Read දානියෙල් Chapter 3 Online
Read දානියෙල් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of දානියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of දානියෙල් and the Holy Bible online.
Choose a Chapter
දානියෙල් 3
පරිච්ඡේදය 3
1. නෙබුකද්නෙශර් රජ රියන් හැටක් උසද රියන් හයක් පළලද ඇති රන් රූපයක් සාදා, බබිලෝනි පළාතේ දූරා සමභූමියෙහි පිහිටෙවුවේය.
2. තවද නෙබුකද්නෙශර් රජ තමා විසින් පිහිටෙවු රූපය කැපකිරීමට එන හැටියට කියා ඇර, දිසාපතීන්ද අධිපතීන්ද ආණ්ඩුකාරයන්ද විනිශ්චයකාරයන්ද භාණ්ඩාගාරිකයන්ද මන්ත්‍රීවරුන්ද නීතිඥයන්ද පළාත්වල සියලු මුලාදෑනියෝද රැස්කෙරෙවුවේය.
3. එවිට දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද විනිශ්චයකාරයෝද භාණ්ඩාගාරිකයෝද මන්ත්‍රීවරුද නීතිඥයෝද පළාත්වල සියලු මුලාදෑනියෝද නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රූපය කැපකිරීමට රැස්වී, නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රූපය ඉදිරියෙහි සිටියෝය.
4. එකල ප්‍රකාශකයා කෑමොරගසා: ජනයෙනි, ජාතීනි, භාෂාවෙනි,
5. හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටී, නෙබුකද්නෙශර් රජ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්ට නුඹලාට අණකරනලද්දේය.
6. බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් එවේලෙහිම ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේයයි කීවේය.
7. එබැවින් සියලු ජනයන්ට හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය ඇසුණු වේලාවේ සියලු ජනයෝද ජාතීහුද භාෂාවෝද බිම වැටී, නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රන් රූපයට නමස්කාර කළෝය.
8. එබැවින් ඒ කාලයේ සමහර කල්දි මනුෂ්‍යයෝ ළංවී යුදෙව්වරුන්ට වරද තැබුවෝය.
9. ඔව්හු නෙබුකද්නෙශර් රජුට කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා.
10. රජ්ජුරුවෙනි, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාරකරන හැටියටද,
11. බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන හැටියටද ඔබ අණක් පනවා තිබේ.
12. නුමුත් බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ඔබ විසින් පත්කළ යුදෙව් මනුෂ්‍යයන් වන ෂද්‍රක්ද මේෂක් ද අබේද්-නෙගෝද ඔබ නොසලකති. ඔවුන් ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැතැයි කීවෝය.
13. එකල න උදහසිනුත් කෝපයෙනුත් යුක්තව, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගෙනෙන්ට අණකෙළේය. එවිට ඔව්හු ඒ මනුෂ්‍යයන් රජු ඉදිරියට ගෙනාවෝය.
14. නෙබුකද්නෙශර් ඔවුන්ට කථාකොට: එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, නුඹලා මාගේ දෙවිවරුන්ට සේවය නොකොට, මා විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර නොකර සිටින්නේ අදහසක් පිටද?
15. ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.
16. ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත.
17. ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.
18. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය.
19. එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය.
20. තවද ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මනුෂ්‍යයන්ට අණකෙළේය.
21. එකල ඔව්හු ඒ මනුෂ්‍යයන් ඔවුන්ගේ පොරෝනද සැට්ටද සළුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ, ඇවිළෙන ගිනි උදුන මැදට හෙළූහ.
22. එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය.
23. ඒ මනුෂ්‍යයන් තුන් දෙනා වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඇවිළෙන ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය.
24. එකල නෙබුකද්නෙශර් රජ විස්මපත්වී, ඉක්මනින් නැගිට, තමාගේ මන්ත්‍රීවරුන්ට කථාකොට: අප විසින් මනුෂ්‍යයන් තුන්දෙනකු බැඳ ගින්නට හෙළුවා නොවේදැයි කීවේය. එසේය, රජ්ජුරුවෙනියි ඔව්හු රජුට උත්තරදෙමින් කීවෝය.
25. ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය.
26. එවිට නෙබුකද්නෙශර් ඇවිළෙන ගිනි උදුනේ දොරකඩට ළංවී: මහෝත්තම දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්නැයි කීවේය. එවිට ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය.
27. දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද රජුගේ මන්ත්‍රීවරුද රැස්ව, ඒ මනුෂ්‍යයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැවැත්වූ බවත් ඔවුන්ගේ ඉසකේවත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝන වෙනස්වෙලාවත් ගිනිගඳ ඔවුන්ට වැදීලාවත් නැති බවත් දුටුවෝය.
28. නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක.
29. එබැවින් ෂද්‍රක්-ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.
30. එකල රජ ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද බබිලෝනි පළාතෙහි උත්තමයන් කෙළේය.
About දානියෙල් Chapter 3
Read දානියෙල් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of දානියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: දානියෙල්
Chapter: 3
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading දානියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
- 📱 Hindi Android Bible App
- 📱 Hindi Christian Songs from waytochurch
- 📖 Read on Malayalam Christian Songs – madely
Continue Reading the Bible
Continue reading දානියෙල් Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is දානියෙල් Chapter 3?
දානියෙල් Chapter 3 is part of the Book of දානියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete දානියෙල් Chapter 3 online for free with easy chapter navigation.
More Chapters from දානියෙල්
- දානියෙල් Chapter 1
- දානියෙල් Chapter 7
- දානියෙල් Chapter 12
- දානියෙල් Chapter 11
- දානියෙල් Chapter 5
- දානියෙල් Chapter 10
- දානියෙල් Chapter 8
Explore More from පැරණි ගිවිසුම
- එසකියෙල් Chapter 13
- ගීතාවලිය Chapter 116
- සෙකරියා Chapter 1
- යෝෂුවා Chapter 12
- උත්පත්ති Chapter 42
- උත්පත්ති Chapter 29
- ලෙවී කථාව Chapter 19