Read ශු. මාර්ක් Chapter 12 Online
Read ශු. මාර්ක් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මාර්ක් and the Holy Bible online.
Choose a Chapter
ශු. මාර්ක් 12
පරිච්ඡේදය 12
1. උන්වහන්සේ උපමාවලින් ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, මිදියන්ත්‍රය සඳහා වළක් හාරා, කොතක් ගොඩනගා, ගොවීන්ට බදුදී, අන් රටකට ගියේය.
2. ඔහු මිදිවත්තේ ඵල කොටස ගොවීන්ගෙන් ලබා ගන්න පිණිස ඵල වාරයේදී ගොවීන් ළඟට දාසයෙකු යැවීය.
3. ඔව්හු ඔහු අල්ලා, ඔහුට තළා, හිස් අතින් හැරියෝය.
4. නැවත ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙතට හැරියේය; ඔව්හු ඔහුගේ හිස තුවාලකොට ඔහුට නිග්‍රහකළෝය.
5. ඔහු තවත් කෙනෙකු යැවීය; ඔව්හු ඔහු මැරුවෝය. තවත් බොහෝ දෙනෙකුගෙන් සමරහෙකුට තැළුවෝය, සමරහෙකු මැරුවෝය.
6. ඔහුට තව එක්කෙනෙක් එනම් ප්‍රේමවන්ත පුත්‍රයෙක් සිටියේය. ඔවුන් මාගේ පුත්‍රයාට ගෞරව කරනවා ඇත කියා අන්තිමේදී ඔහුත් ඔවුන් වෙතට යැවීය.
7. නුමුත් ඒ ගොවියෝ තමුන් අතරේ කථාකොට: මොහු උරුමක්කාරයාය; එන්න, ඔහු මරමු,
8. එවිට උරුමය අපට වන්නේය කියා, ඔහු අල්ලා, මරා, මිදිවත්තෙන් පිටතට දැමුවෝය.
9. එබැවින් මිදිවත්තේ ස්වාමියා කුමක් කරන්නේද? ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේය.
10. ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනු ලැබීය.
11. මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් වූයේය, ඒ වනාහි අපගේ ඇස්වලට පුදුමයක්ය යන මේ ලියවිල්ලවත් නුඹලා කියෙවුවේ නැද්දැයි කිසේක.
12. උන්වහන්සේ මේ උපමාව තමුන්ට විරුද්ධව කී බව ඔව්හු දැන උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් ඔව්හු සමූහයාට භයව සිටියෝය. ඔව්හු වනාහි උන්වහන්සේ අත්හැර ගියෝය.
13. ඔව්හු කථාවෙන් උන්වහන්සේ අසුකරගන්න පිණිස ඵරිසිවරුන්ගෙන්ද හෙරෝදිවරුන්ගෙන්ද සමරහෙකු උන්වහන්සේ වෙතට යැවුවෝය.
14. ඔව්හු ඇවිත්: ආචාරිනි, ඔබ සැබෑවූ කෙනෙකු බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකුට භය නොවී දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන බවත් දනීමුව. කායිසර්ට අයබදු දීම යුතුද අයුතුද?
15. දෙමුද නොදෙමුදැයි උන්වහන්සේට කීවෝය. නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ වංකකම දැන: නුඹලා මා පරික්ෂාකරන්නේ මක්නිසාද? මට බලන්ට මස්සක් ගෙනෙන්නැයි ඔවුන්ට කීසේක.
16. ඔව්හු ගෙනාවෝය. උන්වහන්සේද: මේ රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය.
17. එවිට යේසුස්වහන්සේ: කායිසර්ගේ දේ කායිසර්ටද දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටද දෙන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු උන්වහන්සේ ගැන බොහෝසෙයින් පුදුමවූවෝය.
18. නැවත-නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු උන්වහන්සේ ළඟට ඇවිත් කථාකොට:
19. ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ තමාගේ භාර්යාව සිටියදී මළොත් ඔහුගේ සහෝදරයා ඔහුගේ භාර්යාව පාවාගෙන තමාගේ සහෝදරයා නමට දරුවන් ඉපදවිය යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.
20. සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවක් පාවා ගෙන දරුවන් නොලැබ මැරුණේය;
21. දෙවෙනියාත් ඈ පාවාගෙන දරුවන් නොලැබ මැරුණේය; තුන්වෙනියාත් එසේමය.
