Read නෙහෙමියා Chapter 11 Online
Read නෙහෙමියා Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of නෙහෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නෙහෙමියා and the Holy Bible online.
Choose a Chapter
නෙහෙමියා 11
පරිච්ඡේදය 11
1. තවද සෙනඟගේ අධිපතීහු යෙරුසලමෙහි වාසයකළෝය. අනික් සෙනඟ තමුන් අතරෙන් දසදෙනෙකුගෙන් එක්කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන යෙරුසලමෙහි වාසයකිරීමට එවන පිණිස පසඇට දැමුවෝය, නව කොටසක් අනික් නුවරවල වාසයකළෝය.
2. යෙරුසලමෙහි වාසයකිරීමට කැමැත්තෙන්ම ආවාවූ සියලු මනුෂ්‍යයන්ට සෙනඟ ආශීර්වාදකළෝය.
3. යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසයකළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය.
4. යූදා පුත්‍රයන්ගෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගෙන්ද සමහරෙක් යෙරුසලමෙහි වාසයකළෝය. යූදා පුත්‍රයන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මහලලේල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත්‍රවූ අතායාය.
5. ෂිලොනියයාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යෝබාරීබ්ගේ පුත්‍රවූ අදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත්‍රවූ කොල්හොසෙක්ගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත්‍රවූ මයසේයාය.
6. යෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයෝ නම් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅට දෙනෙක්ය.
7. බෙන්යමින්ගේ පුත්‍රයෝ නම් යෙෂායාගේ පුත්‍රවූ ඊතියෙල්ගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ කෝලායාගේ පුත්‍රයා වන පෙදායාගේ පුත්‍රවූ යෝවෙද්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ සල්ලුය.
8. ඔහු ළඟට ගබ්බයි සහ සල්ලයි ආදිවූ නවසිය විසිඅට දෙනෙක්ය.
9. සික්රීගේ පුත්‍රවූ යෝවෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය. හස්සෙනුවාගේ පුත්‍රවූ යූදාතෙම නුවර කෙරෙහි දෙවෙනියාව සිටියේය.
10. පූජකයන්ගෙන් යෝයාරීබ්ගේ පුත්‍රවූ යෙදායාද, යාකීන්ද,
11. දෙවියන්වහන්සේගේ ගෘහයෙහි අධිපතියාවූ අහිටූබ්ගේ පුත්‍රවූ මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත්‍රවූ සෙරායාද,
12. ගෘහයේ වැඩපළ කළාවූ ඔවුන්ගේ සහෝදරයන් අටසිය විසි දෙදෙනෙක්ද, මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර්ගේ පුත්‍රයා වන සෙකරියාගේ පුත්‍රවූ අම්ශීගේ පුත්‍රයා වන පෙලලියාගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන අදායාද,
13. පියවංශවල ප්‍රධානීන් වන ඔහුගේ සහෝදරයන් දෙසිය හතළිස් දෙදෙනෙක්ද, ඉම්මෙර්ගේ පුත්‍රවූ මෙෂිල්ලේමොත්ගේ පුත්‍රයා වන අඃසයිගේ පුත්‍රවූ අසරේල්ගේ පුත්‍රයා වන අමෂ්සයිද,
14. බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්වූ ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅට දෙනෙක්ද යන මොව්හුය. හග්ගෙදෝලීම්ගේ පුත්‍රවූ සබ්දීයෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය.
15. ලෙවීවරුන්ගෙන් බුන්නීගේ පුත්‍රවූ හෂබියාගේ පුත්‍රයා වන අස්රීකාම්ගේ පුත්‍රවූ හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායාද,
16. ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන් දෙවියන්වහන්සේගේ ගෘහයේ පිටත කාරණා බලාගත්තාවූ ෂබ්බෙතයිද යෝසාබාද්ද;
17. යාච්ඤාවේදී ස්තුතිදීම පටන්ගැනීමට ප්‍රධානියාව සිටියාවූ ආසාප්ගේ පුත්‍රයා වන සබ්දීගේ පුත්‍රවූ මීකාගේ පුත්‍රයා වන මත්තනියාද, ඔහුගේ සහෝදරයන් අතරේ දෙවෙනියාවූ බක්බුකියාද, යෙදූතුන්ගේ පුත්‍රවූ ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත්‍රවූ අබ්දාද යන මොව්හුය.
