Read නෙහෙමියා Chapter 7 Online
Read නෙහෙමියා Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of නෙහෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නෙහෙමියා and the Holy Bible online.
Choose a Chapter
නෙහෙමියා 7
පරිච්ඡේදය 7
1. පවුර ගොඩනැගුවායින් පසු මම දොරවල් පිහිටෙවුවෙමි, දොරටුපාලයෝද ගායනාකාරයෝද ලෙවීවරුද පත්කරනු ලැබුවෝය.
2. තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය.
3. මම ඔවුන්ට කථාකොට: අව්ව සැරවෙන තුරු යෙරුසලමේ දොරවල් අරින්ට නොදෙන්න; ඔවුන් මුරකරන අතරම දොරවල් වසා පොලු දමන්ට යෙදේවා. යෙරුසලමේ වැසියන්ගෙන් මුරකාරයන් එක් එක් කෙනා වශයෙන් තම තමාගේ ගෙය ඉදිරිපිට මුරට සිටුවන්නැයි කීවෙමි.
4. නුවර විශාලව මහත්ව තිබුණාය. නුමුත් එහි සිටි සෙනඟ ස්වල්පය, ගෙවල් ගොඩනඟා තිබුණෙත් නැත.
5. පෙළපත් වශයෙන් ගණන් කරන පිණිස උත්තමයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිත පෙළෙඹවුසේක. පළමුවෙන්ම ආ අයින්ගේ පෙළපත් ලේඛනය මට සම්බවිය,
6. එහි ලියා තිබුණේ මෙසේය: බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් ගෙනගිය අයින්ගෙන් වාල්කමෙන් මිදී යෙරුසලමටත් යූදාහි තම තමුන්ගේ නුවරවලටත්
7. සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද අසරියාද රයමියාද නහමානීද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පෙරෙත්ද බිග්වායිද නෙහූම්ද බානාද සමඟ හැරී ආවාවූ දේශයේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්‍රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:
8. පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑ දෙදෙනෙක්ය.
9. ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑ දෙදෙනෙක්ය.
10. ආරාගේ පුත්‍රයෝ හසිය පනස් දෙදෙනෙක්ය.
11. පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයන් දෙදාස් අටසිය දහඅට දෙනෙක්ය.
12. ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතර දෙනෙක්ය.
13. සට්ටුගේ පුත්‍රයෝ අටසිය හතළිස්පස් දෙනෙක්ය.
14. සක්කයිගේ පුත්‍රයෝ හත්සිය හැට දෙනෙක්ය.
15. බින්නුයිගේ පුත්‍රයෝ හසිය හතළිස්අට දෙනෙක්ය.
16. බේබයිගේ පුත්‍රයෝ හසිය විසිඅට දෙනෙක්ය.
17. අස්ගාද්ගේ පුත්‍රයෝ දෙදාස් තුන්සිය විසි දෙදෙනෙක්ය.
18. අදොනිකාම්ගේ පුත්‍රයෝ හසිය හැටහත් දෙනෙක්ය.
19. බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් හැටහත් දෙනෙක්ය.
20. ආදීන්ගේ පුත්‍රයෝ හසිය පනස්පස් දෙනෙක්ය.
21. හෙසකියාගේ වංශයට අයිතිවූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅට දෙනෙක්ය.
22. හාෂුම්ගේ පුත්‍රයෝ තුන්සිය විසිඅට දෙනෙක්ය.
23. බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිහතර දෙනෙක්ය.
24. හාරීප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය.
25. ගිබියොන්හි පුත්‍රයෝ අනූපස් දෙනෙක්ය.
26. බෙත්-ලෙහෙමේ සහ නොටොපාහි මනුෂ්‍යයෝ එකසිය අසූඅට දෙනෙක්ය.
27. අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅට දෙනෙක්ය.
28. බෙත්-අස්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස් දෙදෙනෙක්ය.
29. කිරියත්-යෙයාරීම්හිද කෙපීරාහිද බෙයේ-රොත්හිද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන් දෙනෙක්ය.
30. රාමාහිත් ගෙබාහිත් මනුෂ්‍යයෝ හසිය විසිඑක් දෙනෙක්ය.
31. මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසි දෙදෙනෙක්ය.
32. බෙතෙල්හිද හායිහිද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක්ය.
33. අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස් දෙදෙනෙක්ය.
34. අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.
35. හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසි දෙනෙක්ය.
36. යෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස් දෙනෙක්ය.
37. ලොද්හිද හාදිද්හිද ඕනෝහිද පුත්‍රයෝ හත්සිය විසිඑක් දෙනෙක්ය.
38. සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් නවසිය තිස් දෙනෙක්ය.
39. පූජකයෝ නම්: යේෂුවාගේ වංශයේ යෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන් දෙනෙක්ය.
40. ඉම්මේර්ගේ පුත්‍රයෝ එක්දාස් පනස් දෙදෙනෙක්ය.
41. පෂ්හූර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත් දෙනෙක්ය.
42. හාරීම්ගේ පුත්‍රයේ එක්දාස් දහහත් දෙනෙක්ය.
43. ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙක්වූ කද්මීයෙල්ගෙන් පැවත ආවාවූ යේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතර දෙනෙක්ය.
44. ගීතිකාකාරයෝවූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය හතළිස්අට දෙනෙක්ය.
45. දොරටුපාලයෝවූ ෂල්ලුම්ගේ පුත්‍රයෝද ආටෙර්ගේ පුත්‍රයෝද ටල්මොන්ගේ පුත්‍රයෝද අක්කුබ්ගේ පුත්‍රයෝද හටීටාගේ පුත්‍රයෝද ෂෝබයිගේ පුත්‍රයෝද එකසිය තිස්අට දෙනෙක්ය.
46. නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝය, හසුපාගේ පුත්‍රයෝය, ටබ්බාවොත්ගේ පුත්‍රයෝය;
47. කෙරොස්ගේ පුත්‍රයෝය, සියාගේ පුත්‍රයෝය, පාදොන්ගේ පුත්‍රයෝය;
48. ලෙබානාගේ පුත්‍රයෝය, හගාබාගේ පුත්‍රයෝය, සල්මයිගේ පුත්‍රයෝය;
49. හානාන්ගේ පුත්‍රයෝය, ගිද්දෙල්ගේ පුත්‍රයෝය, ගහර්ගේ පුත්‍රයෝය;
50. රෙයායාගේ පුත්‍රයෝය, රෙශීන්ගේ පුත්‍රයෝය, නෙකෝදාගේ පුත්‍රයෝය;
51. ගස්සාම්ගේ පුත්‍රයෝය, උස්සාගේ පුත්‍රයෝය, පාසේයාගේ පුත්‍රයෝය;
52. බේසයිගේ පුත්‍රයෝය, මේයූනීම්ගේ පුත්‍රයෝය, නෙපූෂෙසිම්ගේ පුත්‍රයෝය;
53. බක්බූක්ගේ පුත්‍රයෝය; හකූපාගේ පුත්‍රයෝය, හර්හූර්ගේ පුත්‍රයෝය;
54. බශ්ලීත්ගේ පුත්‍රයෝය, මෙහිදාගේ පුත්‍රයෝය, හර්ෂාගේ පුත්‍රයෝය.
55. බර්කොස්ගේ පුත්‍රයෝය, සීසෙරාගේ පුත්‍රයෝය, තෙමාගේ පුත්‍රයෝය;
56. නෙශියාගේ පුත්‍රයෝය, හටීපාගේ පුත්‍රයෝය.
57. සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝය, සොපෙරෙත්ගේ පුත්‍රයෝය, පෙරීදාගේ පුත්‍රයෝය;
58. යයලාගේ පුත්‍රයෝය, දර්කොන්ගේ පුත්‍රයෝය, ගිද්දෙල්ගේ පුත්‍රයෝය;
59. ෂෙපටියාගේ පුත්‍රයෝය, හට්ටිල්ගේ පුත්‍රයෝය, පොකෙරෙත්හශ්ෂෙබායිම්ගේ පුත්‍රයෝය, ආමොන්ගේ පුත්‍රයෝය.
60. නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.
61. තෙල්-මෙලෙහෙන්ද තේල්-හර්ෂායෙන්ද කෙරුබෙන්ද අද්දෝනෙන්ද ඉම්මේරෙන්ද ආවාවූ, තමුන් ඉශ්‍රායෙල්වරුන් බවට තමුන්ගේ පියවංශයත් තමුන්ගේ පෙළපතත් පෙන්වන්ට බැරිවූ අය නම්:
62. දෙලායාගේ පුත්‍රයොත් ටෝබියාගේ පුත්‍රයොත් නෙකෝදාගේ පුත්‍රයොත් හසිය හතළිස් දෙදෙනෙක්ය.
63. පූජකයන්ගෙන් හෝබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සියල්ලයිගේ පුත්‍රයොත්ය.
64. මොව්හු නාම සටහන්වූ තමුන්ගේ පෙළපත් ලේඛනය සෙවු නුමුත් සම්බනූණ බැවින් අපවිත්‍ර අය මෙන් ගණන්ගන්නාලදුව පූජකකමෙන් අහක්කරනු ලැබුවෝය.
65. ඌරීම්. සහ තුම්මීම් ඇති පූජකයෙක් නැගිටින තුරු ඔවුන් විසින් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතු යයි තිර්ෂාතා. තෙමේ ඔවුන්ට කීවේය.
66. මුළු සභාවේ ගණන නම් හතළිස් දෙදාස් තුන්සිය හැටක්ය.
67. ඒ ඇර ඔවුන්ගේ වැඩකාරයොත් වැඩකාරියොත් හත්දාස් තිස්හත් දෙනෙක්වූවෝය. ඔවුන් අතරේ ගී කියන පුරුෂයොත් ගී කියන ස්ත්‍රීවරුත් දෙසිය හතළිස්පස් දෙනෙක් සිටියෝය.
68. ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස් හදෙනෙක්ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස් දෙනෙක්ය.
69. ඔටුවෝ හාරසිය තිස්පස් දෙනෙක්ය; කොටළුවෝ හදාස් හත්සිය විසි දෙනෙක්ය.
70. තවද පියවංශවල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩේට දායකවුණෝය. තිර්ෂාතා. රන් දරික් මිල දහසකුත් පාත්‍රා පනසකුත් පූජක-ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේය.
71. පියවංශවල ප්‍රධානීන්ගෙන් සමහරු රන් දරික් මිල විසිදහසකුත් රිදී රාත්තල් දෙදාස් දෙසියයකුත් වැඩ-ගබඩාවට දුන්නෝය.
72. සෙනඟගෙන් ඉතිරි අය දුන්නේ රන් දරික් මිල විසි දහසකුත් රිදී රාත්තල් දෙදහසකුත් පූජක-ඇඳුම් හැට හතකුත්ය.
73. මෙසේ පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගායනාකාරයෝද සෙනඟගෙන් සමහරුද නෙතිනීම්වරුද සියලු ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ නුවරවල විසුවෝය.
About නෙහෙමියා Chapter 7
Read නෙහෙමියා Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of නෙහෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නෙහෙමියා
Chapter: 7
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නෙහෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නෙහෙමියා Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නෙහෙමියා Chapter 7?
නෙහෙමියා Chapter 7 is part of the Book of නෙහෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නෙහෙමියා Chapter 7 online for free with easy chapter navigation.
More Chapters from නෙහෙමියා
- නෙහෙමියා Chapter 12
- නෙහෙමියා Chapter 8
- නෙහෙමියා Chapter 13
- නෙහෙමියා Chapter 9
- නෙහෙමියා Chapter 6
- නෙහෙමියා Chapter 3
- නෙහෙමියා Chapter 5
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 27
- යෙසායා Chapter 34
- විනිශ්චයකාරයන් Chapter 17
- විනිශ්චයකාරයන් Chapter 13
- උත්පත්ති Chapter 36
- යෙරෙමියා Chapter 48
- ලෙවී කථාව Chapter 1