නෙහෙමියා Chapter 1

For English

Read නෙහෙමියා Chapter 1 Online

Read නෙහෙමියා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of නෙහෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නෙහෙමියා and the Holy Bible online.

Choose a Chapter

නෙහෙමියා 1

පරිච්ඡේදය 1

1. හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල,

2. මාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක්වූ හනානීද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝද යුදයෙන් ආවෝය; එවිට වාල්කමෙන් ගැළවී ඉතුරුවුණ යුදෙව්වරුන් ගැනද යෙරුසලම ගැනද ඔවුන්ගෙන් විචාළෙමි.

3. ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.

4. මම ඒ වචන ඇසූ කල හිඳගෙන අඬා, කීප දවසක් වැලපී නිරාහාරව සිට, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤාකෙළෙමි:

5. අහෝ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකරමින් ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයානකවූ දෙවියන්වහන්ස,

6. ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධව කළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව.

7. අපි ඔබට විරුද්ධව ඉතා දූෂ්‍ය ලෙස ක්‍රියාකෙළෙමුව, ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ ආඥාද පනත්ද විනිශ්චයන්ද රක්ෂානොකෙළෙමුව.

8. අහෝ ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ දෙය සිහිකළ මැනව. එනම්: ඔබ සැම ද්‍රෝහිකම්කළොත් මම ඔබ සැම ජාතීන් අතරේ විසුරුවන්නෙමි.

9. එහෙත් ඔබ සැම මා වෙතට හැරී, මාගේ ආඥා රක්ෂාකරමින්, ඒවා ඉෂ්ටකළොත්, ඔබ සැමගෙන් සමහරෙක් පන්නාදමනු ලැබ අහසේ කෙළවර සිටියත්, මම ඔවුන් එතැනින් රැස්කර, මාගේ නාමය පිහිටුවන්ට මා විසින් තෝරාගත් ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමියි ඔබ කීසේක.

10. මොව්හු වනාහි ඔබගේ මහත් බලයෙන්ද බලවත් හස්තයෙන්ද ඔබ විසින් මුදාගත් ඔබගේ මෙහෙකරුවන් හා සෙනඟත්ය.

11. අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.

About නෙහෙමියා Chapter 1

Read නෙහෙමියා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of නෙහෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නෙහෙමියා
Chapter: 1
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නෙහෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නෙහෙමියා Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නෙහෙමියා Chapter 1?

නෙහෙමියා Chapter 1 is part of the Book of නෙහෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නෙහෙමියා Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from නෙහෙමියා

  1. නෙහෙමියා Chapter 12
  2. නෙහෙමියා Chapter 8
  3. නෙහෙමියා Chapter 13
  4. නෙහෙමියා Chapter 9
  5. නෙහෙමියා Chapter 6
  6. නෙහෙමියා Chapter 3
  7. නෙහෙමියා Chapter 7

Explore More from පැරණි ගිවිසුම

  1. සෙකරියා Chapter 3
  2. යෙරෙමියා Chapter 34
  3. උත්පත්ති Chapter 33
  4. ගණන් කථාව Chapter 24
  5. හොෂෙයා Chapter 1
  6. ලෙවී කථාව Chapter 24
  7. නික්මයාම Chapter 20

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 1
  2. 1 ලේකම් Chapter 18
  3. හබක්කුක් Chapter 3
  4. මීකා Chapter 3
  5. පිලෙමොන් Chapter 1
  6. යෙරෙමියා Chapter 8
  7. රූත්ගේ කථාව Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *