ශු. ලූක් Chapter 7

For English

Read ශු. ලූක් Chapter 7 Online

Read ශු. ලූක් Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of ශු. ලූක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. ලූක් and the Holy Bible online.

Choose a Chapter

ශු. ලූක් 7

පරිච්ඡේදය 7

1. උන්වහන්සේ සෙනඟ අසමින් සිටියදී තමන්ගේ සියලු වචන කියා නිමකළායින් පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූසේක.

2. එක්තරා සියයකට මුලාදෑනියෙකුගේ ප්‍රියවූ දාසයෙක් රෝගීව මරණාසන්නව සිටියේය.

3. ඔහු යේසුස්වහන්සේ ගැන අසා, උන්වහන්සේ ඇවිත් තමාගේ දාසයා සුවපත්කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් උන්වහන්සේ වෙතට යැවීය.

4. ඔව්හු යේසුස්වහන්සේ ළඟට පැමිණ: ඔහු ඔබගෙන් ඒක ලබන්ට සුදුස්සෙක්ය.

5. ඔහු අපේ ජාතියට ප්‍රේමවන්නේය, ඔහුම අපේ සිනගෝගය අපට සාදාදුන්නේය කියා බොහෝසෙයින් ඉල්ලුවෝය.

6. එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගියසේක. උන්වහන්සේ ගෙට නුදුරුව සිටිද්දී සියයකට මුලාදෑනියා උන්වහන්සේ ළඟට මිත්‍රයන් යවා: ස්වාමීනි, වෙහෙස නූව මැනව. ඔබ මාගේ පියස්ස යටට එන්ට මම නොවටිමි.

7. එහෙයින් ඔබ ළඟට එන්ටත් මම වටින්නෙක්යයි නොසිතුවෙමි. නුමුත් වචනයකින් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවා සුවපත්වේ.

8. මක්නිසාද මමත් ආණ්ඩුබලයට යටත් මනුෂ්‍යයෙක්මි, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට-යවයි මා කී කල ඔහු යන්නේය; තවත් කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය; මාගේ දාසයාට-මේක කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි උන්වහන්සේට කියා යැවීය.

9. යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි නුඹලාට කියමියි කීසේක.

10. යවනලද්දෝ ගෙට හැරී ගිය කල දාසයා සුවපත්ව සිටිනවා දුටුවෝය.

11. ඉන්පසු උන්වහන්සේ නායින් නම් නුවරකට ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ සමඟ ගියෝය.

12. උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.

13. ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක.

14. උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙනයන්නෝ නැවතුණෝය. උන්වහන්සේ: යෞවනය, නැගිටින්නැයි නුඹට කියමියි කීසේක.

15. එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක.

16. එකල සියල්ලෝම භයපත්ව: උතුම්වූ අනාගතවක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණුසේක, දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.

17. උන්වහන්සේ ගැන මේ ප්‍රවෘත්තිය මුළු යුදයෙහිද වටකර රට මුළුල්ලෙහිද පතළවිය.

18. යොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වුවෝය.

19. එවිට යොහන් තමාගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙන කෙනෙකු බලා සිටිය යුතුද කියා අසන්ට ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් යැවීය.

20. ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙනකෙනෙකු බලා සිටිය යුතුදැයි අහන පිණිස යොහන් බව්තීස්ත අප ඔබ වෙතට එවුවේයයි කීවෝය.

21. ඒ පැයේදී උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ රෝගද ව්‍යාධිද සුවකර, දුෂ්ටාත්ම පහකර, නොයෙක් අන්ධයන්ට පෙනීම දුන්සේක.

22. උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඇසූ දුටු දේ ගොස් යොහන්ට දන්වන්න; බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍රකරනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.

23. යමෙකුට මම පැකිලීමේ හේතුවක් නොවන්නේද ඔහු ආශීර්වාදලද්දෙකැයි ඔවුන්ට කීසේක.

24. යොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බටගසක්ද?

25. නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, අලංකාර වස්ත්‍ර හැඳ සැපජීවිකාවෙන් සිටින්නෝ රාජමාළිගාවල සිටිති.

26. නුමුත් කුමක් බලන්ට ගියහුද? අනාගතවක්තෘ කෙනෙක්ද? එසේය, නුඹලාට කියමි, අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය.

27. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේය කියා ලියා තිබෙන්නේ මොහු ගැනය.

28. ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතුරෙන් යොහන්ට වඩා උත්තමයෙක් ඇත්තේ නැතැයි නුඹලාට කියමි. එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.-

29. මුළු සෙනඟද සුංගම් අයකරන්නෝද ඒ අසා, ඔවුන් යොහන්ගේ බව්තීස්මයෙන් බව්තීස්මය ලැබ සිටි නිසා, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බව ඒත්තුගත්තෝය.

30. නුමුත් ඵරිසිවරු ව්‍යවස්ථාව උගන්වන්නෝද ඔහුගෙන් බව්තීස්මය නොලැබ, දෙවියන්වහන්සේගේ අදහස තමුන්ටම එපාකළෝය.-

31. මේ පරම්පරාවේ මනුෂ්‍යයන් කුමකට සමාන කරම්ද? මොන දෙයකට ඔවුන් සමානද?

32. අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; නුඹලාට විලාප කීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළදාම්පළේ හිඳ ඔවුනොවුන්ට හඬගසා කියන්නාවූ දරුවන් හා සමාන වෙති.