18. ශුද්ධ නුවර සිටිය සියලු ලෙවීවරු දෙසිය අසූ හතර දෙනෙක්ය.
19. තවද දොරටු රැකවල්කළාවූ අක්කූබ්ද ටල්මොන්ද ඔවුන්ගේ සහෝදරයෝවූ දොරටුපාලයෝද එකසිය හැත්තෑ දෙදෙනෙක්ය.
20. අනික් ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද යූදාහි සියලු නුවරවල එකිනෙකා තම තමාගේ උරුම භූමියෙහි සිටියෝය.
21. නුමුත් නෙතිනීම්වරු ඕපෙල්හි වාසයකළෝය. ශීහාද ගිෂ්පාද නෙතිනීම්වරුන්ට ප්‍රධානියෝව සිටියෝය.
22. යෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ මුලාදෑනියා නම් ගීතිකාකාරයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මීකාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත්‍රවූ බානීගේ පුත්‍රයා වන උස්සීය; ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩපළ කෙරෙහි පත්ව සිටියේය.
23. මක්නිසාද ගීතිකාකාරයන් ගැන රජුගේ ආඥාවක් තිබුණේය, ඔවුන් උදෙසා දවස්පතා උවමනාවූ කොටසක්ද නියමකර තිබුණේය.
24. යූදාගේ පුත්‍රයා වන සෙරාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මෙෂශෙබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේය.
25. ගම් සහ ඒවායේ කෙත් ගැන වනාහි යූදා පුත්‍රයන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා සහ ඒකේ ගම්වලද, දීබොන්හි සහ ඒකේ ගම්වලද, යෙකබ්සෙයෙල්හි සහ ඒකේ ගම්වලද;
26. යේෂුවාහිද මොලාදාහිද බෙත්පෙලෙට්හිද;
27. හශර්ෂුවාල්හිද බෙයෙර්-ෂබොහි සහ ඒකේ ගම්වලද;
28. ශික්ලග්හිද මෙකොනාහි සහ ඒකේ ගම්වලද;
29. ඒන්-රිම්මෝන්හිද ශොරාහිද යර්මූත්හිද;
30. සානොවාහිද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වලද, ලාකීෂ්හි සහ ඒකේ කෙත්වලද, අසේකාහි සහ ඒකේ ගම්වලද විසුවෝය. මෙසේ ඔව්හු බෙයෙර්-ෂබො සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝය.
31. බෙන්යමින්ගේ පුත්‍රයෝත් ගෙබා සිට මික්මාෂ්හිද අයියාහිද බෙතෙල්හිද ඒවායේ ගම්වලද;
32. අනාතෝත්හිද නොබ්හිද අනනියාහිද;
33. හාශොර්හිද රාමාහිද ගිත්තයිම්හිද;
34. හාදීද්හිද ශෙබෝ-යිම්හිද නෙබල්ලාට්හිද;
35. කර්මාන්තකාරයන්ගේ මිටියාවෙත් තිබෙන ලොද්හිද ඕනෝහිද විසුවෝය.
36. ලෙවීවරුන්ගෙන්ද යූදාහි සමහර පංක්ති බෙන්යමින්හි සිටියෝය.
About නෙහෙමියා Chapter 11
Read නෙහෙමියා Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of නෙහෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නෙහෙමියා
Chapter: 11
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නෙහෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නෙහෙමියා Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නෙහෙමියා Chapter 11?
නෙහෙමියා Chapter 11 is part of the Book of නෙහෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නෙහෙමියා Chapter 11 online for free with easy chapter navigation.
More Chapters from නෙහෙමියා
- නෙහෙමියා Chapter 13
- නෙහෙමියා Chapter 12
- නෙහෙමියා Chapter 6
- නෙහෙමියා Chapter 9
- නෙහෙමියා Chapter 8
- නෙහෙමියා Chapter 3
- නෙහෙමියා Chapter 1
Explore More from පැරණි ගිවිසුම
- 2 රාජාවලිය Chapter 20
- ගීතාවලිය Chapter 63
- දේශනාකාරයා Chapter 1
- එසකියෙල් Chapter 18
- උත්පත්ති Chapter 36
- ගීතාවලිය Chapter 86
- 1 සාමුවෙල් Chapter 18