22. සත්දෙනාම දරුවන් නොලැබ මැරුණෝය. සියල්ලන්ට පසු ස්ත්‍රීත් මළාය.
23. සත්දෙනාම ඈ භාර්යාව කොට පාවාගත් බැවින් නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
24. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා වරද්දාගන්නේ ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදන්න නිසා නොවේද?
25. මක්නිසාද ඔව්හු මළවුන්ගෙන් නැගිටින කල සරණපාවාගන්නේවත් සරණපාවාදෙන්නේවත් නැතුව ස්වර්ගයේ දේවදූතයන් මෙන් වෙති.
26. තවද මළවුන් නැගිටින බව ගැන නම්, දෙවියන්වහන්සේ කථාකොට: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි මෝසෙස්ට කී බව ඔහුගේ පොතේ පඳුර ගැන සඳහන්වූ තැන නුඹලා කියෙවුවේ නැද්ද?
27. උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේය. නුඹලා බොහෝසේ වරද්දාගන්නහුයයි කීසේක.
28. එවිට ලියන්නන්ගෙන් එක්කෙනෙක් ඇවිත් ඔවුන් එකතුව ප්‍රශ්න විචාරනවා අසා, උන්වහන්සේ මනාසේ ඔවුන්ට පිළිතුරු දුන් බව දැන: සියලු ආඥාවලින් කොයි එක ප්‍රධානදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
29. යේසුස්වහන්සේ උත්තරදෙමින්: ප්‍රධාන එක නම්-අහෝ ඉශ්‍රායෙල්, අසන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේ)ය.
30. නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන්න යන එකය.
31. දෙවෙනි එක නම්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යනුය. මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැතැයි කීසේක.
32. එවිට ලියන්නා: ආචාරීන්වහන්ස, සැබවින් උන්වහන්සේ එකම තැනන්වහන්සේයයි ඔබ හරිලෙස කීයෙහිය; උන්වහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක් නැත.
33. මුළු හෘදයෙන්ද මුළු ඥානයෙන්ද මුළු ශක්තියෙන්ද උන්වහන්සේට ප්‍රේමකිරීමත් තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකිරීමත් සියලු මුළු දවන පූජාවලට හා යාගවලටත් වඩා උතුම්යයි කීය.
34. ඔහු නුවණින් උත්තරදුන් බව යේසුස්වහන්සේ දැක: නුඹ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහියයි ඔහුට කීසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.
35. යේසුස්වහන්සේ දේවමාළිගාවේ උගන්වද්දී උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයායයි ලියන්නෝ කෙසේ කියද්ද?
36. දාවිත්ම ශුද්ධාත්මයාණන් කරණකොට කථාකරමින්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කොට තබන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කීය.
37. දාවිත්ම උන්වහන්සේට ස්වාමින්වහන්සේයයි කියයි; එසේ නම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේදැයි ඇසූසේක. සාමාන්‍ය ජනයා උන්වහන්සේට සන්තෝෂයෙන් ඇහුම් කන්දුන්නෝය.
38. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී කියනසේක්: උතුරු සළු ඇඳ ඇවිදීමටත් කඩපිල්වලදී ආචාර ලැබීමටත්
39. සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටත් මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටත් කැමතිවන්නාවූද,
40. වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකන්නාවුද, වංචාවට දීර්ඝ යාච්ඤාකරන්නාවුද ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න; ඔව්හු වඩා බරපතළ දඬුවමක් ලබන්නෝයයි කීසේක.
41. උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය.
42. දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය.
43. උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් නුඹලාට කියමි-ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය.
44. මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.
About ශු. මාර්ක් Chapter 12
Read ශු. මාර්ක් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. මාර්ක්
Chapter: 12
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. මාර්ක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. මාර්ක් Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. මාර්ක් Chapter 12?
ශු. මාර්ක් Chapter 12 is part of the Book of ශු. මාර්ක් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. මාර්ක් Chapter 12 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 5
- එපීස Chapter 2
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 23
Explore More from ශු.-මාර්ක්
- ශු. මාර්ක් Chapter 14
- ශු. මාර්ක් Chapter 6
- ශු. මාර්ක් Chapter 4
- ශු. මාර්ක් Chapter 16
- ශු. මාර්ක් Chapter 2
- ශු. මාර්ක් Chapter 9
- ශු. මාර්ක් Chapter 1