33. මක්නිසාද යොහන් බව්තීස්ත ඇවිත් රොටි නොකා මුද්‍රිකපානය නොබී සිටියි; එබැවින් ඔහු යක්ෂාවේශ කෙනෙකැයි නුඹලා කියන්නහුය.

34. මනුෂ්‍ය පුත්‍රයා ඇවිත් කමින් බොමින් සිටියි; නුඹලා කථාකොට: බලව, ගිජු මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය, සුංගම් අයකරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්යයි නුඹලා කියන්නහුය.

35. එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ සියලු දරුවන් කරණකොටගෙන ඔප්පුවී තිබේයයි කීසේක.

36. ඵරිසිවරුන්ගෙන් එක්කෙනෙක් තමා සමඟ කෑමට එන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. උන්වහන්සේ ඵරිසියාගේ ගෙට ඇතුල්ව කෑමට හිඳගත්සේක.

37. ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියෙක් උන්වහන්සේ ඵරිසියාගේ ගෙයි කෑමට ඉඳගන හුන් බව දැන, සුවඳ තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්,

38. උන්වහන්සේගේ පාද ළඟ පිටිපසින් හඬ හඬා සිට, උන්වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඒවා ඇගේ හිසකේවලින් පිසදමා, උන්වහන්සේගේ පාද සිඹ සිඹ, ඒ සුවඳ තෙල් ගෑවාය.

39. උන්වහන්සේව කැඳවාගත් ඵරිසියා ඒ දැක: මුන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත, මක්නිසාද ඈ පව්කාරියෙකැයි තමාගේ සිත තුළ සිතා ගත්තේය.

40. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන්, නුඹට කාරණයක් කියන්ට මට තිබේයයි ඔහුට කීසේක. ආචාරිනී, කිව මැනවයි ඔහු කීවේය.

41. එක්තරා ණයහිමියෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙක් මසු පන්සියයක්ද අනික් තැනැත්තා පණසක්ද ණයව සිටියෝය.

42. ණය ගෙවන්ට ඔවුන්ට කිසිවක් නැති හෙයින් ඔහු ඒ දෙදෙනාටම කමාවූයේය. එබැවින් ඔවුන්ගෙන් කොයි තැනැත්තා ඔහුට වැඩිව ප්‍රේමකරනවා ඇද්දැයි කීසේක.

43. සීමොන් උත්තරදෙමින්: යමෙකුට ඔහු වැඩියෙන් කමාවූයේද ඔහුය කියා මම සිතමියි කීවේය. එවිට උන්වහන්සේ: නුඹේ විනිශ්චය හරියයි ඔහුට කියා,

44. ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කථාකොට: මේ ස්ත්‍රිය නුඹට පෙනෙනවාද? මම නුඹේ ගෙදරට ඇතුල්වුණෙමි, නුඹ මාගේ පාද සෝදන්ට වතුර දුන්නේ නැත. නුමුත් මෑ තමාගේ කඳුළෙන් මාගේ පාද තෙමා, ඇගේ හිසකේවලින් ඒවා පිසදැමුවාය.

45. නුඹ මා සිම්බේ නැත. නුමුත් මෑ මා ආ වේලේ පටන් මාගේ පාද සිඹීමෙන් නැවතුණේ නැත.

46. නුඹ මාගේ හිසේ තෙල් ගෑවේ නැත. නුමුත් මෑ මාගේ පාදවල සුවඳ තෙල් ගෑවාය.

47. එබැවින් නුඹට කියමි-බොහෝවූ ඇගේ පව් ඈට කමාකරන ලද්දේය; මක්නිසාද ඈ බොහෝකොට ප්‍රේමකළාය. නුමුත් යමෙකුට ස්වල්පයක් කමාකරනලද්දේද ඔහු ස්වල්ප කොට ප්‍රේමකෙරේයයි කීසේක.

48. එවිට උන්වහන්සේ: නුඹේ පව් නුඹට කමාකරනලදැයි ඈට කීසේක.

49. උන්වහන්සේ සමඟ කෑමට හිඳගන උන් අය: පව්කමාව පවා දෙන මොහු කවුදැයි තමුන් තුළ කියාගන්ට පටන්ගත්තෝය.

50. නුමුත් උන්වහන්සේ: නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය, සමාදානයෙන් යන්නැයි ඒ ස්ත්‍රීට කීසේක.

About ශු. ලූක් Chapter 7

Read ශු. ලූක් Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of ශු. ලූක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. ලූක්
Chapter: 7
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. ලූක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. ලූක් Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. ලූක් Chapter 7?

ශු. ලූක් Chapter 7 is part of the Book of ශු. ලූක් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. ලූක් Chapter 7 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from ශු.-ලූක්

  1. ශු. ලූක් Chapter 15
  2. ශු. ලූක් Chapter 20
  3. ශු. ලූක් Chapter 9
  4. ශු. ලූක් Chapter 13
  5. ශු. ලූක් Chapter 6
  6. ශු. ලූක් Chapter 19
  7. ශු. ලූක් Chapter 8

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 2
  2. යෙසායා Chapter 11
  3. ගීතාවලිය Chapter 137
  4. ගණන් කථාව Chapter 26
  5. 2 ලේකම් Chapter 23
  6. ගීතාවලිය Chapter 150
  7. ක්රිරයා Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *