන්නේය.

34. එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.

35. මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.

36. එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.

37. උන්වහන්සේ දවාලේ දේවමාළිගාවෙහි උගන්වමින් සිට, රාත්‍රියේ පිටත්ව ගොස්, ඔලීව නම් කන්දේ නැවතී සිටිසේක.

38. මුළු සෙනඟද උන්වහන්සේගේ වචන අසන පිණිස දේවමාළිගාවේ සිටි උන්වහන්සේ වෙතට උදයේම ආවෝය.

About ශු. ලූක් Chapter 21

Read ශු. ලූක් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ශු. ලූක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. ලූක්
Chapter: 21
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. ලූක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. ලූක් Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. ලූක් Chapter 21?

ශු. ලූක් Chapter 21 is part of the Book of ශු. ලූක් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. ලූක් Chapter 21 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from ශු.-ලූක්

  1. ශු. ලූක් Chapter 11
  2. ශු. ලූක් Chapter 10
  3. ශු. ලූක් Chapter 1
  4. ශු. ලූක් Chapter 9
  5. ශු. ලූක් Chapter 14
  6. ශු. ලූක් Chapter 17
  7. ශු. ලූක් Chapter 6

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 119
  2. හිතෝපදේශ Chapter 9
  3. දේශනාකාරයා Chapter 3
  4. ගීතාවලිය Chapter 63
  5. යෙරෙමියා Chapter 48
  6. යෝෂුවා Chapter 20
  7. පිලිප්පි Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *