ශු. මාර්ක් Chapter 13

For English

Read ශු. මාර්ක් Chapter 13 Online

Read ශු. මාර්ක් Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මාර්ක් and the Holy Bible online.

Choose a Chapter

ශු. මාර්ක් 13

පරිච්ඡේදය 13

1. උන්වහන්සේ දේවමාළිගාවෙන් පිටත්ව යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්: ආචාරිනි, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද! කියා උන්වහන්සේට කීයේය.

2. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක.

3. උන්වහන්සේ දේවමාළිගාව ඉදිරියෙහි ඔලීව කන්දේ වැඩහුන් කල පේතෘස්ද යාකොබ්ද යොහන්ද අන්දෘද රහසින් උන්වහන්සේට කථාකොට:

4. ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය.

5. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන හැටියට බලාගන්න.

6. බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් ඇවිත්-මම ඒ තැනන්වහන්සේය කියා බොහෝ දෙනෙක් මුළාකරන්නෝය.

7. යුද්ධ සහ යුද්ධ කථා ගැන නුඹලා අසන කල නොකැලඹෙන්න. මේ දේවල් සිදුවෙන්ට ඕනෑය;

8. නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පා වන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය.

9. එහෙත් නුඹලා ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතින්ද රජුන්ද ඉදි-රියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත.

10. තවද ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය.

11. ඔවුන් නුඹලා පාවාදෙන්ට ගෙනයන කල කුමක් කියන්නෙමුදැයි කලින් කනස්සලු නොවෙන්න. එහෙත් ඒ පැයේදී නුඹලාට යමක් දෙනු ලැබේද ඒක කියන්න. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය.

12. තවද සහෝදරයා සහෝදරයාද පියා දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය;

13. මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරකරන්නෝය. නුමුත් අන්තිමය දක්වාම ස්ථීරව සිටින්නා ගළවනු ලබන්නේය.

14. තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා.

15. ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා.

16. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා.

17. නුමුත් ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ!

18. ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න.

19. මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය.

20. ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක.

21. එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරන්න.

22. මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන් නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය.

23. නුමුත් නුඹලා ප්‍රවේසම්වෙන්න. ඔන්න, කල් ඇතුව නුඹලාට සියල්ල කීයෙමි.

24. ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පසු ඉර අඳුරුවන්නේය, සඳ එළිය නොදෙන්නේය,

25. තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය.

26. එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද යුක්තව වලාකුල්වල එනවා ඔව්හු දකින්නෝය.

27. එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.

28. අත්තික්කා ගහේ උපමාව ඉගෙනගන්න. එහි අත්ත මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය.

29. එසේම මේ දේ සිද්ධවෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගන්න.

30. සැබවක් නුඹලාට කියමි-මේ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහවනොයන්නේය.

31. අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහනොවන්නේය.

32. නුමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති.

33. ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරන්න.

34. ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය.

35. එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න.

36. මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය.

37. මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි-අවදිව සිටින්නැයි කීසේක.

About ශු. මාර්ක් Chapter 13

Read ශු. මාර්ක් Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. මාර්ක්
Chapter: 13
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. මාර්ක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. මාර්ක් Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. මාර්ක් Chapter 13?

ශු. මාර්ක් Chapter 13 is part of the Book of ශු. මාර්ක් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. මාර්ක් Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 5
  5. එපීස Chapter 2
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 23

Explore More from ශු.-මාර්ක්

  1. ශු. මාර්ක් Chapter 1
  2. ශු. මාර්ක් Chapter 10
  3. ශු. මාර්ක් Chapter 11
  4. ශු. මාර්ක් Chapter 6
  5. ශු. මාර්ක් Chapter 16
  6. ශු. මාර්ක් Chapter 4
  7. ශු. මාර්ක් Chapter 12

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 23
  2. ශු. ලූක් Chapter 23
  3. ගීතාවලිය Chapter 67
  4. ගීතාවලිය Chapter 61
  5. ගීතාවලිය Chapter 49
  6. ගීතාවලිය Chapter 76
  7. ද්වීතීය කථාව Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *